Aan Devathai (2018)| පිය සෙනෙහස !

ඔන්න යාලුවනේ මගෙ 20 වෙනි උපසිරස විදියට අරගෙන ආවා තාත්තා ගැන කියවෙන කතාවක්. මතක ඇතිනෙ ගිය වතාවෙ මම අරගෙන ආවෙ අම්ම කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම කොහොමද කියන එක ගැන කියවෙන කතාවක් …ඔන්න ඉතින් මේ වතාවේ හම්බවුණා තාත්තා කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැපවීම ගැන කියවෙන කතාවක්. Appa(2016)Thondan (2017) යන චිත්‍රපටවලට දායකත්වය ලබාදුන් “Samuthirakani” “ඉලංගෝ” ලෙසින් මෙම චිත්‍රපටයෙන් චරිතයෙන් තාත්තාගේ චරිතයට පණ පොවනවා.. Ramya Pandian,KavinMonica යන අය සෙසු චරිතවලින් දායක වෙනවා.

මුදල් පසුපස ,සුඛෝපභෝගි දිවි පෙවෙතක් පසුපස හඹායන සමාජයක, තම බිරිඳද දරුවන් ගැන පවා නොතකා එම සමාජයට අනුගත වෙන්න උත්සාහ දරන අවස්ථාවක තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට, සතුට,ගුණදම්, සාරධර්ම හා යහපත් පවුල් ජීවිතයක් වෙනුවෙන් කැපවෙන පියෙක් ගැන මෙම චිත්‍රපටයෙන් මනාව නිරූපණය වෙනවා. IMBD අගය 7.2ක් තරම් ඉහල අගයක් ඇති 2018ඔක්තෝබර් මස 12 වන දින තිරගත වීම ආරම්භ කල ActionDrama ගණය යටතේ විනාඩි 115 කාලයක් ධාවනය වෙනවා. වේගයෙන් දියුණුවන නාගරික සමාජය තුළ න්‍යෂ්ටික පවුල්වල අරගලවලට විසඳුමක් ලබා දීම සදහා අධ්‍යක්ෂවරයා වන තමිරා ගත් උත්සහයක් ලෙස ඉන්දියා ටුඩේ පුවත්පතද සදහන් කර තිබෙනවා. ඒ වගේම මෙමෙ ෆිලුමට Will Smith රගපෑ The Pursuit of Happyness (2006) චිත්‍රපටයේ දර්ශන කීපයක්ද පදනම් වෙලා තියෙනවා.

කාත් කවුරුවත් නැති ජෙසීකාව ඉලන්ගෝ විසින් විවාහ කරගෙන ඔවුනට “අගරමුදල්වන් ” හා “ආදිරා” යනුවෙන් නිවුන් දරුවන් උපත ලබනවා.එක ළමයෙක් ඉන්න අයත් දන්නව ඇති ළමයෙක් බලාගෙන දෙන්නම වැඩට යන්න කරන මහන්සිය.එතකොට ළමයි දෙන්නෙක් ඉන්නකොට කොහොමද කියල හිතාගන්න පුලුවන්නෙ.කොහොම් හරි දෙන්නම වැඩට යන ගමන් ළමයි දෙන්නවත් බලාගන්න එක,පාසලෙන් ආපහු ගන්න එක වෙලාවට කෑම දෙන එක අපහසු තත්ත්වයට පත් වුණා.ඒ නිසා දෙන්න අතර නිතර නිතර පුංචි පුංචි මතබේදත් ඇති වුණා.කොහොම හරි ඉලන්ගො යෝජනා කරනව දෙන්නගෙන් එක්කෙනෙක් නැවතිලා ළමයින්ව බලාගන්න,නමුත් ජෙසී කැමති වෙන්නෙ නෑ ඒකට.ඉතින් මොනා කරන්නද ඉලන්ගෝට ඕනෙ
ළමයි දෙන්නව බලාගන්න.නමුත් ජෙසීට ඕනෙ තමන්ගෙම කියල ලොකු ගෙයක්,කාර් එකක්,හොදට සල්ලි හම්බකරන්න. පස්සෙ ඉතින් ඉලංගෝ ගෙදර නැවතිල ළමයි බලාගෙන ගෙදරදොර ඉහුම්පිහුම්,රෙදි හෝදන ඒවා කරගෙන ඉන්න පටන් ගත්තා.ඉලන්ගො ගෙදරට වෙලා දරුවන්ගෙ වැඩත් කරගෙන අහල පහල ගෑණු අයත් එක්ක හිත්වත්ව ව්‍යායාම පාරක් දාගෙන කාඩ් අතක් ගහගෙන ඉන්නවා.

ඔහොම කාලෙ ගෙවීගෙන යද්දි ජෙසීගෙ යාලුවා බෙලීටා කාර් එකක් එහෙම අරගන්නව.ඒ අතර ජර්මන් ගමනකට කාර්යාලයෙන් ජෙසීවත් යන්න හිතාගෙන හිටියට ජෙසීගෙ නම ලැයිස්තුවට ඇතුලත් වෙන්නෙ නෑ. මේ ගැන කනස්සල්ලෙන් ජෙසී හිටියෙ.කාර්යාලයේ බොසා රෝයි හම්බවෙලා මේ ගැන කිය කිය ඇවිටිලි කලා. කොහොම හරි ජර්මන් ගමනට නම ඇතුලත් කරගන්න කියල.ඒ අතර ජෙසී වෙනම මහල් නිවාසයකට යන්න නිවාස ණයකුත් අරගන්නවා.කාර් එකකුත් අරගන්නව ණය වෙල,නමුත් ඉලංගෝ නම් මේ එකකටවත් කැමති වෙන්නෙ නෑ.කොහොම හරි දවසක් ජෙසීගෙ පර්ටියකට කට්ටියම යනව. එහිදි අදිරාට අතවරයක් කරන්න හැදුව කියල අදිරා අඩාගෙන ඇවිත් තාත්තට කියනව(ඉලන්ගෝ).මේවගේ දේකට ඕනම් තාත්තෙක් හැසිරෙන්නෙ කොහොමද දන්නවනෙ.ඉලන්ගෝ අර මිනිහට ගහනවා.මෙතැනට එන ජෙසී එයාට අවමාන කලා කියල ඉලන්ගෝට කනේ පාරක් ගහල ගෙදර යනවා.කොහොම හරි ප්‍රශ්නෙ උඩුදුවල ඉලන්ගෝ ගෙදරින් පිටවෙලා යන්න සිද්දවෙනවා. මොකද ජෙසි කියනවා හැමදේම එයා හම්බකර ගත්තුවා,ඉලන්ගෝ කරන්නෙ ගෙදරට වෙලා ඉදගෙන කන එක විතරයි කියල.පුලුවන්නම් දවසක් එළියට ගිහින් ජීවත් වෙලා බලන්න කියල. අනේ ඉතින් ළමයින් වෙනුවෙන්ම මහන්සි වුණ අසරණ ඉලන්ගෝ මොනව කරන්නද ?,ඉලන්ගෝ පිටත්වෙලා යන්න හදනකොට අදිරා අඩනව තාත්තේ මට බයයි කියල.. පස්සෙ මොනා කරන්නද අදිරවත් අරගෙන ඉලන්ගෝ ගෙදරින් යන්න යනවා.

කතාව ඔක්කොම කියන්න ඕනෙ නෑනේ.ඔයාලම බලන්න තාත්තෙක් දුවෙක් එක්ක යන ගමනේ සිද්දවෙන අමිහිරි අත් දැකීමුත්, ගෙදර තනිවෙන අගරන්ගෙ තත්ත්වයත්, ණය වෙලා සුඛෝපභෝගි දිවියක් ගත කරන්න උත්සාහ දරන ජෙසීගෙ තත්ත්වයත් අවසානෙදි කොහොමද විසඳෙන්නෙ කියල ??.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esub | 700MB |

Direct Download

| HDRip | x264 | Esubs | 250MB |

| HDRip | x264 | ESubs | 400MB |

| HDRip | x264 | ESubs | 720MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x264 | 720p | 900MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Aan Devathai (2018)| පිය සෙනෙහස !

  • January 12, 2019 at 18:30
    Permalink

    Machan Meke 400 mb file eka sub ekata match wenne ne. eka hadanna barida

    Reply
  • February 5, 2019 at 08:31
    Permalink

    proper HD 261 kopiyata galapenne naha .hadanna puluwanda

    Reply
  • February 5, 2019 at 08:36
    Permalink

    No match 250 proper hd 264 copy .please correct

    Thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!