Veera Bhoga Vasantha Rayalu (2018) | අපරාධ තුරන් කිරීමට සුර ලොවින් ආ සුර දූතයා

ආයුබෝවන් සියලු දෙනාටම, මේක මම 2019 අවුරුද්දට දෙන පලවෙනි සිංහල උපසිරැසිය. මම අදCrime/Thriller ගනයට අයත් වෙන සුපිරි තෙලුඟු ෆිලුමකට සබ් අරගෙන ආව. 2018 ඔක්තෝබර් 26 වෙනිද නිකුත් වුන මේ ෆිලුමට මේ වනවිට IMDb අගය 7.2ක් ලැබිල තියෙනව. මේකට ප්‍රධාන චරිත වලට නළු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙලා තියෙනව. Shriya SaranSree VishnuSudheer BabuNara Rohit ප්‍රධාන චරිත වලට පන පොවනව. මීට අමතරව Srinivas ReddyRavi Prakash රංගන ශිල්පීන් එහෙමත් රංගනයට දායකත්වය දක්වල තියෙනව. මේ ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ R. Indrasena නම් අධ්‍යක්ෂකවරයා විසින්.

කතාව පැත්තට හැරුනොත්, කතාව පටන්ගන්නෙ පොඩි කොල්ලෙක් එයාගෙ ගෙදර අතුරුදහන් වුනා කියල පොලිසියෙ පැමිණිල්ලක් දානව. (ඔයාල අහල තියෙනවද ගෙයක් අතුරුදහන් වුනා කියල. එහෙමයි කියල මේක සුරංගනා කතාවක් කියලනම් හිතන්න එපා.) ඔන්න කොල්ලගෙ ගේත් එක්කම එයාගෙ අම්මවයි තාත්තවයිත් අතුරුදහන් වෙලා තියෙනව, ඊට පස්සෙ ප්‍රවෘත්ති වලට පෙන්නනව ක්‍රිකට් තරඟෙකට ලංකාවට ආව ක්‍රිටක් කණ්ඩායමක්, දේශපාලනඥයො වගේ ප්‍රභූවරු පිරිසක් එක්ක ලංකාවෙ ඉදන් ඉන්දියාවට එන ගුවන් යානයක් අතරමගදි අතුරුදහන් වුනා කියල. කතන්දෙදර දෙකක් යනව, එක පැත්තකින් පොඩි ලමයෙකුගෙ ගෙදර හොයාගන්න උත්සහගන්න පොලිස් කණ්ඩායමක්, අනෙක් පැත්තෙන් අතුරුදහන් වුනු ගුවන් යානය ගැන විමර්ශනය කරන විමර්ශන කණ්ඩායමක්. හරි මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. මෙයාල කොහොම අභිරහස විසඳයිද කියල ඔයාලම ෆිල්ම් එක බලල දැනගන්න. ෆිල්ම් එක බාගයක් බලල මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ කියල මට බනින්න එපා. ෆිල්ම් එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලටම තේරෙයි මොකක්ද වුනේ කියල.

තව දෙයක් මේක මම කරපු අසා ලිවීමක්. වැරදි එහෙම තියේනම් සමාව අයදිනව. තවත් මේ වගේ උපසිරැසියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සැමට ජය!

“I’m a man of simple tastes. I’m always satisfied with the best.”
― Oscar Wilde


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Proper HDRip | x264 | 713MB |

Direct Download

| Proper HDRip | x264 | 263 MB |

| Proper HDRip | x264 | 413MB |


| Proper HDRip | x264 | 713MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Veera Bhoga Vasantha Rayalu (2018) | අපරාධ තුරන් කිරීමට සුර ලොවින් ආ සුර දූතයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!