The Protector [S01 : E01] | තරුණ ආරක්ෂකයාගේ ආගමනය…!

ඔන්න එහෙනම් අරගෙන ආවා මේ අවුරුද්දේ මම ගේන පලවෙනි උපසිරැසිය. අද ජනවාරි පලවෙනිදා. එහෙනම් මුලින්ම කියන්න ඕන මේ උදා වුන අලුත් අවුරුද්ද බයිස්කෝප්වාසි සියළු දෙනාටම තව තවත් හොද සුපිරි ෆිල්ම් සහ සිරීස් බලන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා… 😀

“සුරංගනා කතා වල නම්,
හොද මිනිස්සු හැමවෙලේම දිනනවා.
යුක්තිය කවදහරි ඉටු වෙනවා.
ඒ වගේම කාලය හැම තුවාලයක්ම සුවපත් කරනවා.
කොහොමහරි මේක සුරංගනා කතාවක් නෙමෙයි.”

එහෙම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඉස්තාන්බූල් නගරයේ ආරක්ෂකයා එහෙම නැත්තම් ප්‍රොටෙක්ටර්වරයා. එතකොට කවුද මේ ආරක්ෂකයා. ඔව් මේ ආරක්ෂකයා කියන්නේ පරම්පරාවෙන් පැවත එන තනතුරක්. මොකටද මේ තනතුර ඒ තමයි ඉමෝරටල්වරුන්ව මරන්න. එහෙම නැත්තම් අමරණීයන්ව මේ ලෝකෙන් අතු ගාල දාන්න. ඉමෝර්ටල්වරු සත්දෙනෙක් කොහෙන් ආවද කවදා ආවද කියලා දන්නේ නැති මොවුන්ම නැවත්විය හැක්කේ ආරක්ෂකයාට පමණයි. ඉමෝර්ටල්වරු සයක් මේ වෙනකොට අවසන් කරලා ඉවරයි. ඒත් තවත් එක ඉමෝරටල්වරයෙක් ඉස්තාන්බූල් නගරයේ ඉන්නවා. ඒ කවුද කොහේද ඉන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. ආරක්ෂක තනතුරේ අවසාන පුරුක එහෙම නැත්තම් අවාසන ආරක්ෂකයාගේ රාජකාරිය ඉමෝර්ටල්වරයාව හොයාගෙන මරලා දාන එක. මොකක් වෙයිද මේ මුකුත් දන්නේ නැති තරුණ කොල්ලෙක්ගේ කර උඩට මේ ආරක්ෂකයාගේ වගකීම කඩාගෙන වැටුනොත්. ඔව් ඒ තමයි හකන් අවසාන ආරක්ෂකයා, මුකුත් දන්නේ නැතුව ෆුල් හොල්මන් වෙන්න තරම් ඉහත කරුණු මදි වෙයිට එයාට?

කෝස්තන්තිනෝපල් නගරය අගනගරය කරගෙන පාලනය ගෙන ගිය මේමඩ් අධිරාජ්‍යාගේ කාලයේ මුල්ම ආරක්ෂකය බිහි වෙනවා. මේ ඉමෝර්ටල්වරුන් සහ ආරක්ෂකයාගේ අතර මාරන්තික යුද්ධයේ සටනට ආරක්ෂකයාට දේවල් තුනක් ඕන වෙනවා ඔව් තුනක්..

1.Unique dagger (අද්විතීය කිනිස්ස)
මේ කිනිස්සෙන් විතරයි ඉමෝර්ටල්කෙනෙක්ව මරන්න පුළුවන්. එතකොට ඒ කිනිස්ස විතරකුත් මදි ඒ කිනිස්ස ආරක්ෂකයෙක් අත දරන්නත් ඕන. එහෙම නැති උනොත් ඉමෝර්ටල්කෙනෙක්ව නවත්තන්න බෑ.

2. Virtue Ring (බලවත් මුද්ද)
ඉමෝර්ටල්වරුන් ශතවර්ශ ගාණක් මිනිස්සු අතරේ හැංගිලා හිටියා, කාටවත් බැරි උනා උන්ව හොයාගන්න. ඒත් ඉමෝර්ටල් කෙනෙක්ව හොයාගන්න නම් මේ මුද්ද ආරක්ෂයා සතු වෙන්න ඕන, ඉමෝර්ටල්කෙනෙක්ව ඇල්ලුවම මේ මුද්ද දිලිසෙන්න ගන්නවා. ඒකෙන් තමා මිනිස්සුන්ගෙන් ඉමෝර්ටල් කෙනෙක්ව වෙන් කරලා හොයාගන්නේ..

3. Talismanic Shirt (ආරක්ෂක බල සහිත කමිසය)
මේ කමිසය ආරක්ෂකයා පාවිච්චි කරන්නේ යුධ සන්නාහකයක් විදිහට. මෙය ආරක්ෂකයා ඇදගත්තට පස්සේ ඔහුට කිසිම අයුරකින් කිසිවෙක්ට මුකුත් කරන්න බෑ.ශුද්ධ වූ යාච්ඤාවලින් ආරක්ෂා කරලා තියෙන කමිසයක් තමා මේක..

එතකොට මේ දේවල් තුනම තියෙනවා නම් ආරක්ෂකයා අංග සම්පූර්ණයි. ඉමෝර්ටල්වරයෙක්ව මරන්න ඔහු ලෑස්තියි. එතකොට ආරක්ෂකයාගේ වැඩ වලට සහයට පක්ෂපාතින් කියලා කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ආරක්ෂකයාගේ පිටිපස්සෙන් ඉමෝර්ටල්වරුන්ට විරුද්ධව කරයුතු කරනවා. ඉතින් තුර්කියේ අවසාන ඉමෝරටල්වරයා හා අවසාන ආරක්ෂකයා අතර ද්වන්ධ සටනට ඔබ සූදානම්ද? ලෑස්ති වෙන්න මෙන්න ඔබගේ අවස්තාව තවත් පරක්කු වෙන්න එපා ඔබන්න ඩවුන්ලෝඩ් බටන් එක. ගන්න විඩීයෝ කොපිය, ඔබ තුෂ්නිම්භූත වෙනවා නොවනුමානයි. පලවෙනි කොටසින්ම ඔබව මේ කතාවට ඇදගන්නව විශ්වාසයි.

ඔව් මේ අරගෙන එන්නේ දෙසැම්බර් මාසයෙ නෙට්ෆ්ලික්ස්ලා තුර්කියේත් බලය පතුරවපු අලුත්ම අලුත් රූපවාහිනි කතා මාලව. The Protector දෙසැම්බර මාසේ 14 වෙනිදා තමා රිලීස් කලේ. මේ වෙනකොට 16000+ අධික මනාප සංක්‍යාවකින් 7.8 ක IDMb අගයක් අත් පත් කරගන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් ඔබ සැම දන්න අදුරන Assassin Creed චරිතය අලලා කරපු වගේම කතා මාලවක් කිව්වොත් වඩා නිවැරදියි. තාමත් මේක බලන්න කල්පනා කරනවද? එහෙනම් තවත් පොඩ්ඩක් කුතුහලය වැඩි කරන්නම්කෝ. මේ සිරීස් එක පලවෙනි කතා සමය එන්නත් කලින්ම දෙවැනි කතා සමයට දීර්ඝ කලා. ගොඩක් කට්ටිය අනිවාරෙන් මග බලාගෙන හිටපු ජාතියේ කතා මාලවක් තමයි මේක. තුර්කියේ අතීතය එක්ක බැදිලා තියෙනවා වගේම Action, Fantasy, Adventure, Sci-Fic කියන කැටගරීස් ගොඩකට මේ සිරීස් එක හිමිකම් කියනවා. තාමත් බලනන් හිතුනේ නැත්තම් එ ඔබගේ අවාසනාව. හුගක් කාලෙකින් ආපු සරල වගේම හිත ඇදිලා යන කතා මාලවක් කිව්වොත් නිවැරදියි. නිකමට IDMb පිටුවට ගිහින් බලන්න මොනවද කියලා තියෙන ප්‍රේක්ෂක අදහස් කියලා. නිකමට වගේ එකක් දෙකක් විතර මම මෙතන පල කරන්නම්.

“Its kind of superhero movie but really good. Much better than ironfist”

“The Protector manages to make you feel that you’re in a fantastic world in modern Istanbul, which combines East and West and this is not an easy job to do. Although visual effects are not enough, I’m sure there’ll be improvements about that in season 2.”

“Netflix’s first Turkish-made series. In this respect, it has a different importance. The series can be criticized in many ways, but it should be noted that it is the first Turkish-made Netflix series.

A beautiful story was written by combining Turkish history and places with fantastic elements. In the first part, we see that Istanbul was brought to the forefront. Towards the end of the chapter, the story is revealed. Fluent and immersive, have a different taste. We immediately understand that this is a Netflix series. Another thing I like in this series is; showing past. The story goes back to the Ottoman period.”

ඔන්න ඔහොම තමා ප්‍රේක්ෂක ප්‍රතිචාර තව ගොඩක් හොද තියෙනවා නිකමට ගිහින් බලන්නකෝ. හරි ඒවා වැඩක් නෑ නෙට්ෆ්ලික්ස්ලගේ ප්‍රථම ඔරිජිනල් තුර්කි කතා මාලව තමයි මේ. එහෙනම් ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ පටි තද කරගන්න. ඉස්තාන්බූල් නගරයේ සැරි සරන්න ලෑස්ති වෙන්න. එහෙම කති නැත්තම් මෙන්න ඉඩ අයින් වෙන්න.

මේ සිරීස් එක එකදිගට හැකි ඉක්මනින් ඔබලා වෙත අරගෙන මාත් එක්ක අපේ මලිත් අයියා, කවිනු සහ බේනුක මල්ලිල දෙන්නත් සැදී පැහැදි ඉන්නවා. 3% කතා මාලව අනික් පසින් යන අතරේ හැකි ඉක්මනින් මේකත් අරගෙන ආවේ ඔයාලගේ රස වින්දනය සදාහම තමා. අනික අපිට මේ සිරීස් කරන්න කියල භාරදුන්න සිසිල අයියවත් මේ අවස්ථාවේ මතක් කරනවා.එහෙනම් කතාව ගැන මම ඉහළින් කියපු දේවල් වලින් යම් අදහසක් එන්න ඇතිනේ. …..👌😛

අද කතාවේ නම – Episode #1.1
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – Jason George, N. Ipek Gökdel
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.2
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – Episode #1.2

…..Never Doubt Your POWER.
POWER is Your Destiny…….


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB | x264 | 720p | 3.6GB | Complete S01 |

Direct Download

| WEB | x264 | 480p | 206MB |

     

| WEB | x264 | 720p | 380MB |

     

| WEB | x265 | 720p | 225MB |

     

| WEB | x264 | 720p | 3.2GB | Complete S01 |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Protector [S01 : E01] | තරුණ ආරක්ෂකයාගේ ආගමනය…!

  • January 1, 2019 at 16:14
    Permalink

    Happy new year oyatath.oyalaga wadata godak thanks.usersdrive danna mathaka aruwa.openlod walawakata no support akai

    Reply
  • January 2, 2019 at 00:58
    Permalink

    torrent eka waradiyi

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!