Silukkuvarupatti Singam (2018) | සයිකල් මෙහෙයුම…

බයිස්කෝප් සිංහලෙන් හා බැඳි සිටින සියලු රසික රසිකාවියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! එහෙනම් SARKAR 2018 දමිළ චිත්‍රපටයට පසුව මා ඔබ හමුවන්නේ නව වසරේ මාගේ පලමුවැනි උපසිරැසි නිර්මාණය සමඟින් තනියම නම් නෙවෙයි තවත් අපේම අඩවියේ සොයුරෙක්ගේද උදව් ඇතිව.! නොසිතු මොහොතක මෙම චිත්‍රපටය සඳහා හොඳ තත්වයේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වූ විගස තිබු වැඩ රාජකාරි මධ්‍යයේ කෙසේ හෝ මෙම උපසිරැසිය ඉක්මණින් ඔබ හට තිලිණ කිරීමට මා හා අත්වැල් බැඳ ගත් බේනුක මල්ලිටත් ඒ පිළිබඳව දැනුවත් කල කවිනු මල්ලිත් ස්තූති කරන ගමන්ම මෙම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්තාව වෙන්කර දීම සබෑදිව අප සංස්කාරක මඩුල්ලේ අශාන් විමුක්ති සොයුරාටත් ස්තුතිවන්ත වෙමින් අවසන් වරට තාරක නුවන් දිල්හාර මල්ලිවත් ස්තූතීපූර්වකව සිහිකරන අතරම චිත්‍රපටයේ අනෙකුත් තොරතුරු හා කතා සාරාංශය දෙසට යොමු වෙමු.
හොදයි එහෙනම් නම Silukkuvarupatti Singam. දෙමළ සිංගම් ආවා, ඒ විතරක්ද අජේ රගපාපු බොලිවුඩ් චිත්‍රපට ත්‍රිත්වයකුත් ආවා. බලන්න ඇතිනේ!

අවනීතිය රජ කරන යුක්තිය බල්ලට ගිය සමාජයේ පිනට පහල වෙන අභීත පොලිස් නිළධාරියෙක්…

මුළු ගමක් එහෙමත් නැත්තම් රටක් හොල්ලපු යකාට බය නැති හයේ හතරේ මැරයෙක්…..

හැම කොල්ලෙක්ම සිහින දැක්කත්, ඒ කාටත් හොරෙන් අර පොලිස් නිළධාරියාගේ අත පතන සූකිරි කැටේ වගේ කෙල්ලෙක්….

එහෙනම් ලෑස්ති වෙන්න මේ තමයි ඔබට පුදන ඊළග අභීත පොලිස් නිළධාරියාගේ…. පොඩ්ඩක් ඉන්න, කවුද කිව්වේ මේ එහෙම කෙනෙක් කියලා…

සූකිරි කැටේ කතාව ඇත්ත, හයේ හතරේ මැරයත් ඇත්ත.. ඒත් අභීත පොලිස් නිළධාරියෙක්…… එහෙම කෙනෙක් නම් මේ කතාවේ හොයාගන්න නෑ 😂

සත්‍යමූර්ති එහෙමත් නැත්තම් සතී කියන්නේ ගමේ පොලීසියේ සේවයේ නියුතු බොහොම කඩවසම් පොලිස් නිළධාරියෙක්. ලොක්කගේ පැත්තෙන් බැලුවොත් නීතිය අකුරට රකින අනිත් අයටත් ආදර්ශයට ගන්න පුළුවන් පරමාදර්ශී චරිතයක්.
හොදම යාළුවගේ පැත්තෙන් බැලුවොත් දකින දකින කෙල්ලෝ පස්සේ යන සෙල්ලක්කාර ජීවිතයක්. මාමණ්ඩිගේ පැත්තෙන් බැලුවොත් කිසිම කමකට නැති නිකමෙක්. අනිත් නිළධාරීන් මැරයොත් එක්ක සටන් කරලා උසස්වීම් ගන්න දගළද්දි සතී ලැබුණ කොස්තාපල් කමටත් වෛර බැන්දා විතරයි. අනිත් නිළධාරීන් මැරයන් එක්ක සටන් කරන වෙලාවේ සතී කළේ හැම සටනක්ම මග ඇරපු එක විතරයි. වචනයේ පරිසමාප්තියෙන්ම වස කම්මැලියෙක්. නිකමට හිතන්න එහෙම එකෙක්ට නගරේ ඉන්න හොදම මැරයා එක්ක වළියක් සෙට් වුණොත් කොහොමද?  ඔව් ඒ තමා Silukkuvarupatti Singam

මේ චිත්‍රපටය තිරගතවීම ආරම්භ වෙන්නේ 2018 අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනිදා. බොහොම මෑතකදි. කවුරුත් හිතන්නේ නැති  විදිහට මේකේ හොද පිටපතක් මීට දවස් තුනකට කලින් රිලීස් වුණා. Imdb අගය 7.2 ක් ලබාගත්ත මේ සලරුව drama, action, comedy කියන කාණ්ඩ වලට අයිති වෙනවා. ගූගල් පරිශීලක මනාපය සදහන් වෙන්නේ 92% ක් විදිහටයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ chella විසින්. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Vishnu Vishal සහ Aryan Rameshවිසින්. නළු නිළියෝ ගැන කිව්වොත් කවුරුත් හොදට දන්න Vishnu Vishalසත්‍යමූර්ති විදිහට රංගනය දක්වනවා. මතකනේ Ratsasan ෆිල්ම් එකේ මෙයාගේ රංගනය. ඒත් ඊට වෙනස් කොමඩි ගතියට බර රංගනයක් මෙයාගෙන් බලාගන්න පුළුවන් . ඒ වගේම සූකිරි කැටේ විදිහට Regina රංගනයෙන් දායක වෙනවා. එයා ගැනත් කියන්න දෙයක් නෑනේ. කවුරුත් දන්න Yogi Babu ත් මේකේ දක්ශ රංගනයක නිරත වෙනවා. එහෙනම් මේ සලරුවට මට එකතු වෙන්න අවස්ථාව ලබා දුන්න තරිදු රුක්ශාන් අයියට ස්තූති කරන ගමන් මම සමුගන්නවා. බාගෙනම බලන්න, කමෙන්ට් එකකින් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා….

සර්.. සර් අන්න අරෙහේ මිනිස්සු වගයක් ඔළු පලා ගන්නවා….

කොස්තාපල් සත්‍යමූර්ති- මේ වගේ සැණකෙලි වල ඔය වගේ දේවල් සාමාන්‍යයි
අපි ඒකට මැදිහත් වෙන්න ඕන නෑ


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 700MB |

Direct Download

| HDRip | x264 | Esubs | 250MB |

| HDRip | x264 | Esubs | 400MB |

| HDRip | x264 | ESubs | 500MB |

| HDRip | x264 | ESubs | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x265 | 720p | 870MB |

| HDRip | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Silukkuvarupatti Singam (2018) | සයිකල් මෙහෙයුම…

  • January 14, 2019 at 11:49
    Permalink

    Thankyou baiscopedownloads and sub eka dunna kenata

    Reply
  • January 22, 2019 at 06:07
    Permalink

    400 mb eka download karanne kohomada

    Reply
  • January 26, 2019 at 07:14
    Permalink

    Tamilrockers site eke original link ekak dennako

    Reply
  • May 5, 2019 at 10:53
    Permalink

    Sillukkuvarupathi singham sinhala sub eka oni

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!