Rachayitha (2018) | අහිංසක තරුණියකගෙ වියුරු වූ ආත්මයක පළිගැනීම (18+)…

“භය”

“භය කියන දෙය නිහඬව ගමන් කරන කාල වර්ණ නාගයකු වගේ
භය කියන දෙය අප පසු පස නිහඬවම එන අඳුරු සෙවනැල්ල වගේ 
භය කියන දෙය අප පසු පස දුව එන මරණය වගේ
භය සහ නිහඬබව මිතුරන් දෙදෙනෙක් වගේ
අපිට නිහඬ බව කියන දෙයට ලං වෙන්න වෙනවා
භය කියන දෙය ගැන දැනගන්න”.

ලිපිය ආරම්භ කල විදියෙන්ම තේරෙනවා ඇති මේක ටිකක් බය හිතෙන එකක් කියලා. මුලින්ම මම සියළුම දෙනාටම ලැබුවා වූ 2019 වසර සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු පරිදි නව අවුරුද්දෙ මාගෙ පළමුවෙනි උපසිරැසිය ලෙස මම අරගෙන ආවෙ 2018 පෙබරවාරි 16 වෙනිදා Rachayithaනැතිනම් “රචකයා” නමින් නිකුත් වුන තෙලිඟු චිත්‍රපටියට සිංහල උපසිරැසිය අරගෙන. ඒ වගෙම සිසිල සහෝට ස්තුති කරන්න ඕන මට මෙය ලබා දීම ගැන.

අපි එහෙනම් බලමු මෙහි කතා සාරාංශය කුමක්ද කියලා. ආදිත්‍ය වර්මා කියන්නෙ කිතුහලය දනවන ආන්දෝලාත්මක නවකතා රචනා කරන ප්‍රවීන ග්‍රන්ථ රචකයෙක්. ඔහූ මීට අවුරුදු 14 කට පෙර පාසල් යන වයසේදී පද්මාවති නම් ගැහැණු ළමයෙක්ට ප්‍රේම කරා. නමුත් පද්මාවතීගෙ දෙමාපියන්ගේ විරුද්ධත්වය නිසා එය වැළකී යනව. ඒ අනුව පද්මාවති වෙනත් පුද්ගලයෙකු හා විවාහ වෙනවා. එනමුත් අනපේක්ෂිත හදිසි අනතුරකින් පද්මාවතීගෙ ස්වාමියා මිය යනවා.

එසේ ස්වාමියා මිය ගියාට පසුව තනිවන පද්මාවතීට නව ජීවිතයක් ලබා දීමට ආදිත්‍ය වර්මා ඇයගෙ දෙමාපියන් හමුවී ඔවුන්ගෙ කැමැත්ත මත ඔහු මිළදීගත් නව නිවසක් වෙත ඇයව රැගෙන යනවා. ඒ යන්නෙ මුලින් පද්මාවති විවාහ වී මිළදී ගැනීමට ගිය නිවසටමයි. ඉන්පසු පද්මාවතීට නිවස තුල සිදුවන යම් යම් සිදුවීම් නිසා සහ පසුගිය මතකයන් නැවත මතකයට ඒම නිසා ඇය දැඩි මානසික ආතතියකට ලක් වෙනවා. මේ නිසා hysteria නම් මානසික රෝගයක්ද ඇයට සෑදෙනවා. මේ අතරේ ආදිත්‍යගෙ ගෝලයකු වෙන්න ආසාවෙන් පමිණෙන පුද්ගලයකු නිසා කතාව සම්පූරණයෙන්ම වෙනස්ම මාර්ගයකට අවතීර්ණ වෙන්න ගන්නවා.

මේ විස්තරය ඇතිවේවි කතාවෙ සිදුවීම ගැන දළ අවබොධයක් ලබා ගන්න. ඒ අනුව පද්මාවති මුහුණ දුන් අනතුර කුමක්ද? ඇයගෙ ස්වාමියාට සිදුවුනෙ කුමක්ද? නිවස තුල සිදුවන අද්භූත සිදුවීම් මොනවද? අවසානයෙ පද්මාවතීට සිදුවන්නෙ කුමක්ද? යන්න දැන ගැනීමට මෙය නරඹන්න වෙනවා. හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. නැවතත් අලුත් උපසිරැසියක් සමගින් අපි නැවත හමුවෙමු.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.3GB |

Direct Download

| HDRip | x264 | ESubs | 190MB |

| HDRip | x264 | ESubs | 400MB |

| HDRip | x264 | ESubs | 680MB |

| HDRip | x264 | 720p | 1.2GB |

| HDRip | x265 | 720p | 980MB |

| HDRip | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Rachayitha (2018) | අහිංසක තරුණියකගෙ වියුරු වූ ආත්මයක පළිගැනීම (18+)…

  • January 7, 2019 at 10:38 pm
    Permalink

    Audio track is not workig

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!