Dynasties [ S01 : E04 – Painted Wolf ] | නායකත්ව සටන…

“ඩිනස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ්  ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි.  😀

ඉතිං අදත් එපිසෝඩ් එක නම් වෙලා තියෙන විදියටම අද කොටසින් දකින්න ලැබෙන්නේ පේන්ටඩ් වුල්ෆ් කියන වෘක විශේෂය ගැන. වඳවී යාමේ තර්ජනයට දැඩිව ලක්වෙලා තියෙන සත්ව විශේෂයක් තමා මෙයාල. ඒ වගේම මම සතුන් හා සම්බන්ධ ඩොක් එකක දැක්ක දෙවනියට සංවේදීම දර්ශනය මේ කොටසේ අන්තර්ගතයි. මම වැඩිම සංවේදී වෙච්ච දර්ශණය අඩංගු වෙන්නේ මම කලින් දවසේදී කීව“සිංහ වංශයේ රුදුරුතම සංධානය” අඩංගු ඩොක් එකේ එන “මපෝගෝස් කෝලිශනයේ” අවසානය සිද්දවෙන ආකාරය. ලංකාවේ වනසතුන් හා සම්බන්ධ සිදුවීම් වලදී නම් සොබාදහරා එකේ පෙන්නපු අලි පවුලක් දුම්රියේ ගැටීමේ වාර්තාමය වැඩසටහන. සෑහෙන්න අපහසු වුනා ඒ කොටස බලන්න. ඒ වගේම කියන්න ඕනා අද කතාව රුගත කරන කැමරා කණ්ඩායම අවුරුදු දෙකක් තිස්සේ සිම්බාබ්වේ මහා වන මැදට වෙලා, සමහර වෙලාවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 50කට අධික උෂ්ණත්වයක් යටතේ මේ කරලා තියෙන කාර්ය ගැන ආයේ කියන්න වචන නෑ. දවල් රෑ කියල වෙනසක් අන්තුව ඉහළතම තාක්ෂනය යොදාගෙන රුගත කිරීම් කරලා තියෙනව. ජාතික රුපවාහිනීයේ සිකුරාදා රෑ 9ට කිසිදු වෙළඳ දැන්වීමක් නැතුව යන සොබාදහරා වැඩසටහනත් මේ හා සමානවම, අපේ රටේ අපිට පුළුවන් උපරිම ආකාරයෙන් අපේ රටේ සත්තු ගැන, අපේ රටේ දේවල් ගැන අපිට දැනුම ලබාදෙන වැඩසටහනක්. ඒක නිකමට ඉතිං මතක් කරන්න හිතුනේ මේ මිනිස්සුන්ගේ වෙහෙස දැක්කම. එහෙනම් අම්මගෙයි දුවගෙයි බල අරගලයක රුදුරු දසුන් ඔබට බාරයි

ප.ලි: අන්තිම කොටස නම් ඉක්මනට දෙන්න වෙන්නේ නෑ. තව සුමානයක්වත් යාවි විභාග කටයුතු දීල තියෙන නිසා. කොහොමින් හරි උපරිම උත්සාහය යොදල ඉක්මනට අන්තිම කොටසත් අරගෙන එන්නම්. තරහ අවසර.

” සුදු මිනිසුන් වූ ඔබගේ මළගිය ඇත්තෝ මරණයෙන් පසු,
තම උපන් බිම අමතක කොට දෙවි ලොව සැරි-සරති.
මහපොළව රතු මිනිසාගේ මෑණියන් වන බැවින් අපගේ මලගිය ඇත්තෝ
මේ සුන්දර මිහි තලය අමතක නොකොට මෙහිම රැදෙන්නෝය.
අපි මිහිතලයේ කොටසක් වන්නේය. “

රතු ඉන්දියානු නායක,
– සියැටල් –


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | Bluray | x264 | 720p | 2.8GB | Complete S01 |

Direct Download

| Bluray | x264 | 720p | 583MB |

     

| Bluray | x264 | 720p | 2.8GB | Complete S01 |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!