Loveyathri (2018) Aka Love Will Take Over Sinhala Subtitles | ආදර යාත්‍රාව

ආයුබෝවන් කට්ටියටම..හැම දාම වෙන කවුරු හරි කරන උපසිරැසක් එක්ක චිත්‍රපට බලද්දි මගෙම උපසිරැසක් එක්ක චිත්‍රපටයක් බලන්න ලොකු ආසාවක් තිබ්බ ඔන්න හා..හා පුරා කියල ඒකනම් ඉශ්ට කරගන්ත. මම මගේ පලවෙනි උපසිරැසිය ඕන්න ඉවර කරා. ඔක්කෝටම කලින් මට මේ උපසිරැස කරන්න ලබාදුන්න ආදරණීය විමා අයියට ස්තුතිය ඒ වගේම. අධ්‍යාපන කට යුතු අස්සෙ මේක මට හටි වෙලාවට දෙන්න බැරිඋනා. ඉතින් ඒ සඳහා ටිකක් වැඩි කාලයක් ආපහු ලබා දුන්නටත් විමා අයියට ගොඩාක් ස්තූතියි.

ඔක්කෝටම කලින් මම මේ සලරුව කාගෙද. කවුද ඉන්නෙ කියන වඟ තුග ටිකක් කියල ඉන්නම්කො. 2018 ඔක්තෝබර් 5 ප්‍රදර්ශනය ඇරඹුන LoveYatri නැත්තම් “ආදර යාත්‍රාව” අධ්‍යක්ෂනය කරන්නෙ Abhiraj Minawala මහතා. ඒ වගේම නිශ්පාදනය කරන්නෙ අපි හැමෝම දම්න ඉන්දියන් හින්දි සිනමාවේ ප්‍රතාපවත් චරිතයක් වන Salman Khan මහතා. ඒ වගේම විනාඩි 139 පුරා දාවනය වෙන මේ සලරුවේ විනාඩි 32 වෙන් වෙන්නෙ විශ්ව භාශාවක් වෙන සංගීතය එහෙම නැත්තම් සිංදු සඳහා..ගීත හතරක් පමන තියනව..(සිංදුනම් උපසිරසෙ නෑ ඈ.) සංගීත අධ්‍යක්ෂනයෙන් Tanishk Bagchi තමා දායකත්වය දෙන්නෙ. ප්‍රදාන රංගන දායකත්වය සුශාරත්(සුසු) ගෙ චරිතෙට Aayush Sharma. ඒ වගේම  (මිචෙල්/මනීශා) කියන චරිතෙට Warina Hussain තම දායකත්වය දෙනව.

ප්‍රධාන නළු නිළිය ගැන පොඩ්ඩක් හොයාගන යද්දි දැන ගත්තෙ මේක දෙන්නගෙම රංගන දායකත්වය දෙන කුලුදුල් සිනමා  සිත්තම කියල. ඒ වගේම “ආදර යාත්‍රාව” සලරුව  DramaRomance කියන කැටගරි එකට තමා අයිතිවෙන්නෙ. වාර්තා අනං මනං ටිකත් මෙතනම දිගාරින්නම් ඈ. සකරුව නිශ්පාදනයට කෝටි 27 යද්දි..බොක්ස්ඔෆීස් වාර්තාව කෝටි 18 යනව. ජ්‍යාත්‍යන්තර චිත්‍රපටය දර්ශකයේ (IMDB) මීටරේ 2.9/10 කැරකෙන්නෙ මනාප 1426 ලබාගන (මනාප 500 විතර අරං 8/10 වෙච්ච චිත්‍රපට තියනව ඈ). කුනු තක්කාලිය නැත්තම් (Rotten Tomatoes) එකත් 33% කැරකෙන්නෙ. ගූගල් හි මනාප පලකිරීම (google users like) මගින් 81% ලබාගන්නව.

කතාව පොඩ්ඩක් කියන්නම්කො… මම මෙහෙම පටන් ගන්නම්,

ඔයාට එයාව පලවෙනි පාරට හම්බ වෙන්නෙ නවරාත්‍රී උත්සවයෙදි.
ඇස් කතාකරන කොට.
ඔයාට දැනෙයි ලෝකෙම වියලි වගේම පට්ටට රත් වෙලා වගේ,…
ඒත් ඔයාට වැස්ස වහිනවා වගේ දැනෙයි.
හැමතැනම කලුසුදු ෆිලුමක් වගේ පාට නැති වෙයි.
හදවත ගැහෙයි අමුතුම රිදම් එකකට.
ඔයාට හිතෙයි හීනෙක ජිවත්වෙනවා කියල
ඔයාට දැනෙයි.
අත්තටු ලැබුනා කියලා.

මෙහෙම වෙලා තියනවද..? ඔයාලට මෙහෙම ගැනු ලමයෙක්ව යාළුකරගන්න කියලා දෙන මාමෙක් ඉදලා තියනවද..? පෝස්‍ත් කෙල්ලෙක්ව සාමාන්‍ය පවුලක කොල්ලෙක්ට අපේ වචනෙන්ම කියනවනම්  සෙට් කරගන්න පුලුවන් වෙයිද..? මේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ මේ සලරුව ඇතුලෙ විතරයි. වාර්තා ගැන බලලනම් චිත්‍රපටය බලන්නැතිව ඉන්න එපා කියල තමා කියන්න තියෙන්නෙ.

අවසාන වශයෙන් ආයෙමත් මට මේ ෆිල්ම් එකට සබ් කරන්න ලබා දුන් විමා සහෝදරයාට ස්තුතියි. පලමු උපසිරස නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුලුවන් ඒකට සමාවෙන්න. ඒ වගේම මට පට්ට සහයෝගයක් දුන්න පැතුම් එන් හේරත් සහෝදරයාට හා සමිත රමේශ් සහොදරයාට ස්තූතී. (ෆේස්බුක් එකෙන් සෙට් උන පට්ට බොක්කක්)

ආයෙත් සුපිරි සලරුවක උපසිරැස එක්ක හමුවෙමු එහෙනම් ජයවේවා..!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esubs | 700MB |

Direct Download

| HDRip | x264 | ESubs | 250MB |

| HDRip | x264 | ESubs | 400MB |

| HDRip | x264 | ESubs | 700MB |

| HDRip | x264 | 720p | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Loveyathri (2018) Aka Love Will Take Over Sinhala Subtitles | ආදර යාත්‍රාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!