Fryday (2018) | මෙහෙමත් සිකුරාදාවක්..!

හායි, කොහොමද? ඔන්න සමාවෙන්න ටිකක් පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.ඉතින් ඔන්න අද මම ගෙනාවේ

ඔන්න මේ 2019 අලුත් අවුරුද්දේ හිනාවෙවී බලන්න හින්දි කොමඩියක් අරන් ආවා. ගෝවින්දා කාලෙකින් ෆිල්ම් එහෙකට අතගහලා. ගෝවින්දා ෆිලුමක් අතාරින්න බෑනේ.තැන්කු වෙන්න ඕනේ අපේ කපිතාන් හසා අයියට මට මේක බාර දුන්නට. ඒක නිසා බාරගත්තා සිංහල උපසිරැසි හදන්න. Fryday කියන්නේ 2018 ආවා හින්දි කොමඩි-ඩ්‍රාමා එකක්. මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අභිශේක් ඩෝග්‍රා කියල කෙනෙක්. මේකට නිෂ්පාදන දායකත්වය දීලා තියෙන්නේ සජිත් කුරේශි හා PVR Pictures වලින්.මේක ප්‍රධාන චරිතයන් විදියට ගෝවින්දා හා වරුන් ශර්මා යෙදෙනවා.

IMDb Rate – 5.8/10
Cast – Govinda, Varun Sharma, Sanjay Mishra,Rajesh Sharma,Digangana Suryavanshi
Director -Abhishek Dogra
Genres – Comedy, Drama
Released Date – 12 October 2018
Language – Hindi

කතාවේ වෙන්නේ, මෙන්න මෙහෙම දෙයක්. රාජීව් කියල පවිත්‍ර වතුර ෆිල්ටර් කම්පැනියක වැඩ කරන එක අලෙවිකරුවෙක් ඉන්නවා. මෙයා එක ෆිල්ටර් එකක්වත් විකුණලා තිබුණේ නෑ, මෙයාගේ බොසා හැමදාම මෙයාට බයිනවා. මෙයාගේ කෙල්ලත් මෙයාව දාලා යනවා. මෙයාට මුලු ජිවීතේම වගේ එපා වෙනවා.එක දවසක් කඩේක ඉන්නකොට එක මිනිහෙක් ඇවිත් මෙයාට බාබා කෙනෙක්ගේ කාඩ් එකක් දීලා යනවා.ඒකේ තියෙන විදියට මේ බාබා අපේ රාජීව්ලා වගේ අසමත් වුණු අලෙවිකරුවන්ගේ සිත් හදලා එයාලව ධෛර්යය කරනවා. මෙයත් දවසක් ඒකට ගිහින් ඒ බාබා කියන විදියට කරනවා,එතකොට ඒ බාබාම මෙයාට එයාගේ පළවෙනි ෆිල්ටර් එක විකුණන්න තැනකුත් හොයලා දෙනවා. ඉතින් එයාට ෆිල්ටර් එකත් අරන් යන්න තියෙන දවස සිකුරාදා දවසක්. මන් හිතනවා ෆිල්ම් එකේ නමට හේතු වුණේ මේක නිසා කියලා. ඊටපස්සේ මෙයා යන ගෙදර අයිතිකාරයා තමයි ගගන්. ගගන් විදියට ගෝවින්දා රඟපාන්නේ.එයාගේ බිරිඳ NGO එකක වැඩ නිසා එයාගේ මහත්තයා එක්ක ඉන්න කාලයක් එයාට හොයාගන්න නෑ. මේ ගගන් හරිම පෙම්කුරුල්ලා. කච බච කච බච. වචන කෝච්චිය වගේ කියවන්න ගත්තොත්. මෙයා තියටර් එකක රඟපානවා.එයාට එතනදි ගැහැණු ළමයෙක් සෙට් වෙනවා, අනියම් සම්බන්ධයක් විදියට. එපාර සිකුරාද දවසත් එනවා.එදා තමයි ජෝගිය පටන් ගන්නෙ.ගගන්ගේ බිරිඳ එදා ශිම්ලා යන්න හදන්නේ, ඉතින් මේ ගගන් අර සෙට් වුණු කෙල්ලට එදාට කතාකරනවා. දැන් ඒ කෙල්ලත් එනවා, අපේ ෆිල්ටර් කොල්ලත් එනවා. ඔහොම ඔහොම තව ගොඩක් කට්ටිය එදාට එනවා. එදා දවස තුළ වෙන දේවල් තමයි ෆිලුමේ තියෙන්නේ,

ඉතින් ගෝවින්දාගේ අනර්ඝ අනගිබවනීය උපහාසාත්මක කලා හැකියාව පිළිබිඹු කරන තවත් එක ෆිලුමක් කියල මේක කියන්න පුලුවන්. ඉතින් මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ලස්සන කතාවක්. වැඩි කතා ඕනේ නෑ බලලම ඉන්න. ආයෙමත් ලස්සන ෆිලුමක් උපසිරසත් එක්ක හම්බවෙමු.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | 720P | x264 | 848MB |

Direct Download

| HDRip | 720P | 513MB |

| HDRip | 720P | x264 | 848MB |


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!