Next Enti? (2018) | ඊළඟට මොකක් වේවිද?

මේක ආදර කතාවක්..
මතකද Fanaa සහ Hum Tum හින්දි චිත්‍රපටි දෙක..
ඒ දැවැන්ත චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු..
කුනාල් කෝලි තෙලුගු සිනමාවට ඇවිදින්..
තෙලුගු සිනමාවේ කොහිනූර් දියමන්තිය..
තමන්නා ඇවිත් ඔන්න ආයෙත් ටොලිවුඩ් වෙත..

2018 වසරේ දෙසැම්බර් 7 වැනිදා නිකුත් වුනු, ආදර කථාවන් කැටගරියට අයිති තවත් ලස්සනම ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නයි මේ සූදානම. කස්ටිය තමන්නගේ ෆිල්ම් එකක් බැලුවේ නෑ නේද කාලෙකින්. ඔන්න එනවා කාලයක් කාගේත් ක්‍රෂ් එක වෙලා හිටිය තමන්නා ඔයාලගේ තිරය මතට. තමන්නාට නම් පහුගිය කාලය එච්චර හොඳ කලදසාවක් ගෙවුනේ නෑ, බාහුබලි චිත්‍රපටය ඇරෙන්න අනෙක්වට එතරම් සාර්ථකත්වයක් දක්වන්න බැරි උනා. Sketch චිත්‍රපටයේත් තමන්නාට ප්‍රේක්ෂක සිත් වසඟ කරගත හැකි රංගනයක නිරත වෙන්න හැකි වුනේ නෑ. බාහුබලි චිත්‍රපටයේ පවා ඇය රංගනයේ නිරත වූයේ අවන්තිකා එහෙමත් නැත්නම් රණශුරිණියකගේ චරිතයක් නිසා තමන්නාගේ සුපුරුදු රොමැන්ටික් රංගනය ප්‍රේක්ෂකයින්හට දැකගැනීමට නොහැකි වූවා. (තමන්නාව දන්නේ නැත්නම් RachchaBadrinathEndukante… Premanta!Rebel,AagaduOopiri සහ බාහුබලි චිත්‍රපටි දෙක බැලුවනම් මේ සූකිරි කැටේ බලාගන්න පුළුවන්.. ඔය චිත්‍රපටි දෙක තුනක් විතරයි. තව සෑහෙන්න ලිස්ට් එකක් තියෙනවා. දන්නෝ දනිති. 😉)

කුනාල් කෝලි තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. කුනාල් කෝලි කියන්නේ බොලිවුඩයේ දැවැන්ත නිර්මාණයන් දෙකක් වන Fanaa සහ Hum Tum චිත්‍රපටි යුගලය අධ්‍යක්ෂණය කරපු වැඩකාරයා. ඉතින් මේ මහත්තයා තෙලුගු සිනමාවට පිවිසෙන්න පලවෙනි වතාවට. විශේෂත්වය කියන්නේ මේ චිත්‍රපටියේ සියලුම රූගත කිරීම් පැය විසිහතරක් එහෙමත් නැත්නම් දවසක් ඇතුලත කරා කියල තමයි ආරංචිය තියෙන්නේ.When Harry Met Sally.. කියන ඇමරිකානු චිත්‍රපටිය පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. තමන්නාට අමතරව එයා එක්ක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුදීප් කිෂාන් විසින්.

මේක හරිම සරල කතාවක්. නමුත් මේකෙන් කියවෙන දේවල් හරිම සංකීර්ණයි. තේරුම් ගන්න ටිකක් අමාරුයි. බෝරින් ගතියක් එහෙමත් දැනේවි සමහරෙක්ට. නමුත් නවීන පරම්පරාවේ අය නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. IMDB අගය 6.3/10 ක්ම තියෙනවා. නමුත් විචාරක ප්‍රසාදය (Critic reviews) නම් මහ ලොකුවට නෑ. එහෙම වෙන්න ඇත්තේ මේක ෆනා හම්තුම් තරම් දැවැන්ත අයුරින් නිර්මාණය නොකළ ලද්දක් නිසා වෙන්න ඇති කියලයි මගේ නම් අදහස. නමුත් සමස්තයක් වශයෙන් ආදරය කරන අයට, ආදරය කරන්න ඉන්න අයට, සහ ආදරය අහිමි වෙලා තවත් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලන්න වටින හොඳ චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්.

කතාව යන්නේ චරිත තුනක් මත. සංජු, ටැමී, ක්‍රිෂ්, මෙයාලා වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. ටැමී කියන්නේ සැබෑ ආදරයක් හොයන නවීන පන්නයේ සුරූපී තරුණියක්. සංජු කියන්නේ සෙල්ලක්කාර සාමාන්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න තරුණයෙක්. ඒ වගේම ක්‍රිෂ් කියන්නේ ආදරේ සම්බන්ධව අමිහිරි අතීතයක් තියෙන දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ තුන්දෙනා වටා ගෙතුණු මේ කතාව හැමෝටම නරඹන්න කියල ආරාධනා කර සිටින ගමන් අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි චිත්‍රපටිය සෙට් වෙන එකක් නෑ කියල සැකයක් තියේ නම් කෝකටත් කියල ට්‍රේලර් එක එහෙම බලලා තව ටිකක් චිත්‍රපටිය ගැන හොයලා චිත්‍රපටිය අරගන්න කියල ඉල්ලා හිටිනවා. මොකද මං දන්නවා හැමෝටම මේක සෙට් වෙන එකක් නෑ. ස්වල්ප පිරිසකට මේ චිත්‍රපටිය අල්ලන්නේ නෑ කියල මං දන්නවා. ඒ හින්දයි අවංකවම කියන්නේ ට්‍රේලර් එක එහෙම බලලා, චිත්‍රපටිය ගන්නවද නැද්ද කියල තීරණය කරන්න කියල. නැත්නම් අන්තිමේ මටයි බනින්නේ ටෝක්ස් දීලා ඇඟේ ගැහුවා කියලා. අවසාන වශයෙන් කියන්න ඕන මේ චිත්‍රපටිය සඳහා හොඳ කොපියක් එක්කල සබ් එකක් පහුගිය දවසක නිකුත් උනත් ඒ නිකුත් වුනු සබ් එක සෑහෙන්න අඩුපාඩු වලින් යුක්ත එකක් වූවා. චිත්‍රපටියේ ඇති දෙබස් වචන දෙකෙන් තුනෙන් ඉංග්‍රීසි වාක්‍ය විදිහට හදල තමයි ඒ සබ් එකේ සටහන් කරලා තිබුනේ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි චිත්‍රපටියේ කියන දෙබසුත් අහගෙන සෑහෙන්න අමාරුවෙන් ගලපලා වැඩේ ගොඩ දාගත්තේ. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියේ කතා කරන දේවල් ගොඩක් සංකීර්ණ දෙබස් වලින් යුක්තයි. නිකුත් වී තිබු ඉංග්‍රීසි උපසිරැසිය ප්‍රමාණවත් නොවුවත් සියලුම දෙබස් සඳහා උපරිම සාධාරණය ඉටු කරන්නට සෑම විටම උත්සහ ගත්තා. ගීතයක හෝ දෙකක උපසිරැසි නම් පරිවර්තනය කිරීමට හැකි මට්ටමක තිබුනේ නෑ. එසේ අතිශයින්ම අපහසු අවස්ථාවකදී හැර අනික් සියලුම ගීත උපසිරැසි ගන්වා ඇති. ඉතින් සමස්තයක් වශයෙන් උපසිරසියේ යම් යම් අඩුපාඩු පැවතියහොත් ඒ පිළිබඳ සමාවෙන්න කියල ඉල්ලනවා..

එහෙනම් කැපෙන්න වෙලාව හරි. යන්න කලින් කියන්නෝන මං මේ අවුරුද්දේ බයිස්කෝප් එකට අරන් එන පලවෙනි උපසිරැසිය නිසා ලැබුවා වු 2019 වසර සාර්ථක නව වසරක් වෙන්න කියල බයිස්කෝප් වාසි ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කර සිටිනවා. දශකයක් පුරාවට බයිස්කෝප් අඩවිය එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වසරේදීත් සිනමාවට සහ ටෙලි කතා අවකාශයට නිකුත් වෙන්නට නියමිත නිර්මාණ සියල්ලම හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න අපේ කණ්ඩායම නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ හැමදේම සාර්ථකව කරගන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සැමටත් හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 700MB |

Direct Download

| HDRip | x264 | Esubs | 205MB |

| HDRip | x264 | Esubs | 400MB |

| HDRip | x264 | ESubs | 700MB |

| HDRip | x264 | 720p | 1.3GB |

| HDRip | x265 | 720p | 890MB |

| HDRip | x265 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Next Enti? (2018) | ඊළඟට මොකක් වේවිද?

  • January 14, 2019 at 11:47
    Permalink

    Thankyou film ekata saha sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!