All About Eve (1950) | ඊව්ගේ කතාව

හැමෝටම ඉස්සෙල්ලාම සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. ඔන්න අවුරුද්දෙ පලවෙනි සබ් එක අරගෙන ආව බයිස්කෝප් යාලුවන්ට. අවුරුද්දෙ පලවෙනි එක කිව්වට මේක කරන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ. සෑහෙන කාලයක් ගියා. මෙවර තෝරගත්තෙ 1950 වසරේ තිරගත වෙච්ච ඕල් අබවුට් ඊව් කියන චිත්‍රපටය. මේක මම බාගෙනත් සෑහෙන කාලයක්. හොඳ වෙලාවට හොඳ ඇක්ටිව් ටොරන්ට් එකකුත් හම්බ උනා.

ජෝසප් එල් මැකෙවිස් ගේ අධ්‍යක්ෂණයට තිරපිටපත සකස් වෙන්නෙත් ඔහුගේ අතින්මයි. එකම දවසේ ඔස්කාර් සම්මාන දෙකක් දිනාගැනීමට ඔහු සමත් වෙන්නෙත් මේ චිත්රපටය නිසා. ඒ හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිරපිටපත වෙනුවෙන්. ඒ විතරක් නෙමේ හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 116 වන තැන හිමිකරගෙන සිටින මේ සිනමාපටයට ඉහත සම්මාන දෙකත් ඇතුලුව ඔස්කාර් සම්මාන හයක් දිනාගන්නවා. ඊට අමතරව තවත් සම්මාන 17 දිනාගෙන තවත් සම්මාන 17 ක් සඳහා නාමයෝජනාත් වෙනවා.

බෙට් ඩේවිස්, ඈන් බැක්ස්ටර්, ජෝර්ජ් සෑන්ඩර්ස්, සෙලෙස්ට් හෝම්ස්, ග්‍රේ මෙරිල් හියූ මර්ලෝ යන අය ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය සපයනවා. මෙච්චර සම්මාන ප්‍රමාණයක් දිනාගත්ත සිනමාපටය ගැන තවත් කතන්දර කියන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ. ඔබ බලන්න ඇතිනෙ ස්ටාර් ඉස් බෝර්න්. මේ සිනමා සිත්තමේ කතාවත් ඒකට ගොඩක් සමීපව යන කතාවක්. ආශාව, උනන්දුව කැපවීම, වංචාව, කපටිකම මේ හැමදෙයක්ම එකතුකරගෙන වේදිකාවට පෙම්බැඳි යුවතියකගේ හීනය මල්පලගන්වාගන්නා ආකාරය වටා තමා මේ කතාව ගෙතිල තියෙන්නෙ. ඊව් තම හීනය සැබෑකරගන්නා ආකාරය බලන්නනම් ඔබත් මේ සිනමාසිත්තම රසවිඳින්න.

යිෆී ටොරන්ට් අඩවියෙන් වීඩියෝ පිටපත බාගන්න පුලුවන්. ඒ වගේම මේ උපසිරැසියේ තියෙන වැරදීම් වලට සමාව ඉල්ලන්න ඕන. මොකද මේකෙ සමහර දෙබස් මට තේරුණේම නෑ. සමහර දවස්වලට ලයින් දෙකතුනක් ටයිප් කරල අතැරල දාපු දවසුත් තිබුණ. ඒ තරමට එපා උනා සබ් කරන එක මේ ෆිල්ම් එකෙන්. කරන්න ඇහුවට මම හිතුවෙ නෑ මෙච්චර අමාරු වෙයි කියල. ඒත් වැරදි වැරදි හරි කරගත්ත. අඩුපාඩු තියෙනවනම් කියලදෙන එකනම් ගොඩක් හොඳයි. තවත් සලරුවකින් හමුවෙනතුරු ආයුබෝවන්.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p| 900MB |

Direct Download

| Bluray | 720p | x264 | 900MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!