Chachi 420 (1998) | කපටි නැන්දා!!

මම කලින් මලයාලම් චිත්‍රපටියකට උපසිරසි දුන්නට පස්සෙ මේ පාර හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මං මේ සබ් එක අරන් එන්නෙ මාස 5කට වගේ පස්සෙ. මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දයි තවත් චිත්‍රපටියකට සබ් එකක් දෙන්න හිතුනෙ. මම මගේ දෙවනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Chachi 420 (1998) කියන චිත්‍රපටියයි. මේ චිත්‍රපටයත් ට්කක් පරණයි. 19 December 1997 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. ඒත් චිත්‍රපටිය නම් නියමයි. ඇත්තම කියනව නම් මේ තේමාවෙම යන සිංහල චිත්‍රපටියක් තියෙනවා. “කවුද බොලේ ඇලිස්” කියල. හැබැයි ඒ චිත්‍රපටිය වගේමයි කියන්න බෑ. චිත්‍රපටි දෙකේම වෙස්වලා ගැනීමක් තමයි තියෙන්නෙ.

2h 35min ක ධාවන කාලයක් සහිත IMDB අගය 7.4 ක් ගත් මේ සිනමා පටය Comedy, Drama, Family ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය, තිර රචනය සහ රංගනයෙන්ද දායක වෙන්නෙ Kamal Haasan. දෙබස් Gulzar ගෙනි. Kamal Haasan ට අමතරව මෙහි Tabu, Amrish Puri, Om Puri, Johnny Walker, Paresh Rawal, Nassar යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් ජයි හා ජානකී කියන දෙන්න යම් ආරවුලක් නිසා දික්කසාද වෙනවා. ඒ දෙන්නගෙ දරුව භාරතීවත් ජානකීගෙ ළඟට යනව.ඒත් ජයිට ඕන වෙනව තමන්ගෙ දුවව බලන්න. ඒක හින්ද එයා වෙස් මාරු කරගෙන ජානකීගෙ ගෙදර යනවා ලක්ෂ්මී විදියට. ඒත් මේ ලක්ෂ්මීට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ ප්‍රශ්න මොනවද, ඇයි මේ ජයි ජානකී දෙන්න තරහ වෙන්නෙ කියල ඔය ගොල්ලො චිත්‍රපටිය අරගෙනම බලන්න. (ධාවන කාලය 02:43:31 කියන විඩියෝ පිටපතට අදාලව තමයි සබ් එක කලේ, ඒ නිසා ඒ පිටපතම බාගන්න) ඉතින් නැවත හමු වෙන තුරු ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

ලැබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවා!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | 600MB |

Direct Download

| DVDRip | 480p | x264 | 528 MB |

| DVDRip | 720p | x264 | 880 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!