Manhunt [S01 : E01]| ට්විකෙන්හම් පිට්ටනියෙන් ඇරඹි මිනිස් දඩයම..

වර්තමානය වන විට සමස්ත ලෝකයේම ගත්තත් දෛනිකව සිද්දවෙන ඝාතන ප්‍රමාණය අතිමහත් ප්‍රමාණයක් බව ඔබත් මමත් අප සැවොම හොදින් දන්නා කරුණක්. අඩදබර, ව්‍යාපාර කෝන්තර, පෙම් පලහිලව් වැනි එකී මෙකී විවිධ හේතු කාරණා නිසාවෙන් වර්තමාන ලෝකයේ මිනිස් ඝාතන දෛනිකව සිද්ද වෙනවා. ඒ අතරින් අහිංසක තරුණියන්/ කාන්තාවන් පිරිමින්ගේ ගොදුරු බවට පත්වීමද සුලබව දක්නට ලැබෙනවා. ඇතැම්විට එලෙස ගොදුරු බවට පත් වන්නන් මිය යන්නේ කිසිදු වරදක් නිසාවෙන් නොව වැරදි වෙලාවක වැරදි ස්ථානයක සිටීමේ අනිසි ප්‍රතිපලයක් ලෙසයි.

දැන් මං කියන්න යන්නෙත් ඒ විදිහට කිසිදු හේතු කාරනාවක් නොමැතිව අමානුෂික ලෙස කුරුරි ම්ලේච්ඡයෙකුගේ හස්තයෙන් මියගිය කාන්තාවන් තිදෙනෙක් පිළිබද සත්‍ය කතා පුවතක්. මේ සිදුවීම් පෙළ වාර්තා වන්නේ හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ප්‍රකටව ඇති මහා බ්‍රිතාන්‍යයෙ. දැන් ඔහෙලා බලනවා ඇති මුළු ලෝකෙම ප්‍රසිද්ධව හෝ අප්‍රසිද්ධව මෙවන් සිදුවීම් රැසක් සිද්දවෙන කොට මේක විතරක් විශේෂ වෙන්නේ ඇයි කියලා. කතාවේ ඇත්ත සිද්ධිය ඇහුවට පස්සෙ ඔබටම ඒක තේරුම් යාවි කියලා හිතනවා.

2004 වර්ෂයේ අගෝස්තු 19වැනිදා සමස්ත බ්‍රිතාන්‍යයම විශේෂයෙන්ම දකුණු ලන්ඩනය බියට පත් වන පුවතක් වාර්තා වෙනවා. ඒ දකුණු ලන්ඩනයේ ට්විකෙන්හම් නම් ජනාකීර්ණ ප්‍රදේශයක ප්‍රංශ ජාතික තරුණියක් එළිමහන් පිට්ටනියක ඝාතනය වී තිබීමයි.

Amelie Delagrange, 22 year Old

2004 අගෝස්තු 19වැනි දින ඝාතනයට ලක් වන විට ඇමෙලි ඩෙලග්‍රාන්ජ් සිය අධ්‍යාපනය පිණිස බ්‍රිතාන්‍යය වෙත පැමිණ ගත කර තිබුනේ මාස තුනක් තරම් කෙටි කාලයක් පමණි. ඇය රිච්මන්ඩ්හි පිහිටි කැවිලි සාප්පුවක රැකියාව කර තිබෙනවා. එසේම එක්සත් රාජධානිය තුළ ඇයට සමීප මිතුරන් කීප දෙනකු සහ පෙම්වතෙකු සිටි බවටද සදහන් වෙනවා.

ඇමෙලිගේ මිනීමැරුම පිළිබදව විමර්ශනය කිරීමේ බාරදූර කර්තව්‍යය පැවරෙන්නේDetective Chief Inspector Colin Sutton වෙතයි.

දකුණු පස සැබෑ Colin Sutton සහ වම්පස කතාමාලාවේ කොලින් සටන් චාරිතයට පණ පොවන martin Clunes

කොලින් සටන් ඇමෙලිගේ ඝාතනය ගැන විමර්ශනය කරගෙන යනවිට අනාවරණය වූයේ ඇයගේ මරණය සිදු වූ දා රාත්‍රියේ ඇය තම බස් නැවතුම වැරදීම හේතුවෙන් ට්විකෙන්හම් පිට්ටනිය හරහා යන්නට ආ බවයි. එසේ යන අතරමගදී තමයි ඝාතකයා විසින් ඇයගේ හිසට මිටියකින් පහර දෙන්නේ. පරීක්ෂක කොලින් ඇමෙලිගේ ඝාතනය ගැන සෙවීමට විශේෂයෙන්ම උපයෝගී කරගන්නේ CCTV දර්ශනයි.

ඇමෙලි ඩෙලග්‍රාන්ජ් බස් රථයට ගොඩ වන ආකාරය

බස් රථයේ CCTV දර්ශනවලින් සහ බස් රථයේ රියදුරුගෙන් දැනගත් තොරතුරු අනුව ක්‍රියාත්මක වෙන කොලින් සටන් එම ප්‍රදේශයේ ඇති සියලුම CCTV පරික්ෂා කිරීමට සිය කණ්ඩායමේ පරීක්ෂකවරු විශාල පිරිසක් යොදවන්නෙ සිය කණ්ඩායම තුළින්ම පැන නගින ගැටළුටලටද මුහුණ දෙමිනුයි. විශේෂයෙන්ම පරීක්ෂකවරු විසින් පැය 2000ක පමණ ධාවන කාලයකට අයත් CCTV දර්ශන පරික්ෂා කළ බව සදහන් වෙනවා. එසේ පරික්ෂා කිරීමේදී බස් රථවල බාහිර කැමරා තුළින් දැකගන්නට ලැබෙනවා ඇමෙලිගේ මරණයට මොහොතකට පෙර සුදු වෑන් රථයක් පිට්ටනිය වෙත පැමිණෙන ආකාරයත් පසුව ඇයගේ මරණය සිදු වී විනාඩි 8කට පසුව එම වාහනය පිටත්ව යනවා.

පසුව එවන් වාහන 26000කට අධික ප්‍රමාණයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ට සැකකරුවෙක් ලැබෙනවා. එනම් Levi Bellfield යන පුද්ගලයා.

කෙසේ වෙතත් ඇමෙලිගේ මරණය ගැන හෝඩුවාවන් සොයාගෙන යද්දී එය බොහෝ සෙයින් ඊට වසරකට පමණ ඉහත සිදු වූ Marsha McDonnel තරුණියගේ මරණයටත් බොහෝ සෙයින් සමානකමක් දක්වනවා.

Marsha McDonnell

ඇමෙලිගේ ඝාතනය වීමට පෙර වසරේ පෙබරවාරි 4වැනි දින තමයි සිය පාසල් දිවිය නිමා කර විශ්වවිද්‍යාල අධ්‍යාපනය උදෙසා ඔස්ට්‍රේලියාව බලා යාමේ අපේක්ෂාවෙන් පසු වූ 19 හැවිරිදි මාෂා ඝාතනය වන්නේ. ඇයගේ ඝාතනය සිදු වූ තිබුනෙත් මිටියකින් පහර දීමෙන්. කෙසේ වෙතත් එම ඝාතනයට පොලිසිය ඒ වන විටත් සැකකරුවෙකු අල්ලාගෙන තිබුනා. එනමුත් ඇමෙලිගේ මරණයත් සමගින් එය දාම මිනීමරුවෙකුගේ ක්‍රියාවක්ද යන්න සමාජයේ ප්‍රශ්නයට ලක් වෙනවා.

එසේම එය යොමු වෙනවා 2002 වර්ෂයේ මාර්තු මස සිදු වූ 13හැවිරිදි Milly Dowler ඝාතනය වෙතත්.

Milly Dowler, 13 years old

ඇය මිය යන විට සරේ ප්‍රාන්තයේ Weybridgeහි Heathside පාසලේ 9වැනි වසරේ ශිෂ්‍යාවක්. එසේම ඇය තම මව පියා සහ සොයුරිය සමගින් පදිංචිව සිට ඇත්තේ වෝල්ටන් පාක් අසළයි.

2004 නොවැම්බර් මාසයේදී ඇමෙලි ඩෙලග්‍රාන්ජ් සහ මාෂා මැක්ඩොනෙල් දෙදෙනාගේ ඝාතකයා වූ Levi Bellfield යන පුද්ගලයාව ඔහුගේ නිවසේ සැගව සිටියදී අත්අඩංගුවට ගනු ලබනවා.

Levi Bellfield

අත්අඩංගුවට ගැනීමෙන් පසුව 2008 පෙබරවාරි 28වන දින ඔහු ඇමෙලි ඩෙලග්‍රාන්ජ් සහ මාෂා මැක්ඩොනෙල්ගෙ ඝාතනයන්ට සහ Kate Sheedy නම් තරුණියක් මරා දැමීමට උත්සහ දැරීමේ වරදට වරදකරු වෙනවා. ඒ සදහා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වෙනවා. එසේම 2011 වර්ෂයේදී Milly Dowlerඝාතනය සම්බන්ධයෙන්ද වරදකරු වෙන ඔහුට තවත් ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම වෙනවා. ඒ අනුව මේ කෘර ඝාතකයා කිසිදා හිරෙන් නිදහස් නොවෙනු ඇත. එසේම පසු කාලයක ඔහු තම නම Yusuf rahim ලෙස වෙනස් කරගෙන තිබෙනවා.

හොදයි එහෙමනම් ඔන්න Manhunt ටීවී කතාමාලාව පිටුපස තිබෙන සත්‍ය කතාව ඔයාලා දැන් දන්නවා. කාටහරි වැඩිදුර තොරතුරු අවශ්‍යනම් වෙබ් පිටුව කියවන්න.

Manhunt කතාමාලාව 2019 වර්ෂයේ බ්‍රිතාන්‍ය ITV නාළිකාවේ විකාශය ආරම්භ කළ අතර සමස්ත කතාමාලාව කොටස් ත්‍රිත්වයකින් සමන්විත වෙනවා. එසේම මේ වන විට IMDB දර්ශකයේ 7.9ක අගයක් ලබාගෙන තිබෙනවා. එසේම අන්තර්ජාලය තුළ බොහෝ දෙනෙක්ගෙන් ධනාත්මක පැසසුම් ලබාගන්නටද සමත් වූ කතාවක් ලෙස හදුන්වන්න පුළුවන්.

කතාව ආරම්භ වන්නේ තරුණියක් පිට්ටනියක වැතිර සිටින දර්ශනයකින්. පසුව ඇයව රෝහල් ගත කිරීමෙන් පසුව ඇය දිවියෙන් සමු ගන්නවා.ට්විකෙන්හම් ප්‍රදේශයේ දෙනෝදාහක් ගැවසෙන ස්ථානයක මෙලෙස අභිරහස් ලෙස මියගිය තැනැත්තිය ඇමෙලි ඩෙලග්‍රාන්ජ් නම් ප්‍රංශ ජාතික තරුණියක්. ඉතින් ඇයගේ මේ අභිරහස් මරණය පිළිබදව DCI කොලින් සටන් ඇතුළු පරීක්ෂක කණ්ඩායම ගෙනියන විමර්ශනය ඔබට බලාගන්නට පුළුවන් වෙනවා.

එහෙමනම් සුරංගනා හා වීර කතාවලට වඩා වෙනස් ආරෙකට නිමවෙන සත්‍ය ලෝකයේ සත්‍ය වීරයෙකු විසින් තරුණියන් තිදෙනකු උදෙසා සාධාරණය ඉෂ්ට කරලීම උදෙසා බාධක කම්කටොලු මැදින් ගෙන ගිය සටනක සාක්ෂිකරුවන් වෙන්නයි විමර්ශනාත්මක අභිරහස් රහස් පරීක්ෂක කතා ප්‍රිය කරන බුද්ධිමත් ඔබ සැමට ආරාධනා කරනවා. ඔබ සැමට ජයෙන් ජය.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTVx264 | MTB | 240M|

Direct Download

| HDTVx264 | 480p | 140M|

| HDTVx264 | MTB| 240MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!