Supernatural [S14 : E10] | ඩීන්ව සොයා මතකයන් තුලට..

ඔන්න එහෙනම් සුපර්නැචුරල් 10’වැනි කොටසත් අරන් මාසෙකටටත් වැඩි කාලකෙට පස්සේ අලුත් අවුරුද්දක තමයි උපසිරැසි අරන් එන්නේ. වැඩිකතා නැතුවම කලින් කොටස පොඩ්ඩක් මතක් කරන් ඉම්මු.

ජැක්ව ආයෙම වතාවක් ජීවීතේට ගෙන්නුවට පස්සේ කැස් වගේම ජැක් දෙන්නා හිස්බවට අධිපතිගෙ රහස සෑම්, ඩීන් දෙන්නට කිසිම දෙයක් නොකියා රකින ගමන් හිටියේ. තමන්ගේ දිවි පරදුවට තියලා දිව්‍ය ලෝකයත් බේරගත්තට කෑස්ට දෙන තෑග්ගක් හැටියට එයාට මේ වෙද්දී මයිකල් ඉන්න තැන දැනගන්න ලැබුණා. කැන්සාස් නගරේ තියෙන ගොඩනැගිල්ලක තමයි මයිකල් හිටියේ නම්. නිකන් නෙවේ ගෑණු කෙනෙක්ව ධාරකයෙක්ව කරගෙන ලොකු ව්‍යාපාරික ගොඩනැගිල්ලක් අයිති කරගෙන හිටියෙ. සෑම්, ඩීන්, කැස් වගේම ජැක් කට්ටියට ඕන වුනේ මයිකල්ට ආයුධ දෙකකින් පහර දෙන්නයි. එකක් නම් ඩාක් කායාගේ හෙල්ලය. අනික කෙච් බොහොම අමාරුවෙන් හොයාගත්ත බිජුවෙන්. සෑම් වගේම ජැක් ගියා කෙච් ලියාපදිංචි තැපෑලෙන් එවපු බ්ජුව කුරියර් සර්විස් එකෙන් අරගන්න. බිජුව අරගත්තත් ඒ වෙලාවේ එතනට එන මයිකල් බිජුව විනාශ කරලා සෑම්ටත් හොදටම පහර දීලා, එයාගේ කට්ටිය ලවා ජැක්ව අරන් ගියා. ඩාක් කායාව හොයන් ගිය ඩීන්ට වගේම කෑස්ට නම් පොඩ් වාසනාවක් පෑදුනා. හැබැයි ලොකුම ලොකු පොරොන්දුවක් ඇතිවයි එයාලට හෙල්ලය ලැබුණේ.

ඒත් ඉතින් මේ හතරදෙනා ගිහින් මයිකල්ට පහර දෙන්න යද්දී නම් ඩීන් කායාට වෙච්ච පොරොන්දුව රැකපු බවක් නම් පෙනුනේ නැහැ. මොකද අවසාන මොහොතේ අවසාන අවස්තාව තිබුනේ ඩීන්ට. ඒත් ඩීන්ට අවස්ථාව අරගන්න බැරි බවක් තිබුනා එයා කලින් මයිකල් එක්ක සම්බන්ධ වෙලා ඉදලා ආව නිසා. මතකනේ අර ජැක් අසනීප වෙච්ච කොටසේ ඩීන්ගේ ඇස් දෙක බොදවෙලා වගේ යන ගතියක් ඇවිත් ගියා කියලා. ඉතින් ඩීන් මයිකල්ගේ ඉස්සරහදිත් එහෙම වෙලා මයිකල් ආපහු වතාවක් ඩීන්ව ධාරකයා කරගෙන ඩාක් කායාගේ හෙල්ලයත් දෙකට මැද්දෙන්ම කඩලා දැම්මා. ඒ විතරක් නෙවේ එයා කිව්වා මේ වතාවේ ආයේ ඩීන්ට එන්න බැරි වෙන්නම එයාව අයිති කරගත්තා කියලා. ඊටපස්සේ කතාවේ අවසානයේදී මයිකල් එයා නිර්මාණය කරපු රාක්ෂයින්ට සංඥාවක් යවලා එයාලට එක්තරා විදිහක් අණක් ලබා දුන්නා. හරියට නිකන් තැනොස්ගේ ස්නැප් එක වගේමයි නෙහ්?!

අද කොටසෙ පුලුවන් කමක් ලැබේවි මයිකල්ගෙ රාක්ෂ හමුදාව නගරෙට කරලා තියෙන විනාසය වගේම මයිකල් මේ වතාවේ ඩීන් කරලා තියෙන දේ. කලින් වතාවේ වගේ නෙවෙයි මේ වතාවේ ඩීන් හුගක් සතුටින් ඉන්නේ. ඉතින් එයාව බේරගන්න එක තමයි අද කට්ටියට මුහුණ දෙන්න සිද්දවෙන ලොකුම අවධානම. වෙන්නේ මොකක්ද කියලා බලලම ඉන්නකො.

අද අරන් ආවේ 10’වෙනි කොටසනේ. ඉතින් තවත් කොටස් හතකින් ආයෙම වතාවක් ජෝන් වින්චෙස්ටර්ව මේ කතාමාලාවෙන් දැකගන්න ලැබෙනවා. ඉතින් මේ වෙද්දී ඒ කොටසේ පින්තූර වගයක් නිකුත්වෙලා තියෙනවා. කැමති නම් ඒ ටිකත් මෙතනින් ගිහින් බලන්න පුලුවන්.

මං ගිහින් එන්නම් එහෙනම්. ජය!!

——
අද කතාවේ නම “Damaged Goods”
අධ්‍යක්ෂණය: Amanda Tapping
ලිව්වේ: – Steve Yockey
විකාශනය වුනේ: 2019 ජනවාරි 17
මීලග කොටසින්: “Damaged Goods” | 2019 ජනවාරි 24

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 213MB |

Direct Download

| HDTV | x264 | SVA | 213MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!