Padi Padi Leche Manasu (2018 ) | ආදරයම ජීවිතේ කරගන්නම්…

ලඟකදී ඉදන් මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා..
මං හිතන්නේ ඒකෙ රිද්මය අවුල් වෙලා..
වෙලාවකට ඒක වේගෙන් ස්පන්ධනය වෙනවා…
තවත් වෙලාවකට ඒක හෙමින් ස්පන්ධනය වෙනවා…
ඒක හරිම භයානක රෝගී තත්වයක්…
හරියටම වෛශාලිව දැකපු දවසේ ඉදන්…
මෙහෙම වෙනවා…ඔන්න කවුරුත් බලාගෙන හිටපු ඒ ලස්සන ආදර කතාව අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ කොල්ලන්ගේ ටීචර්, එහෙමත් නැත්නම් මලර් ටීචර් නොහොත් සායි පල්ලවී අක්කිගේ අලුත්ම තෙලුගු නිර්මාණය තමයි මේ දිග හැරෙන්නේ. Padi Padi Leche Manasu සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ ගිය වසරේ සිනමා ලෝලීන්ට ගත වූ ලස්සනම දවස වුනු දෙසැම්බර් 21 වැනිදා. ඒ සායි පල්ලවීගේම මාරි 2 ඇතුළු තවත් හොලිවුඩ්, බොලිවුඩ්, ටොලිවුඩ්, කොලිවුඩ් සිනමා නිර්මාණ රැසකට සමගාමිව. ඉතින් මෙහෙම තිරගතවීම ආරම්භ වෙලා ධනාත්මක විචාරක ප්‍රසාදය හා ආකර්ශනීය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ තිරගත වු අතර ඔන්න පහුගිය දවසක හදිසියේම අන්තර්ජාලයට හොඳ කොපියක් නිකුතු වී තිබුනා. ඉතින් දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔබ වෙත උපසිරැසිය අරගෙන එන්නට හැකිතාක් උත්සහ ගත්තද වෙනදාට වඩා ඉක්මනින් ගෙනෙන්නට නොහැකිවීම පිලිබඳ සමාව මුලින්ම ඉල්ලා හිටින්නම්. විශේෂයෙන්ම ආදර කතාවක් නිසා ටිකක් වෙලාව අරගත්තා. ලස්සනටම වැඩේ වෙන්න ඕන නිසා. ඉතින් ඔන්න එහෙනම් දිග අරිනවා..මං මුලින්ම කිව්වනේ ඉන්නේ කවුද කියලා දකුණු ඉන්දියානු සිනමාවේ මෑත කාලයේ ඇති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට සමත් වුනු සායි පල්ලවී තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හැඩ කරන්නේ. Premam 2015, Kali 2016, Fidaa 2017, Middle Class Abbayi 2017, Diya (2018), යනු සායි පල්ලවී රඟපෑ චිත්‍රපටි ලයිස්තුවයි. නම් දුටු පමණින් ඔබට තේරෙනවා ඇති ඇය රඟපෑ චිත්‍රපටි සියල්ලම කොතරම් ප්‍රේක්ෂක හද බැඳ තබාගෙන ඇති බවට. සමහරුන්ගේ පරිඝනක තුල මේ චිත්‍රපටි තවමත් නොමකා තබාගෙන තිබෙන බව විස්වාසයි. ඉතින් අමුතුවෙන් පවසන්නට දෙයක් නෑ ලොවෙත් අරගන්න කියල එකෙම්ම කියන්නේ මෙවන් ආදර කතාවක් ඔබට දකින්නට ලැබෙන්න බොහොම කලකින් නිසාවෙන්. පල්ලවී එක්ක ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Sharwanand විසින්. IMDB 6.6/10 අගයක් ලබාගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. බොහොම පොඩි බජට් එකකින් නිපදවුණු මේ චිත්‍රපටිය හොඳ අදායමක් උපයා ගනිමින් වසරේ තවත් සාර්ථක සිනමා නිර්මාණයක් වන්නට සමත් වෙලා තියෙනවා.සූර්යා නමැති තරුණ කොල්ලට දවසක් අහම්බෙන් ලස්සන කෙල්ලෙක් නෙත ගැටෙනවා. මෙයා වෛද්‍ය ශිෂ්‍යාවක්.නම වෛශාලි හරිම ලස්සනයි. ඉතින් ඒ ගෑණු ලමයව තමන්ගේ කරගන්න සූර්යා තීරණය කරනවා. නමුත් වැඩේ ලේසි වෙන්නේ නෑ. මෙයා උගත් බුද්ධිමත් ගෑණු ළමයෙක් නිසා දැලේ දාගන්න එක හරිම ගේමක්. ඉතින් කොහොමින් කොහොම හරි මෙයාගේ ආදරය වෛශාලිට දනවන්න උත්සහ කරනවා. වරක් දෙවරක් නෙවෙයි දිනපතා වෛශාලිට අලුතින් ආදරේ කරන්න සූර්යාට සිද්ධ වෙනවා. ඒ එක්තරා හේතුවක් නිසා. ඉතින් ඔතනින් එහාට පොඩි වචනයක් වත් කියන්න බෑ. චිත්‍රපටිය අරගෙනම ඉතිරිය රසවිඳින්න ආරාධනා කරනවා. ඒ වගේම ඔබේ අදහසුත් පහලින් එකතු කරන්න කියල ඉල්ලා හිටිනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Hanu Raghavapudi විසින්. නිෂ්පාදනය Prasad Chukkapalli, සහ Sudhakar Cherukuri විසින් සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටිය ලස්සනම ලස්සන ගීත රැසකින්ම අලංකාර වෙලා තියෙනවා. ගොඩක් හොඳ සවුන්ඩ් ට්‍රැක් එකක් තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් චිත්‍රපටිය බලද්දී. ඉතින් එක ලයින් එකක්වත් නෑර උපසිරැසි ගන්වා ඇති නිසා ඒ හැම එකකම ලස්සන රස විඳින්න ඔයාලට හැකිවේවි. ඉතින් ඒ සුන්දර සංගීත මුසුව මේ චිත්‍රපටියට එක් කරලා තියෙන්නේ විශාල් චන්ද්‍රශේක්ර් විසින්.ඉතින් එහෙනම් සමුගන්න වෙලාව ඇවිත්. යන්නට කලින් බයිස්කෝප් අඩවියට පිවිසෙන ඔබට මේ වසරේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න හැකියාව ලැබෙන්න කියලත්. බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසිකරුවන් සැමටත් සුභ අනාගතයක් ප්‍රර්ථනා කර සිටිනවා. දශකයක් පුරාවට බයිස්කෝප් අඩවිය එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වසරේදීත් සිනමාවට සහ ටෙලි කතා අවකාශයට නිකුත් වෙන්නට නියමිත නිර්මාණ සියල්ලම හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න අපේ කණ්ඩායම නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ හැමදේම සාර්ථකව කරගන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සැමටත් හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | ESub | 700MB |

Direct Download

| HDRip | SD | x264 | 200MB |

| HDRip | Esub | x264 | 400MB |

| HDRip | ESub | x264 | 700MB |

| HDRip | 720p | x265 | 950MB |

| HDRip | 720p | x264 | 1.4GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Padi Padi Leche Manasu (2018 ) | ආදරයම ජීවිතේ කරගන්නම්…

  • January 20, 2019 at 5:26 pm
    Permalink

    Meke sub ganda api merenda epi api net 1 ta enne phone 1 meke sub ganda capita be meka lesi karanda

    Reply
  • January 20, 2019 at 9:18 pm
    Permalink

    thanks bro godak kal idan enakam balan htiya film ekk ..

    Reply
  • January 27, 2019 at 11:43 pm
    Permalink

    Pattama film ekk.sub ekata tnx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!