Den of Thieves (2018) | හොරුන්ගේ තිප්පොල

කොහෙන් පටන්ගෙන කොහොම ලියන්නද, නැත මට වැටහෙන්නේ ? එහෙනම් ඔන්න මේ සූදානම අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට අවුරුදු තෑග්ගක් දෙන්න. සමහරු මේක දෙනකම් මගබලන් ඉන්නත් ඇති. ඉතින් අද වගේ විශේෂ දවසක ඔයාලාට මේක දෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන, මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ මම නෙමෙයි. ලහිරු ප්‍රසාද් සහෝදරයා. ඉතින් මට 150 වෙනි කඩයිම වෙනුවෙන් මේක කරන්න කියලා එයා මට මේක බාරදුන්නා. ඉතින් ඒ වෙනුවෙන් මම මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන.


මම බයිස්කෝප් පවුලට එකතු උනේ 2014 වර්ෂයේ. මම නම් වශයෙන් මේ වෙලාවේ කවුරුවත් ගැන සඳහන් කරන්න යන්නේ නෑ. මොකද එක්කෙනෙක්ගේ හරි නමක් මට සඳහන් කරන්න බැරි උනොත් ඒක ලොකු වැරැද්දක් විදියට මම දකිනවා. ඒක නිසා නම් සඳහන් නොකලාට අමනාප වෙන්න එපා. එදා මෙදාතුර මේ පවුලේ මට ගොඩාක් අයව අඳුරගන්න ලැබිලා තියනවා. මම බාරගත්තු උපසිරැසි කරන්න බැරි උනොත් ඒවා කරලා දෙන්න උදව් කරපු ගොඩාක් සහෝදරයෝ ඉන්නවා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. ඒවගේම තමයි තමන්ගේ කාලය ශ්‍රමය වැය කරලා උපසිරැසි කරන අනෙක් උපසිරැසිකරුවන්. එයාලා ඔයාලා වෙනුවෙන් ලොකු සේවයක් ඉටුකරන බව අපි හැමෝම දන්නවා. එතනින් ගියාම බයිස්කෝප් පවුල මේ තරම් දුරට එකමුතුව, දිනෙන් දින ශක්තිමත් වෙමින් වසර නමයකටත් වඩා කාලයක් ඉදිරියට අරගෙන යන්න ඒ පස්සෙන් හිටපු ඇඩ්මින් මණ්ඩලයේ සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරනවා.

ගොඩාක් අය කියනවා වගේ එක අතකට මමත් මේකට ඇබ්බැහි වෙලා. කොහොමවත් අතහරින්න හිතෙන්නේ නෑ. හැබැයි ඉදිරියට වෙනදා වගේ උපසිරැසි කරන්න කාලය වෙන් කරගන්න අමාරු වෙයි. මේ උපසිරැසිය කරන්න උනත් කාලය හොයාගන්න මට ලොකු වෙහෙසක් ගන්න උනා. මම චිත්‍රපටි වලට වඩා නම් රූපවාහිනි කතාමාලා වලට තමයි උපසිරැසි කරලා තියෙන්නේ. ඒ අතරේ තියනවාForever (2014) , iZombie (2015) , Gotham,FrequencyTakenFlash. නමුත් iZombie සහ Taken කතාමාලා වල අලුත් සීසන් වලට නම් උපසිරැසි අරගෙන එන්න විදියක් නෑ. කාලය ඒවාට හරස් වෙන නිසා. මගේ 50 වෙනි කඩයිමේදී Paul Blart:Mall Cop 2චිත්‍රපටියට උපසිරැසි රැගෙන ආවා වගේම 100 වෙනි කඩයිමේදී Beauty and the Beast (2017) චිත්‍රපටියට උපසිරැසි රැගෙන එන්න හැකිවුනා. 100 වෙනි කඩයිමේදී නම් හිතුවාටත් වඩා ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා. දැන් උනත් ඒ දිහා බලද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මට මේ වෙලාවේ කියන්න ඕන කියලා හිතට ආපු අදහස් ටික මේ විදියට ලිපියේ සඳහන් කලා. මම එහෙනම් චිත්‍රපටිය ගැනත් විස්තරයක් කරන්නම්.

මේ චිත්‍රපටිය නිකුත් උනේ මේ වසරේ ජනවාරි මාසයේ 19 වෙනිදා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christian Gudegast විසින්. ඒවගේම මේ සඳහා ලැබී තියන IMdb අගය 7.1 ලෙස සටහන් වෙලා තියනවා. දැනට මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 74.8 ක් බවත් සඳහන් වෙලා තියනවා. මෙහි ප්‍රධාන තරු අතරේ Gerard Butler, Pablo Screiber, O’Shea Jackson Jr සහ 50 cent සිටිනවා. කතාවේ පූර්ව ප්‍රචාරක පටය බලපු අය නම් දන්නවා ඇති කතාව මොනවගේ ඇතිද කියලා ?

වසරකට 2400 වතාවක්, සතියකට 44 වතාවක්, දිනකට 9 වතාවක්, සෑම මිනිත්තු 48කට වරක්, ලොස් ඇන්ජලිස් නගරයේ බැංකු මංකොල්ලයක් සිද්ධවෙනවා. රේ මෙරිමෙන් කියන්නේ කලින් හමුදා සේවයේ යෙදුනු කෙනෙක්. ඔහු තවත් කිහිපදෙනෙක් එක්ක එකතුවෙලා ආමඩ් ට්‍රක් එකක් පැහැරගන්නවා. ඒ වෙලාවේදී පොලිසිය සමඟ ඇතිවුනු වෙඩි හුවමාරුවකින් ඔවුන්ගේ කණ්ඩායමේ කෙනෙක්ට වගේම තවත් පුද්ගලයින් හත්දෙනෙක්ට විතර ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා. ඉතින් ලොස් ඇන්ජලිස් නගරයේ පොලිසිය වගේම ඒ හා බලතල තියෙන ෂෙරිෆ් දෙපාර්තුමේන්තුවක් තියනවා. මේ ගැන හොයන්න වැඩේට බහින්නේ මේ ෂෙරිෆ් සෙට් එක තමයි. ෂෙරිෆ් කණ්ඩායමේ නායකයා තමයි නික් (Gerard Butler). නික් සිදුවීම උන තැන තියෙන ආරක්ෂක කැමරා දර්ශන වලින් හොයාගන්නවා මේ අය අවධානයෙන් හිටපු බාර් එකක වැඩ කරන කොල්ලෙක් ගැන. එයත් හිරේට ගියපු කෙනෙක්. ඉතින් එයාගේ මාර්ගයෙන් තමයි මේ ගැන හොයන්න එයා පාර කපාගෙන ඉස්සරහට යන්නේ. මම මුලින්ම සඳහන් කලේ බැංකු කොල්ලයන් ගැන. ඉතින් ඔය මම කියපු සිදුවීම විශාල බැංකු මංකොල්ලයකට මුලපිරීමක් විතරයි. ගොඩාක් විස්තර කතාව බලාගෙන යනකොට දැනගන්න පුලුවන් වෙයි.

එහෙනම් ඉතින් අවසානය සනිටුහන් කරන්න තමයි මේ සූදානම. ආයෙත් වතාවක් සහෝදර උපසිරැසිකරුවන්, ඇඩ්මින් සහෝදර සහෝදරියන් සහ එදා ඉඳන්ම අපිත් එක්ක හිටපු අපිට ශක්තියක් උන ප්‍රේක්ෂක ඔබටත් බොහොම ස්තූතියි කියන ගමන් මේ ලැබූවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම  ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | Bluray | x264 | 720p | 1.2GB

Direct Download

| Bluray | x264 | 480p | 500MB | 

 

| Bluray | x265 | 720p | 800MB | 

 

| Bluray | x264 | 720p | 1.2GB | 

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

12 thoughts on “Den of Thieves (2018) | හොරුන්ගේ තිප්පොල

  • April 15, 2018 at 14:41
    Permalink

    BR එකට අප් කරලා නැහැ තවම වෙබ් රිප් එක දාපන්

    Reply
    • June 25, 2018 at 19:13
      Permalink

      Machan meke sub eka video ekatagaanata match wenawada

      Reply
  • April 15, 2018 at 18:35
    Permalink

    Blueray ekata sub eka update karanna.

    Reply
  • April 16, 2018 at 20:36
    Permalink

    Blueray ekata sub awanne

    Reply
  • May 17, 2019 at 11:47
    Permalink

    meke sub link eka weda ne ne machan

    Reply
  • May 19, 2019 at 17:44
    Permalink

    Me sub eka download karanna bahane

    Reply
  • May 24, 2019 at 22:06
    Permalink

    Mcn sub link weda ne..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!