Antariksham 9000 kmph (2018) | අභ්‍යවකාශ සංග්‍රාමය…

Thriller/Fantasy/Sci-Fi/Adventure කාණ්ඩයට අයත් වෙන සුපිරි අභ්‍යවකාශය හා චන්ද්‍රිකා වලට සම්බන්ධ තෙලිඟු ෆිලුමටක තමයි මම අද මේ සබ් අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය නිකුත් වුනේ 2018 දෙසැම්බර් 21 වෙනිද.ඉන්දියානු රුපියල් කෝටි 25ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටය මුල් දින දෙක ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 15ක පමණ ආදායමක් ඉපැයීමට සමත් වෙලා තියෙනව. මේ ෆිල්ම් එකට හොද කොපියක් ආව ගමන් ඔන්න සබ් එක අරගෙන ආව. තෙලිඟු සිනමාවේ අභ්‍යවකාශ ජවනිකා සෘජුවම සම්බන්ධ වන පලමු සිනමා පටය බවට මෙම සිනමා පටය පත් වෙනව.

සුපිරි අභ්‍යවකාශ ජවනිකා රැසකින් සමන්විත මේ චිත්‍රපටයට IMDb මීටරේ මේ වනවිට 6.9ක් වශයෙන් කැරකිලා තියෙනව, The Ghazi Attack (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Sankalp Reddy විසින් තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය කරෙන්නෙ. Varun Tej සමගින් Aditi Rao HydariLavanya Tripathi මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනව. මීට අමතරව Satyadev Kancharana, Srinivas Avasarala, Rahman වගේ නළුවොත් රංගනයට දායක වෙලා තියෙනව.

කතාව පැත්තට හැරුනොත් ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් සන්නිවේදන චන්ද්‍රිකාවක් වෙන මිහිරා චන්ද්‍රිකාව හිටපු ගමන් දෝෂයක් හට ගන්නව, පස්සෙ ඒ චන්ද්‍රිකාව මෙයාලගෙ පාලනයෙන් තොර වෙනව, ඉතින් ඉකමනටම මෙයාලට මේකට විසඳුමක් අවශ්‍ය වෙනව. පුහුණුව සඳහා රුසියාවට යවල ඉන්න ගගනගාමීන් හතරදෙනාව ඉක්මනින් ඉන්දියාවට ගෙන්නන්න මෙයාල තීරණය කරනව. ඔන්න හතරදෙනා ආවයි කියමුකො, හැබැයි චන්ද්‍රිකාවෙ කේත වෙනස් කරන්න පුලුවන් කෙනෙක් මෙයාල ලඟ නැහැ, කලින් ඉඳල තියෙනව එයා තමයි දේව්(Varun). ඒත් ප්‍රශ්නයක් නිසා මෙයා මධ්‍යස්ථානය අතහැරල ගිහිල්ලයි ඉන්නෙ. මොනදේ කරන්නත් මධ්‍යස්ථානෙ කට්ටියට දේව්ව ගෙන්නගන්න වෙනව. මොකද මිහිරා චන්ද්‍රිකාව හදන්න තව කෙනෙක්ව පුහුණු කරන්න පුලුවන් එකම කෙනා දේව් වන නිසා. දේව්ව ගෙන්නගෙන එන වැඩේ බාර වෙන්න රියා, මෙයා දේව්ගෙ පරන යාලුවෙක්. රියා යනව දේව්ව ගෙන්නගෙන එන්න. මුලින් දේව් එන්න කැමති වෙන්නෙ නැහැ. ඒත් පස්සෙ කැමති වෙලා මෙයා කියනව එයාටත් අභ්‍යවකාශ යානයේ මිහිරා චන්ද්‍රිකාව අලුත්වැඩියාවට යන්න ඕන කියල. කොහොමෙන් කොහොමෙන් හරි දේව්, රියා, ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අභ්‍යවකාශයට යනව මිහිරාව අලුත්වැඩියා කරන්න. ඔතනින ඉදන් තමයි අභ්‍යවකාශ ජවනිකා පටන් ගන්නෙ, හරි මම වැඩිදුර විස්තර කරන්න යන්නෙ නැහැ. මෙතනින් එහාට කතාව ෆිල්ම් එක බලලම දැනගන්න. අවසානෙට කියන්නෙ තියෙන්නෙ සුපිරි කතාවක්, මඟහැර ගන්නෙ නැතුව බලන්න.

තවත් මේ වගේ සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | ESub | 690MB |

Direct Download

| HDRip | SD | x264 | 210MB |

| HDRip | Esub | x264 | 400MB |

| HDRip | ESub | x264 | 690MB |

| HDRip | 720p | x265 | 895MB |

| HDRip | 720p | x264 | 1.4GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Antariksham 9000 kmph (2018) | අභ්‍යවකාශ සංග්‍රාමය…

  • January 22, 2019 at 12:26 pm
    Permalink

    Thanks for subtitles &film

    Reply
  • February 2, 2019 at 1:53 pm
    Permalink

    Phir se 2015 ,yariyaan 2014,I am sam 2001 movie vala link denna ……………………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!