Aravindha Sametha Veera Raghava (2018) | වෛරයෙන් වෛරය නොසංසිඳේ…

2018 ඔක්තෝබර් 11 තිරගත කිරීම ආරම්භ කළ මෙ⁣ම චිත්‍රපටය අයිති වන්නේDrama / Action කියන කාණ්ඩයට. තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Trivikram Srinivas විසින්. සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ S. Thaman විසින්. සංගීතය ගැන කතා කරද්දිී Peniviti කියන සින්දුව ගැන බොහාම කතා බහ ඇති වුනා. ඒ ගීතයෙන් කියවෙන්නේ ස්වාමියා එනතුරු බලා හිඳින බිරිඳක් ගැන. බොහොම කතා බහ ඇතිවුන ගීතයක් නිසාම ඒකෙත් පරිවර්ථන අන්තර්ජාලයෙන් හොයාගෙන වඩාත් ගුණාත්මක ආකාරයෙන් උපසිරැසිය ඔබ වෙත අරන් එන්න හැකියාව ලැබුණ බවත් සතුටින් මතක් කරනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයයෙන් දායකත්වය දක්වන්නේ කවුරුත් Young Tiger යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Jr NTR. ප්‍රධාන නිළියට පණ පොවන්නේ සුරූපී නිළිPooja Hegde.

තිරගත කිරීම ආරම්භ කරපු දවසෙම ඉන්දියානු රුපියල් කෝටි 58 ක දළ ආදායමක් ලබාගනිමින් තෙලුගු ඉතිහාසයේ චිත්‍රපටයක් පළමු දවසෙන් ලද වැඩිම දළ ආදායම් අතරින් 4 වන තැනට පත්වෙමින් ජයග්‍රාහී ආරම්භයක් ලබන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබුණා. US වලින් පළමු දවසේ ලද ආදායම මේ අවුරුද්දේ නිකුත් වූRangasthalam සහ Bharat Ane Nenu චිත්‍රපට අභිබවා යන්නටත් සමත්කම් දැක්වුවා.

ඒ වගේම එදා මෙදාතුර තෙලුගු චිත්‍රපටයක් ලද වැඩිම 6 වන දළ ආදායම වාර්තා කරමින් කෝටි 158.6 ක දළ ආදායමක් ලබා ගන්නට මෙ⁣ම චිත්‍රපටයට හැකියාව ලැබුණා. ඒ Jr Ntr ගේ සිනමා දිවියේ වැඩිම අාදායමක් ලද චිත්‍රපටය බවට පත්⁣වෙමින්. කතාව ගැනත් කෙටියෙන් මතක් කරන්නම්.

අවුරුදු 30 ක් තිස්සේ එකිනෙකා මරාගන්නා ගම් දෙකක්.
එකපැත්තකින් නල්ලගුඩි. අනෙක් පැත්තෙන් කොම්මද්දි.
නල්ලගුඩි වල නායකයා බසි රෙඩ්ඩි. කොම්මද්දි වල නායකයා නාරප්පා රෙඩ්ඩි.
නාරප්පා රෙඩ්ඩිගේ පුතා තමයි වීර රාඝවා රෙඩ්ඩි.
එහෙමත් නැත්නම් අපේ කතා නායකයා.

පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න අකැමැති උදවිය මේ ටික කියවන්න එපා. අවුරුදු 12 ක් ලන්ඩන් වල ඉඳලා ආපහු ගමට එන රාඝවා රෙඩ්ඩිව එක්කන් එන්න ගිය ඔහුගේ පියා නාරප්පා රෙඩ්ඩිව, රාඝවා ලඟ ඉද්දිම බසි රෙඩ්ඩිගේ පුතා ඇතුලු මැර කණ්ඩායමක් විසින් ඝාතනය කරනවා. ඇත්තටම ඒ ඝාතනය තවත් එක් මිනී මැරුමක් විතරක් නෙවෙයි. ඝාතන රැල්ලක හැරවුම් ලක්ෂය පටන්ගන්නේ එතනින්. තාත්තගේ මළ සිරුරත් අරන් ගෙදරට යන රාඝවා රෙඩ්ඩි, අවසන් කටයුතු කළායින් පස්සේ ආච්චි අම්මා දෙන උපදෙස් නිසා ගම අතෑරලා හයිද්‍රාබාද් වලට යනවා. ඉතින් එහෙදි තමයි රාඝවාට අරවින්දාව මුණගැහෙන්නේ. ඒ කොහොමද? අරවින්දා මේ ගැටුමට සම්බන්ධ වෙන්නේ කොහොමද? තිස් අවුරුදු වෛරය ඉවර කරන්න රාඝවාට පුලුවන් වෙයිද? ඒ හැම දෙයක්ම චිත්‍රපටය නරඹලා රස විඳින්න කියලා ආරාධනා කරනවා.

ප.ලි. : මේ චිත්‍රපටයටත් තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ. හැබැයි ඉතින් කැමරා කොපියක තිබ්බ ඉංග්‍රීසි උපසිරැසියක් ආධාරයෙන් සහ බාගෙකටත් වඩා අසා ලිවීමක් වශයෙන් තමයි මේ උපසිරැසිය අරන් ආවේ. මේ උපසිරැසියට අසා ලියන්න අලුත් හවුල්කරුවෙක් එකතු වුනා. චානක ඉඳුනිල්. ඔන්න ඉතින් මේ මලයාටත් හොඳට තෙලුගු අසා ලියන්න පුලුවන් බව මේකෙන් තමයි දැන ගත්තේ. ඉල්ලීම් තියෙනවනම් මෙයාගෙනුත් ඉල්ලන්න ඈ.  සමහර අය සමාජ ජාලා මාධ්‍ය වල අහලා තිබ්බා අයි මේකේ සබ් එක පරක්කු කියලා. ඇත්තටම අසා ලිවීමක් වුනාට අනිත් චිත්‍රපට තරම් ලේසි වුනේ නම් නෑ. ගොඩක් තැන් වල ගැමි භාෂාව භාවිතයට අරන් තියෙනවා. ඇත්තටම සාමාන්‍ය තෙලුගු වලට වැඩිය ඒවා තේරුම්ගන්න අමාරුයි. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉංග්‍රීසි උපසිරැසියක් ආවම අනිවාර්යයෙන් අප්ඩේට් එකක් දාන්නම්.

ඔබට ජය!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | ESubs | 700MB |

Direct Download

| HDRip | x264 | ESubs | 200MB |

| HDRip | x264 | ESubs | 400MB |

| HDRip | x264 | ESubs | 520MB |

| HC HDRip | x264 | ESubs | 714MB |

| HDRip | x264 | 480p | 600MB |

| HDRip | x264 | 576p | 900MB |

| HDRip | x264 | 720p | 1.1`GB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x265 | 1080p | 1.6GB |

| HDRip | x265 | 720p | 950MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Aravindha Sametha Veera Raghava (2018) | වෛරයෙන් වෛරය නොසංසිඳේ…

  • January 4, 2019 at 7:36 pm
    Permalink

    තෑන්ක්ස් මචාහ්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!