The Nutcracker and the Four Realms (2018) | රාජධානි සතරක් එක්සත් කළ කුමරිය, ක්ලාරා![Bluray Update]

The Nutcracker and the Four Realms කියන්නෙ මේ අවුරුද්දෙ ඔක්තොම්බර් 29 ලොස් ඇන්ජලීස් නුවරදී තිරගත වීම ආරම්භ කරපු තවත් දැවැන්ත ඩිස්නි නිර්මාණයක්. 2016 දි තමයි මේ චිත්‍රපටිය නිපදවීම පිළිබඳ දැනුවත් කිරීම කලේ. පාදක වුන කතාව ගැන කිව්වොත් මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ 1816 ජර්මානු ජාතික ලේඛකයෙක් වුන E. T. A. Hoffmann අතින් නිමවුන The Nutcracker and the Mouse King සහා 1892 දී වේදිකා ගත වුන Marius Petipa ගේ The Nutcracker කියන මුද්‍රා නාටකයයි. ඩොලර් මිලියන 120ක් වියදම් කර නිමවුන මෙම චිත්‍රපටිය මේ වන විට ලබා ඇති ලාබය ඩොලර් මිලියන 139ක්.

The Nutcracker and the Mouse King කියන්නෙ අපි කවුරුත් පොඩි කාලෙ කියවලා තිබුන සුරංගනා කතාවක්. මරී ස්ටාල්බෝම් කියන ගෑණු ළමයගෙ ප්‍රියතම ලී සොල්දාදු බෝනික්කා “නට්ක්‍රැකර්”ට නත්තල් දවසක පණ ලැබෙනවා. මේ චිත්‍රපටිය ඒ කතාවෙන් උකහා ගැනුන නව තේමාවක් ඔස්සේ ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකියාව ලබාදෙන නිර්මාණයක්.

අධ්‍යක්ෂණය : Lasse HallströmJoe Johnston
නිෂ්පාදනය : Mark GordonLarry Franco
ප්‍රධාන රංඟන දායකත්වය : Keira KnightleyMackenzie FoyEugenio DerbezMatthew Macfadyen
ධාවන කාලය : 1h 33min

“නත්තල් සැන්දෑවක ස්ටාල්බෝම් මහත්මයා එයාගෙ දරුවන්ට, ඔහුගෙ බිරිඳ මියයාමට පෙර දීමට පිළියෙල කර තිබුනු නත්තල් ත්‍යාග ලබාදෙනවා. දරුවන්ගෙන් බාලම දියණිය වෙන ක්ලාරට ලැබෙන්නෙ ලොක් කර ඇති බිත්තර හැඩැති පෙට්ටියක්. එය විවෘත කිරීමට පුළුවන් යතුරක් ඇය ළඟ නෑ. පසුව ළමයින් බලාගන්නා පියතුමන් මුණ ගැහෙන ක්ලාරා දැනගන්නවා මේ බිත්තර හැඩැති පෙට්ටිය සාදා ඇත්තෙ ඔහු විසින් බව. එය ඔහු විසින් ක්ලාරාගේ මවටත්, පසුව මව ක්ලාරාටත් ලබාදී තිබෙනවා. නමුත් මේ යතුර බැඳී තිබෙන්නෙ රාජධානි සතරකින් සැදුම්ලත් දේශයක් ඇති සමාන්තර ලෝකයක් සමග. සිදුවන අහඹු සිදුවීමක් නිසා ක්ලාරා නතර වෙන්නෙ මේ සමාන්තර ලෝකෙට පිවිසිලා.” එහෙනම් මේ චිත්‍රපටියත් රසවිඳින්න ආරාධනා කරනවා.

“දුකට පත් වුනු රාජධානී මේ ලෝකෙ ඕන තරම් තිබෙනවා. ඔවන්ගේ රහස් වලට පිවිසීමට යතුර ඇත්තෙ ඔබ ළඟයි. මතක තියාගන්න ක්ලාරා…. දකින කිසි දෙයක් ඒ පේන දේ නෙවෙයි.”

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | 720p | x264 | 850MB |

Direct Download

| Bluray | 480p | x264 | 525MB |

| Bluray | 720p | x264 | 850MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!