The Raid 2 (2014) | ඔත්තුකරුවාගේ පලිගැනීම…

2011 වසරේ සිනමා ලෝකයම මවිත කරමින් ඔබ අපි අතරට ආව ක්‍රියාදාම වරුසාවක් වුණ The Raid: Redemption අමතක නැතුව ඇති කාටත්. හොලිවුඩය සුපිරි විශේෂ බලකා ක්‍රියාදාම ඇතුළත් චිත්‍රපට කොතෙකුත් හදයි. නමුත් මගේ මතය හැටියට ඒ තමයි ලෝකේ හැදුව හොඳම චිත්‍රපටය ඒ කාණ්ඩයෙන්. ඉතින් දැන් ඔන්න මේ වසරේ ඔවුන්ගේ සුදානම තමයි Undercover agent කාණ්ඩය ආක්‍රමණය කිරීම. ලේසි නැහැ. මේ කොටස විටෙක 007 පවා අතතියන කොටසක්. නමුත් Gareth Evans මේ වතාවෙත් සාර්ථකයි කියලයි මට නම් කියන්නේ තියෙන්නේ. ඔහු තමයි මෙවරත් අධ්‍යක්ෂණය වගේම පිටපතත් නිර්මාණය කරන්නේ. IMDB ගැන කියනවා නම් 17 000+ ප්‍රේක්ෂක මනාපයෙන් 8.8 වගේ විශාල මනාපයක් දිනාගෙන තියනවා. විචාරක මනාපයත් බොහොම ඉහළයි. හැබැයි මේ වතාවේ කාලය පැය 2 මිනිත්තු 30. ඒ කියන්නේ මුල් වතාවේ වගේ ක්‍රියාදාම දෙතුන් ගුණයක් වැඩි.

මේක ඇත්තටම මුල් චිත්‍රපටයට කලින් ලියවුණ පිටපතක්. කොහොම කොහොම හරි මුදල් ප්‍රශ්න නිසා මුලින් ආවේ The Raid: Redemption. මේ සිදුවීම් පෙළ දිව යන්නේ මුල් චිත්‍රපටය අවසන වෙලා පැය 2ක් ගතවුණාට පසු සිදුවීම් හා වසර දෙකක් ගතවුණා තැන සිදුවීම් එක්කයි. මතක ඇතියේ පොලිස් භටයන් හට අපායක් වුණ ගොඩනැගිල්ලෙක් රාමා එළියට එන්නේ ඔහුගේ සහෝදරයාගේ උදව්වනේ. මේ වතාවේ කතාව ආරම්භයේදීම ඔහු මරා දමනවා. ඒ පාතාලයේ එක පවුලක මුලිකයෙක්. මේ සිදුවීම එක්ක අකමැත්තෙන් වුණත් රාමා රහස් ඔත්තුකරුවෙක් හැටියට යනවා පාතාල ලෝකයට. ලේසි පාරෙන් නෙමෙයි හිරේ එහෙමත් ගිහින් ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, නමුත් අවසානයේ ඒක පාතාල පවුල් යුද්ධයක් වෙලයි නතර වෙන්නේ. ඒ කතා ඔබම බලාගන්නකෝ. ක්‍රියාදාම ඉවරයක් නැහැ කියලා විතරක් මතක් කරන්නම් ආයෙත්.

මෙහි අවසානයේ ඇති කුස්සියක සටනක්. ඒ සටන දින 10ක් රූපරාමු වාර 196 ගිහින් තියනවා ගන්න. අධ්‍යක්ෂක වරයා ඒ අවසාන සටන නිර්මාණය කිරීම වෙනුවෙන් සති 6ක් කාලය කැප කරලා තියනවා. Iko Uwais අපේ ප්‍රධාන නළුවා ඇතුළු මේ සටන් නළුවන් චිත්‍රපටයට පෙර මාස 6 එකට සටන් පුරුදු වෙලා තියනවා සටන් ජවනිකාවල තියන ඒ තාත්වික බව ලබාගන්න හා ඔවුන්ගේ අනොන්‍ය සුහදතාව හදාගන්න. එහෙම වෙහසක් යොදා හැදුව මේ චිත්‍රපටය එහෙම අපි අතට ඇවිත් තියනවා. නැරඹීම ඔබට බාරයි.

හැමෝටම ආරාධනා කරනවා මගේ “ෆේස්බුක් පිටුවෙන්” මාව කෙළින්ම අමතන ලෙසට. එහෙනම් තවත් උපසිරසියක් සමග හමුවෙමු, ඔබ සැමට ජය වේවා !! අද ලිපිය දිගයි. ඒකට සමාවෙන්න…!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray  | 720p | x264 | 1.1GB |

Direct Download

| Bluray | 720p | x264 | 1.1GB 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Raid 2 (2014) | ඔත්තුකරුවාගේ පලිගැනීම…

  • January 26, 2019 at 00:21
    Permalink

    Not downloading this film

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!