Ralph Breaks the Internet (2018) | අන්තර්ජාලෙ ජංජාලයක්…

ඉතින් කොහොමද යාළුවනේ? ආයමත් ඔන්න කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආවා. මේ පාර ගෙනාවෙ ඔන්න ඇනිමේෂන් චිත්‍රපටියක්. මම හිතනවා මේකෙ පළවෙනි  චිත්‍රපටිය, ඒ කියන්නෙ Wreck-It Ralph (2012) නම් ඔයාලා බලලා ඇති කියලා. බලලා නැත්තම් ඒකත් බලලාම මේ පැත්තෙ එන්න. එතකොට කතාව තවත් රසවත් වෙයි. ඔයාලට මෙතනට ගියොත් උපසිරසිය ගන්න පුළුවන්. අපේ හසා අයියා කරන්න ගත්තු උපසිරසියක් මම මේ අමාරුවෙන් ඉල්ලා ගත්තෙ. ඒ නිසා හසා අයියාට ස්තූති කරන ගමන්ම මේකත් කියන්න ඕන. මේක අරන් එන්න පොඩ්ඩක් පරක්කු උනා මට. දැන් වැඩිය උපසිරසි කරන්නෙ නැති නිසා  ටයිප් කරන වේගය අඩාල වෙලා. ඒ නිසා සෑහෙන්න වෙලාවක්/දවසක් ගියා ඉවර කරන්න. අන්තිම ලයින් 400 කරේ නිකන් හපුතලේ කන්ද බඩගානවා වගේ. හෙ හේ.

හරි වැල්වටාරම් ඇති. කතාවට හැරෙමුකො. පළවෙනි චිත්‍රපටිය බැලුව අය නම් රැල්ෆ් කවුද වෙනෝලොපි කවුද කියලා දන්නවා. නොදන්න අය වෙනුවෙන් මම මෙහෙම කියන්නම් කො. මෙයාලා වීඩියෝ ගේම් චරිත. වීඩියෝ ගේම් ඇතුලෙ එයාලගෙ ජීවිතේ මොන වගේද බලපු එක තමයි අපි කලින් චිත්‍රපටියෙදි කරේ. මේ වතාවෙ වෙනෝලොපිට පොඩි අකරතැබ්බයක් සිද්ද වෙනවා. මේකට ඉතින් සුපුරුදු පරිදි රැල්ෆ් වගකියන්නත් ඕන. මේ වෙච්චර ප්‍රශ්ණෙට විසඳුමක් හොයාගෙන දෙන්නා එක්ක අන්තර්ජාලයට යනවා. දැන් පටලැවිලි ගොඩයි. ඔය කිව්වෙ වෙන දේ කෙටියෙන්. ඔයාලා කතාව බලලාම රස විඳින්න. කතාව කිව්වාම වැඩක් නෑනෙ. ඒත් මේ ටික කියන්න ඕන. අන්තර්ජාලයට මේ දෙන්නා ගියාම, මේ දෙන්නා යනවා එක එක වෙබ් අඩවි වලට. මේ යද්දි අයන්මෑන්, ගෘට් වගේම අපේ  ස්ටැන් ලී සීයා වත් ඔයාලට දැකගන්න පුළුවන් වෙනවා. ආයතේ පොඩ්ඩක් අනේ ස්ටැන් ලී දැන් නෑනෙ කියලා මතක් කරගන්න පුළුවන් ඒක දැකලා.

ඉතින් මේ චිත්‍රපටියට IMDb අගය දහයෙන් 7.3 ක් ලැබිලා තියනවා. කටහඬින් දායක වෙලා ඉන්නෙ John C. Reilly, Sarah Silverman, Gal Gadot වගේ අය.

එහෙනම් බලන්නකො රැල්ෆ් මේ පාර මොකක්ද කරන්නෙ කියලා. තව උපසිරසියක් අරන් ඉක්මනට එන්නම්. එතෙක් ජය…….


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDSCR | x264 | 720p | 850MB |

Direct Download

| DVDSCR | x264 | 720p | 850MB |

| DVDSCR | x265 | 720p | 350MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ralph Breaks the Internet (2018) | අන්තර්ජාලෙ ජංජාලයක්…

  • January 10, 2019 at 9:44 am
    Permalink

    Appo moko me dvdscr copy akak dala.

    Reply
    • January 10, 2019 at 1:53 pm
      Permalink

      sub dena ekta api link denne saho

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!