Cabaret (2019) | අඳුරෙන් උපන් නළඟන!

2019 අවුරුද්දේ උණුවෙන්ම නිකුත් වෙච්ච චිත්‍රපටියක් අරන් තමා මේ ආවේ. මීට කලින් එලියට දාන්න නියමිතව තිබ්බ චිත්‍රපටියක් උනත් විවිධ ප්‍රශ්න මධ්‍යයේ කල් ගිහින් ඊයේ දවසේදී ඩිජිටල් රිලීස් එකක් විදිහට එළිදැක්වුණා. මේ වෙනකම් සබක් ඇවිල්ලා නම් නෑ, පුළුවන් විදිහට අහලා කොටලා ගෙනාව. ප්‍රධාන චරිත වලට රීචා චඩ්ඩා, ගුල්ෂාන් දේවයියා, ගුල්ෂාන් ග්‍රෝවර් එක්ක කවුරුත් දන්න ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීශාන්ත් රංගනයෙන් දායක වෙනවා. සමහරු කියනවා මේ චිත්‍රපටියට ඉන්දීය ජනකාන්ත නිලි “හෙලන්ගේ” ජීවිත කතාව පදනම් වෙනවා කියලා.

ගෞරව් කියන්නේ මතට ඇබ්බැහි වෙච්ච මාධ්‍යවේදියෙක්. මේ ඇබ්බැහි වීම පිටිපස්සේ ලොකු හේතුවක් තිබුණා. ජීවත් වෙනවට ජීවත් වුණේ, මෙයා. දවසක් මිනිහට ඔෆිස් එකෙන් වැඩක් පැවරෙනවා. ඒ නගරයට එන කැබරට් ඩාන්සර් කෙනෙක්ගේ ඉන්ටවීව් එකක් ගන්න කියලා. මිනිහා අකමැත්තෙන් නමුත් රස්සාව බේරගන්න ඕන හින්දා ඒකට කැමති වෙනවා. ඒත් මිනිහා හිතුවේ නෑ ඒ ඩාන්සර් මිනිහගේ මුළු ජීවිතේ එහෙම්පිටින්ම කණපිට හරවයි කියලා. ඒ හමුවීම ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ කරවාවී කියලා මිනිහා හීනෙන්වත් හිතන්න නැතුවැති.

පුද්ගලික අදහස:

චිත්‍රපටියක් බලද්දී මහ දේවල් බලාපොරොත්තු වෙනවා නම් මේක බලන්නෙපා කියන එකයි මගේ අදහස. වැඩිහිටි දර්ශන කිහිපයක්, ප්‍රෙඩික්ටබල් ට්විස්ට් කිහිපයක් එක්ක ශ්‍රීශාන්ත්ගේ රංගන හැකියාව බලාගන්න ඕන නම් මේක බලන්න. මට නම් මේකේ පෙනුන එකම ප්ලස් පොයින්ට් එක ශ්‍රීෂාන්ත්ගේ ඇක්ටින් විතරයි.IMDb අගය මේ වෙද්දී 6.2ක අගයක් ලබාගෙන තියෙනවා. තාම දවසනේ. 5ට අඩු අගයක් තමා බලාපොරොත්තු වෙන්න පුළුවන් සහ සුදුසුත්. බලන්න හිතෙනවා නම් ආයේ හිත හිත ඉන්න එපා. අරගෙන බලන්න. තේරුමක් නැති ටැමිල් ඒවා එහෙම බලනවා නම් අනිවා මේකත් බලන්න. අරයිවට වඩා ටිකක් හරි හොඳයි 😀

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esubs | 700MB |

Direct Download

| HDRip | x264 | ESubs | 400MB |

| HDRip | x264 | ESubs | 600MB |

| HDRip | x264 | Esubs | 700MB |

| HDRip | x264 | 720p | 530MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Cabaret (2019) | අඳුරෙන් උපන් නළඟන!

  • January 11, 2019 at 14:36
    Permalink

    thankyou sub ekata saha film ekata baiscope

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!