The ABC Murders [2018- S01: E01] | ABC මිනීමරුවා

සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Murder/Mystery නිර්මානයක්. හැබැයි මේක චිත්‍රපටියක් නම් නෙමෙයි, මිනි සීරිස් එකක්. මේ සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ අභිරහස් කතා ලොවේ අග රැජින කියල හඳුන්වන අගතා ක්‍රිස්ටිගේ ABC Murders කියන නව කතාව.

සීරිස් එක මුලින්ම විකාශය වෙන්නේ පටන් ගත්තේ පහු ගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා, BBC නාලිකාවේ. කොටස් තුනකින් සමන්විත වෙන මේ සීරිස් එකට මේ වෙනකොට 6.7 IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ සීරිස් එකට රංගනයෙන් දායක වෙන්නේ John Malkovich, Eamon Farren, Rupert Grint, Freya Mavor, Andrew Buchan, Tara Fitzgerald, Christopher Villiers, Anya Chalotra, Michael Shaeffer ඇතුළු නළු නිළියන් පිරිසක්. සීරිස් එක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Alex Gabassi විසින්. මං කලින් කිව්වා වගේ මේ සීරිස් එක අයිති වෙන්නේ Crime/Drama/Mystery genre එකට.

කතාව තියෙන්නේ නම් අපේ විශිෂ්ඨ රහස් පරීක්ශක හර්කියුල් පෝරො මහත්මයට විසඳන්න සිද්ධ වෙන අපරාධ වැලක් ගැන තමයි. අපරාධය මොන වගේ එකක්ද කියල අදහසක් ගන්න නම් පළවෙනි කොටස බලන්න වෙනවා. ABC Murders පොත කියවලා තියෙන අයට නම් මේ සීරිස් එක බලනකොට පොල්ලෙන් ගැහුවා වගේ තියේවි, මොකද සීරිස් එක පොතට වඩා හුඟක් වෙනස් කරලා තියෙන්නේ.

මේ සීරිස් එකේ කොටස් තුන පිළිවෙලින් 26,27,28 යන දවස් වල රිලීස් උනත්, ඒ HDTV කොපියට සබ් කරන්නැතුව ජනවාරි තුන් වෙනිදා රිලීස් උන WEBRIP කොපියට තමයි සබ් කරේ. ඒකට ලොකුම හේතුවක් උනේ HDTV කොපියේ සබ් එකේ ටයිමින් වල තිබුන අවුල. ඒත් පස්සේ බලනකොට WEBRIP කොපියෙ සබ් එකෙත් සමහර දැන් වල දෙබස් අඩුයි. ඉතින් හුඟක් තැන් වලට අසා ලීවීමක් තමා කරන්න උනේ.

හරි එහෙනම් දෙවනි කොටසත් එක්ක ආපහු ඉක්මනින් මුණ ගැහෙමු.  ජය වේවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB | x265 | 720p | 208MB

Direct Download

| WEB | x265 | 720p | 208MB |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!