ABCD: American-Born Confused Desi (2013) | ඇමරිකාවේ ඉපදුණු අවුල් වූ ඉන්දියානුවන්

මලයාලම් රසිකයෙක් නම් ඔබ Charlie මලයාලම් චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලලා ඇති කියා මා සිතනවා. එහි අධ්‍යක්ෂවරයාගේම තවත් චිත්‍රපටයක් තමයි ABCD කියන්නේ. Charlie ෆිල්ම් එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ Dulquer Salman.

ජෝන්ස් හා කෝරා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙයාලගේ දෙමව්පියෝ ගොඩාක් පොහොසත් අය. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කියන පොහොසත් තරුණයින් දෙන්නා ඇමරිකාවේ ගත කරන්නේ හරිම හිතුවක්කාර, වගකීම් රහිත ජීවිතයක්. ජෝන්ස්ගේ තාත්තා, ජෝන්ස් හා කෝරාව ඉන්දියාවට යවනවා ජීවිතය ගැන ඉගෙනගන්න කියලා. හැබැයි ජෝන්ස්ගේ තාත්තා හිතපු විදිහට නම් ඒ වැඩේ සිද්ධ වුණේ නෑ. ඉන්දියාවේදි ජෝන්ස් හා කෝරා කරදර කෝටියක් ඇඟේ දා ගන්නවා. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කොහොමද ජීවිතය ගැන ඉගෙනගන්නේ කියලා බලන්න නම් ABCD – American Born Confused Desi චිත්‍රපටය නරඹන්න වෙනවා.

Comedy කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති මේ චිත්‍රපටයේ Dulquer SalmanTovino ThomasJacob GregoryAparna Gopinath ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.Google User Rating 90% ලබා ගත් මෙම සිනමා පටය, තාරුණ්‍යයට හොඳ ආදර්ශයක් සපයන්න සමත් වෙනවා.

අවසාන වශයෙන්, මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි කරන්න කියලා මගෙන් ඉල්ලපු අරුණ අමරසිංහ සහෝදරයාට ස්තූතිවන්ත වෙමින් සමාව ඉල්ලනවා උපසිරැස හදන්න මේ තරම් කාලයක් ගත්තට.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන මලයාලම් සිනමා නිර්මාණයත් රසවිඳින ලෙසට.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BDRip | x264 | 720p | 1.5GB |

Direct Download

| BDRip | x264 | 720p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “ABCD: American-Born Confused Desi (2013) | ඇමරිකාවේ ඉපදුණු අවුල් වූ ඉන්දියානුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!