Doom (2005) | ඉරණම

හායි, කොහොමද? ඔන්න සමාවෙන්න ටිකක් පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලා කැමති විදිහේ science fiction movie එකක්. ටිකක් horror වගෙත් තියනවා. මේ කතාවෙදි සිද්ධවෙන්නේ නෙවාඩා කාන්තාරයේ කැණීම් සිදුකරන පුරාවිද්‍යාඥයින් පිරිසකට හම්බවෙනවා රහස් දොරටුවක්. මේ රහස් දොරටුව හදලා තියෙන්නේ පෘථිවීයේ ඉඳලා අඟහරු වෙත යන්නයි. ඒක හරියට teleporter ක්‍රමය වගෙයි. ඇත්තටම මේක දොරටුව හදලා තියෙන්නේ අඟහරු මත ජීවත් වෙලා හිටපු මිනිස්සු. එයාලා මේ දොරටුව හදලා තියෙන්නේ මොකටද කියලා ඔයාලට දැනගන්න ලැබෙයි. ඉතින් මේවිද්‍යාඥයෝ ඒ දොරටුව හරහා ගිහින් අඟහරු මත පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවනවා. ඉතින් මෙයාලට හම්බවෙනවා ඈත අතීතයේ අඟහරු මත හිටපු ජීවීන්ගේ අස්ථි. ඉතින් ඒ මිනිස්සුන්ගේ කොටස් පරීක්ෂා කරල බැලුවම මෙයාලාට දැනගන්න ලැබෙනවා මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් කියලා. ඒ කියන්නේ ඉතාමත් බලගතු, බුද්ධිමත්, ශක්තිමත් ජීවීන් කොට්ඨාසයක් කියලා. මේ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිටපු ගමන් ලොකු වෙනස්කම් වගයක් ඇතිවෙනවා. මේ ග්‍රහලෝකයට සතුරු උවදුරක් වගේ දෙයක් එනවා. ඉතින් ඒක මැඩපවත්වන්න පෘථිවීයේ ඉඳලා විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් එනවා. එයාලටත් අමුතු දේව්ල් වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඒවා ඔයාලම බලන්න. මේ කතාවෙන් කියන තවදෙයක් තමයි, අපේ ග්‍රහලෝකයේ ජීවය ආරම්භ උන හැටි. කොහොමහරි ඔයාලා මේක බලලා ඔයාලම තීරණය කරන්න. කතාව ගැන විස්තර ඇති.

මේ කතාවේ cast එක ගැන විස්තර කරනවනම්, මේකේ ඉන්නවා ඔයාලා කවුරුත් ආදරය කරන Dwayne johnoson, ඊලඟට ඉන්නවා Karl urban. සමහරවිට වැඩිය දන්නේ නැතුව ඇති Dredd movie එකේ ඉන්නේ, ඊලඟට ඉන්නවා Rosamund Pike, ඉතින් අමුතුම තාලෙක ලස්සන movie එකක්. මං මේකට කාලයක් තිස්සේ sub දාන්න බලාගෙනයි හිටියේ. ඔන්න අද ඒකට chance එක ආවා.මේක ඇත්තටම ලස්සන movie එකක්. නොවරදවාම බලන්න එහෙනම්. හරි එහෙනම් හැමෝටම ජයියෙන්ජයම වේවා! ලඟදීම හමුවෙමු.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BRRip | 720P | x264 | 700MB |

Direct Download

| BRRip | 720P | x264 | 700MB |


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!