Shamitabh (2015) |උඹ නැත්නම් මමත් නෑ, මම නැත්නම් උඹත් නෑ…

කොහොමද ඉතින් හැමෝටම. ඔන්න තවත් අලුත්ම බයිස්කෝප් එකක් අරගෙනයි මම මේ එන්නේ. එක දිගට නැගිටින්නේ නැතුව සබ් එක කරලා. ඇස් පුංචි කරගෙන තමයි මේ ලිපිය ලියන්නේ. ඒක නිසා එක වචනය තැන් දෙකක තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා. ඔන්න එහෙනම් පම්පෝරිය පැත්තකින් තියලා කතාවට බහින්නම්කො. බොලිවුඩ් වල සුපිරි තරුව අමිතාබ් බච්චන් ඉන්න සුපිරි අයිටම් එකක් තමයි මේ පාර මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේක හැමදේකින්ම පරිපූර්ණ චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. ආදරය, කුතුහලය, පාවාදීම, ආදී හැම මගුලක්ම මේකේ තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ R.Balki විසින්. දක්ෂ සංගීතඥයෙකු වන Ilaiyaraaja විසින් තමයි මේක සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

සුපිරි නළු අමිතාබ් බච්චන් සමග ධනුෂ් තමයි මේකට ප්‍රධාන නළුවන් දායක වෙන්නේ. Akshara Haasan තමයි ප්‍රධාන නිළිය ලෙසින් කටයුතු කරන්නේ. මෙයා කවුද කියලා නමේ අග කොටස දැක්කම හිතාගන්න පුළුවන් නේද? එයා සුපිරි නළු කමල් හසන්ගේ දුවෙක්. එහෙමත් නැතිනම් කවුරුත් දන්නා සෘති හසන්ගේ නංගි, මේ චිත්‍රපටය සඳහා සෘති ගීත ගායනයෙන් දායක වෙලා තියනෙවා.

දානීෂ් කියන්නේ ගොළු කොල්ලෙක්. එයාට අවශ්‍ය වෙනවා නළුවෙක් වෙන්න. පොඩි කලේ ඉඳන්ම චිත්‍රපටි පිස්සෙක්. මෙයා ගොළු නිසා කවුරුවත් මෙයාට අවස්තාව දෙන්නේ නෑ. මෙයා ලොකු වෙලා නගරයට ගිහින් සිනමා ගම්මානයකට රිංගනවා.මෙයා එතන තියෙන සුපිරි පහසුකම් වලින් යුත් බස් එකක හැංගිලා බොහෝ කාලයක් ගත කරනවා. පස්සේ එයාව අහුවෙනවා. එතනින් එයාව බේරාගන්නේ සිනමා ගම්මානයේ හිටපු අක්ෂරා විසින්. දානීශ්ට නළුවෙක් වෙන්න අවශ්‍යයි කියලා එයා දැනගන්නවා. ඒත් එයා කරන කිසිම උත්සහයක්වත් සාර්ථක වෙන්නේ නෑ. අක්ෂරාගේ පියා දොස්තර කෙනෙක්. එයාගේ පිටරට ඉන්න යාලුවෙක් එයාට වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීමක් ගැන ආරංචියක් දෙනවා. ඉතින් දානීෂ්ට කතා කරන්න අවස්තාවක් එයින් ලැබෙනවා. නමුත් ඒ උපකරණය ක්‍රියා කරවන්න තවත් කෙනෙක්ගේ හඬ අවශ්‍යයි. හැම තැනම හොයලා හොයලා දානීෂ්ට ගැලපෙන කටහඬ හම්බවෙන්නේ අමිතාබ් කියන බේබද්දාගෙන්. තව දැනගන්න ඕනද? අනේ තවත් කියන්න අමාරුයි. මට දැන් යන්න ඕන.

ඉතින් එහෙනම් මට මේක දීපු සමීර චතුරංග අයියාව මතක් කරනවා, ඒ වගේම බයිස්කෝප් සෙට් එකේ හමෝමවත් අපේ අඩවියට පිවිසෙන ඔයාලාවත් මතක් කරන ගමන් හැමෝටම සුභ දවසක් පතමින්. මම අදට සමුගන්නවා. ජය වේවා …!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | 720p | 1GB |

Direct Download

| DVDRip | Esubs | x264 | 900MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!