Black Mirror: Bandersnatch (2018) | වංකගිරියට සාදරයෙන් පිලිගන්නවා…

වර්තමාන යුගයෙ මිනිසා ජීවත් වන්නෙ ඉතාමත් කාර්‍යබහුලයි ලෝකයක. ඉතිං මේ වන විය මිනිසාගෙ විශාල වැඩ කටයුතු තොගයක් ඉතාමත් පහසුව කරගන්නවා. උදාහරණයක් ගත්තොත් එහෙම ලියුමක් ලියල මුද්දර ගහගෙන ඒක ගිහින් තැපැල් පෙට්ටිය වලට දම දම ලතවීමට අවශ්‍ය වන්නෙ නැත. එයට දැන් ජංගම දුරකථන කියල ජාතියක් පවතිනව. ලොකු ලොකු වැඩ නැහැ අවශ්‍ය දේ ගැහුව සෙන්ඩ් එඹුව ඒ ක්ෂණික අවශ්‍ය කෙනාට ලැබිලත් ඉවරයි. හැබැයි ඉතිං දුරකථනයක් නැති කෙනෙක් නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙමත් කියල යවන්න බැරිවම නෙමේ විකල්ප අවස්ථා අපිට අරගන්න පුළුවන්. ඔය කිව්ව වගේ අද කාලෙ මෙවැනි ආකරයෙ වෙහෙස මහන්සි වී කරන වැඩ ඉතා පහසුවෙන්ම වගේ කරගන්න හැකියාවක් පවතිනවා. ඒත් ඉතිං මේ දියුණු වී පවතින තාක්ෂණිය මෙතනින් නවතින්නෙ නැහැ තවත් අලුත් අලුත් සොයාගැනීම් කරනවා. ඒවගෙම තමයි අනාගතය වන විය ලෝකයම තාක්ෂණයකට නතු වී අවසන්. ඒවගේම තමයි තාක්ෂණය අපිව කම්මැලි, හැඟීම්-දැනීම් නොමැති, බලාපොරොත්තු රහිත මනුශ්‍යයින් කොට්ටාශයක් බවට පත් කර හමාරයි. හැබැයි ඉතිං තාක්ෂණයෙ යම් යම් හොඳ පැතිකඩවල් ද පවා තිබෙනවා. ඔබට එවැනි හොඳ සහ නරක ඇතුළත් චිත්‍රපටයක් නරඹන්න අවශ්‍ය නම් මම The Searching (2018) චිත්‍රපට බලන්න නිර්දේශ කරනවා. ඉතිං මම අද කතා කරන්න යන්නෙ ගොඩක්ම නරක පැතිකඩ ගැන. පරිගණකය ගැන ගත්තොත් එහෙම පාසල් යන දරුවෙක් අවශ්‍ය දේ නැතිව අනවශ්‍ය දේ සඳහා කාලය වැය කිරීම හේතුවෙන් සම්පුර්ණයෙන් වගේ විනාශ වී යනවා. ඒවගේම කියා නිම කර නොහැකි සාමජ මාධ්‍යය හේතුවෙන් අද වන විට තරුණ ජීවිත කීයක් නම් නැති වී ගොස් ඇත්ද?? මෙවැනි ආකරයෙ ගොඩක් පැතිකඩවල් තිබෙනව තාක්ෂණික බාවිතයෙන් මේ මිනිස් ජීවිත උඩියටිකුරු වෙන. ඔන්න අද ගෙනාපු චිත්‍රපටයෙන් ඔබට ඒ ගැන වඩාත් හොඳින් පැහැදිලි වෙයි.

Black Mirror මේ වෙනකොට ගොඩක් කට්ටියට මේ වචනය හුරු ඇති. සමහරුක් නම් අහලවත් නැතිව ඇති. ඔන්න ඉතිං ඒ අය වෙනුවෙන් පොඩි හැඳින්වීමක් කරන්නම් මොකක්ද මේ Black Mirror කියන්නෙ කියල. IMDb Top 250 රූපවාහිනී කතාමලා ටික දන්නව ඇතිනෙ. එහි මෙම Black Mirror කතාමාලාව මනාප 277,345ක් අරගෙන එහි 13 ස්ථානය ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඒවගේම තමයි මෙය අයිති වන්නෙ Drama | Sci-Fi | Thriller යන කාණ්ඩයට. අනික මෙයට නිර්දේශ නාම 72 කින් සම්මාන 22 අරගැනීමට සමත් වෙච්ච කතාවක්. ඒවගේම තමයි මෙය බ්‍රිටිෂ් කතාමලාවක්. ඒවගේම තමයි ඔබ වෙත අපූරු කතාමාලා සහ රූපවාහිනී කතාමාලාවන් රාශියක් රැගෙන එන Netflix අයගෙ වැඩක්. මෙහි දැනට සීසන් 4 ඇවිත් තියෙනව. සීසන් 5 ත් මේ අවුරුද්දෙ නිකුත් වෙයි කියල තමයි කියන්නෙ. ඒ ගැන නම් ඉතිං හරියටම කියන්න දන්නෙ නැහැ. අපි බලාගෙන ඉමුකො. තව කියනවා නම් මෙහි එක් එක් කොටස වෙනස් වෙනවා. හරියට ඔයාල බලන සිරීස් වගේ නෙමේ. ඒ ඒ කොටස ආවේණික කතාවක් තමයි තියෙන්නෙ. අනික සමහර කොටස් අනාගතය වෙන්නත් පුළුවන්, වර්ථමානය තත්ත්වය ගැන උනත් කියවෙනවා. ඉතින් මෙහි වැඩියෙන්ම වගේ අපිව පෙන්වා දෙන්නෙ “නවීන තාක්ෂණය නිසා අපිට සිදුවන බලපෑම්”. මීට අමතරව යම් යම් කරුණුත් පිළිඹිබු කරනවා හැබැයි ඉතිං වැඩියෙන්ම වගේ පෙන්වා දෙන්නෙ අර උඩ සඳහන් කරපු දේ ගැනයි. හැඳින්වීම නම් ලොකුවට නැහැ තමයි පොඩියට කිව්වෙ. මොකද කතාමලාවක් සහ චිත්‍රපටය කිසිඳු සම්බන්ධයක් නැහැ. නමුත් මූලික කරුණු ටික දැනගෙන ඉන්න එපැයිනෙ. හරි,ඒ කොහොමහරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

චිත්‍රපටය හට මේ වන විට IMDb අගය 7.7 ක අගයක් අරගැනීමට සමත්වෙලා තියෙනව වගේම කුණු තක්කාලි අගය 77% අරගන්න සමත් වී තිබෙනවා.චිත්‍රපටයෙ කාණ්ඩය අර උඩ කිව්ව වගේම නමුත් Mystery කියන කාණ්ඩයට චිත්‍රපටය හට හිමි වෙනවා. ඔයාලට චිත්‍රපටය බලනකොටම තේරෙයි ඇයි Mystery දැම්මෙ කියල. මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Fionn Whitehead | Craig Parkinson | Alice Lowe | Asim Chaudhry | Tallulah Haddon | Jonathan Aris යන නළුකැලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ස්ටෙෆන් කියන්නෙ වයස අවුරුදු පහක් වැනි කුඩා කාලයකදී තම අම්මව නැතිවෙච්ච කෙනෙක්. හැබැයි මොහු එය තමන්ගෙ වැරැද්දක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්. මොකද මෙයාගෙ අම්මව මැරෙන්නෙ කෝච්චි පිලීපැනීමකින්. ඉතිං මෙයත් එදා අම්මත් එක්ක ඒ කෝච්චියෙම යන්න හිටිය නමුත් දෛවයට අනුවනෙ හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ. ඔහුට එදා දවසෙ තමන්ගෙ අම්ම එක්ක යන්නෙ නැහැ. මොකද ඔහු ළඟින්ම හිටිය සෙල්ලම් බඩුවක්(හාවෙක්) නැතිවෙනවා. ඉතිං මොහු ඒක නැතිව කොහෙවත් යන්නෙ නැහැ. නැතිවෙනවා කිව්වට නැතිවෙනවාම නෙමේ ඔහුගෙ තාත්තා ඇවිත් ඒක සඟවනවා. කෝමහරි වෙන්න තියෙන දේවල් ඒ වෙනකොටත් වෙලා ඉවරයි. මොහු ලොකු වෙලා ගේම් ප්‍රෝගෑම් කරන කෙනෙක් වෙන්න තරම් හිතාගෙන ඉන්නෙ. ඉතිං මොහු දවසක් ජෙරොම් F.ඩේවිස් නැමති ලේඛකයගෙ පොතකින් උපුටාගෙන තමන්ගෙම ගේම් එකක් නිර්මාණය කරනවා. ඉතිං මොහුට ටකර්සොෆ්ට් නැමති ගේම් සාදන කම්පැනියකින් අඩගහනව එය ඔවුන්ට පෙන්වීම සඳහා. එතකොට තමයි ගොඩක් ජනප්‍රිය ගේම් සාදන කෙනෙක් වන කොලින්ස්ව හම්බවෙන්නෙ. ඉතිං ස්ටෙෆන් තමන්ගෙ මෙම ක්‍රිඩාවෙන් කරන්න පුළුවන් දේ ගැන හැමදෙයක්ම වගේ පවසනවා. පස්සෙ ටකර්සොෆ්ට් හි අයිතිකරු මොහුට එයට බැදෙන්න ආරාධනා කරනවා. ඒවගේම තමයි මොහුගෙ ගේම් එක නත්තල් වෙද්දී නිකුත් කරන ලෙසත් පවසනවා. ඔන්න දැන් මාස කීපයක් ගතවෙලා ගිහින්. ඔහුගෙ ගේම් එක එළිදක්වන මාසය. ඉතිං මෙම ගේම් එක එළිදැක්වීමෙදී එයට රෑන්ක් එකක් ලාබාදෙනව. හරියටම IMDb වගේ. හැබැයි මෙම විචාරකයා පවසනව ඔහුගෙ මෙම ගේම් එක හරිනැති බවට. ස්ටෙෆන් ගොඩක්ම අවුල් යනව මේ හේතුව නිසා. පස්සෙ ඔහු “ආපහු සැරයක් උත්සහ කරමු” කියා තම තාත්තාට පවසමින් නැවත සම්මුඛ පරීක්ෂණ ගිය දවසට පැමිණෙනවා. මොකක්? ස්ටෙෆන් කොහොමද එහෙම එකපාරටම මාස පහක් පස්සට ගියෙ? කාලය හරහා ගමන් කරාවත්ද? මට විශ්වාස කරන්නත් බැහැ? ඔන්න ඔය සොඳුරු වචන ටික තමන්ගෙ හිතේ ඇතිවෙන්න ගන්නවා නිසැකයි. අවසාන තෙක් නරඹන්නකො ඔබවත් වෙන මාවතකට යොමු කරනවා නිසැකයි.

ප.ලි – මෙම චිත්‍රපටය එක්ක තවත් එකක් රිලීස් උනා All The Ending නමින්. ඉතිං ඒක පැය 5 ක දාවන කාලයක් තිබෙන එකක්. ඒවගේම එය අවශ්‍ය නැහැ. ඉතිං ඔබට පුළුවන් නම් පැය 1 ක දාවන කාලයක් තියෙන පිටපත අරගන්න කියනවා. ඒවගේම තමයි හැමෝම දැන් කියන්නෙ “මේ කතාමලාවටත් උපසිරැස ලබාදෙන්නකො” කියන ඉල්ලීම. ඔන්න ඒකටත් උත්තරයක් ලබාදෙන්නම්කො. කොච්චර හොඳ කතාමලා තිබුණත් අපේ අය ඒවා බලන්නෙ නැහැ. ගොඩක්ම කට්ටිය බලන්නෙ,

“ගෑණිගෙ පදේට දුවන මිනිහෙක්, දුන්නක් තියන් වටේ යන එකෙක්, කාලය හරහා ගිහින් ගොන් ආතල් ගන්න සෙට් එකක්, විකට ඇඳුමක් ඇඳගෙන රඟන එකෙක්, පොඩි කාලෙ ඉඳන් පොඩි ළමයින්ගෙ වීරයෙක් වෙච්ච කෙනෙක්ගෙ පරම්පාරාව කන්න ආ අලුත් එකියෙක්.”

ඔන්න ඔය කියවපු තමයි කට්ටිය වැඩි ඇල්මක් දක්වන්නෙ. ඉතිං මෙවැනි Sci-Fi වැනි ගණයට අයත් කාතාවක් කාලය වැය කරගෙන දුන්නත් ඩවුන්ලෝඩ් 200+ වත් යන්නෙ නැහැ. ඉතිං එවැනි දෙයකට මැරෙන එක බොරු වැඩක්නෙ. ඔය හේතුව නිසා තරම් කොච්චර හොඳ එව්ව තිබුණත් ලබානොදෙන්නෙ. එහෙනම් ඉතිං ඔයාල චිත්‍රපටය බලල කියන්න කොහොමද කියල.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

There’s Massages In Every Game.
© කොලින් රිට්මන් ©


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 800MB |

Direct Download

| WEB | x264 | 480p | 350MB |

| WEB | x264 | 720p | 560MB |

|  WEB | x264 | 720p | 800MB | MkvCage |

|  WEB | x265 | 720p | 470MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Black Mirror: Bandersnatch (2018) | වංකගිරියට සාදරයෙන් පිලිගන්නවා…

  • January 20, 2019 at 00:30
    Permalink

    mokda me kunu thakkali kiyane …..eke raet eken kohomada film eke hodada neda kiyala balane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!