Sarkar (2018) | රාජ්‍ය පාලනයේ විශම චක්‍ර‍ය බිඳීම

“දේශපාලනය” කතා කරන්න නම් අමිහිරි මාතෘකාවක්..

ඒත් මේක චිත්‍රපටියක්…
දේශපාලනය, සල්ලි…
ඔබ හිතන්නේ මේ දෙක එකිනෙකට සම්බන්ධ දෙයක්ද? නැද්ද?
සංවාදයට විවෘතයි…

හැබැයි, සිස්ටම් එක එක්ක බලද්දී…
දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ මහ ජනතාව.
ඔය හැම කොට්ඨාශයකම පොදු කාරණේ මොකද්ද කියල බැලුවොත්…
එහෙමත් නැත්නම් ඔය හැම පාර්ශවයකම පැවැත්මේ මූලික අවශ්‍යතාව මොකද්ද බැලුවොත්..
කටට එන එකම උත්තරේ “සල්ලි”… කියල කෙනෙක්ට කියන්න පුළුවන්.

හැබැයි..
මෙහෙම කිව්වම කෙනෙක්ට කේන්ති යන්නත් පුළුවන්,
ඔව් ඒක සාධාරණයි…
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සිස්ටම් එකේ පොදු සාධකය,
සල්ලි නෙවෙයි මහ ජනතාව කියලා..

එක අතකට කල්පනා කරලා බැලුවම.,
ඒකෙත් ඇති වැරද්දක් නෑ..

ඔව්..
දේශපාලඥයෙක් වෙන්න නම් ඡන්ද දායකයෙක් ඉන්න ඕන..
ව්‍යාපාරිකයෙක් වෙන්න නම් පාරිභෝගිකයෙක් ඉන්න ඕන.
රූපවාහිනී නාලිකාවක් පවතින්න නම් නරඹන්නෙක් ඉන්න ඕන.
කොටින්ම කිව්වොත්..
මුදලාලි කෙනෙක් වෙන්න නම් බඩු ගන්න කෙනෙක් ඉන්න ඕන..
බඩුගන්න මනුස්සයෙක් හිටියොත් තමයි..
මුදලාලිට “සල්ලි” හම්බවෙන්නේ.
නැත්නම් ඉතින් මුදලාලිට හුලං තමයි…

ඔය කොයි දේශපාලඥයත්,
කොයි ව්‍යාපාරිකයත්,
කොයි මුදලාලිත්,
වැජඹෙන්නේ
මහ ජනතාව දෙන හිඟමනෙන්..

නොතේරුණාට,
මහ ජනතාව කියන්නේ රටක ප්‍රභල සාධකයක්.

දේශපාලනේ ගත්තොත්…
දේශපාලඥයෙක්ට අවුරුදු පහක් බලය තියෙනවා.
ඒත් මහ ජනතාවට එකම එක දවසක් බලය තියෙනවා
ඒ තමයි “ඡන්දය දවස”.

දේශපාලනයට එන්නෙත් මිනිස්සු,
ඡන්දේ දෙන්නෙත් මිනිස්සු,
මිනිස්සු මිනිස්සුම තමයි, හැබැයි ගති, විවිධාකාරයි.
හොඳ මනුස්සයෙක් තෝරන්න වෙන්නෙත්,
මිනිස්සුන්ටමයි.
වැරදි මනුස්සයෙක් තේරුවොත් වරදින්නේ,
මිනිස්සුන්ටමයි,

දවසක් එනවා..
මනුස්සයෙක් තෝරගන්න.
එදාට,
හරි මනුස්සයාව තෝරාගන්න..

දකුණු ඉන්දීය දමිළ සිනමාවේ තවත් බැලිය යුතුම සිනමාපට නිර්දේශ කිරීම් අතර ඉහලින්ම තිබෙනා චිත්‍ර‍පටයක්..! ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මනාප 9000 ඉක්මවමින් 7.6/10 ක අගයක් වාර්තා කරන සිනමා සිත්තමක්..! දේශපාලනයේ ඇති කළු පැල්ලම්,ඡන්ද අවභාවිතාව, ගොවියන් පෙලා අනිසි ලෙසින් ලාභ උපයනා බහුජාතික සමාඟම් මාෆියාව ගැන මැනවින් කියැවෙනා චිත්‍ර‍පටයක්..!

A.R.Murugadoss ගේ අධ්‍යක්ෂණයෙන් හා A.R.Rahman ගේ සංගීතයෙන් ශ්‍රිලාංකීය චිත්‍ර‍පට ත්‍රිත්වයක් වන” ඔබ නැතුව ඔබ එක්ක” ,” පුරහඳ කළුවර,” ඉර මැදියම” යන සිනමාපටයන් පවා සංස්කරණය කල A.Sreekar Prasad ගේ සංස්කරණයෙන් හැඩගැන්වී 2018 නොවැම්බර් 6 දීවාලි සතිය අතරතුර මින් පෙර නොවූ විරු අයුරින් අඟහරුවාදා දිනක ලොවපුරා රිදී තීරයන් 3400 ක තිරගතවීම ආරම්භ කරනු ලැබූවා.එමෙන්ම දමිල ජනතාව වාසය කරන රටවල් අසූවක රිදී තීරයන් 1200 ක එදින මෙම චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරනු ලැබුවා. ඒ වනවිට චිත්‍රපටියේ විදේශීය බෙදා හරින්නන් මෙම චිත්‍රපටය පෝලන්තය, මෙක්සිකෝව, පිලිපීනය, නවසීලන්තය, යුක්රේනය, රුසියාව සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක් වැනි නව සිනමා වෙළඳපලවල් වෙත නිකුත් කරනු ඇති බවට සහතික කර තිබුනා. එමෙන්ම කේරල ප්‍රාන්තයේ සිනමා රසිකයින් විජේගේ රුව සහිත අඩි 175 ක් උසැති කටවුට් එකක් නිර්මාණය කරමින් නළුවෙකු වෙනුවෙන් එම නගරයේ තැනු උසම කටවුට් එක නිර්මාණය කරනු ලැබ තිබෙනවා. වෙළඳ උපක්‍රමයක් විදිහට දිවාලි සමය තුල තිරගතවීම ආරම්භ කරනු ලැබූ මෙම චිත්‍රපටය පලමු දිනයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තය තුල ඉන්දියානු රුපියල් කෝටි 30 ක ආදායමක් උපයමින් මින් පර එම වාර්තාවට හිමිකම් කියූ ‘Baahubali 2‘ චිත්‍රපටය තබා තිබූ වාර්තාව බිඳ හෙලනු ලැබූවා. එමෙන්ම ‘Sanju 2018‘ චිත්‍රපටය තබා තිබු වාර්තාවක්ද ඇතුළුව බොක්ස්ඔෆිස් වාර්තා රැසක් තම නම ඉදිරියේ සටහන් කරගත් සර්කාර්ඉන්දියානු රු. කෝටි 100 ආදායමේ සීමාව පසු කරනු ලැබුවේ දින දෙකකින්. සර්කාර් චිත්‍රපටයට විශේෂ වූ කාරණා කිහිපයක් පහතින් මෙසේ දක්වන්නම්.

  • චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය(CFBC) විසින් සර්කාර් චිත්‍රපටය U/A (වයස අවුරුදු 12 ට අඩු නම් දෙමාපිය අධීක්ෂණය යටතේ නැරඹිය යුතු) කාණ්ඩය යටතේ සහතික කරනු ලැබුවා. මෙය මෙම කාණ්ඩයෙන් සහතික වූ විජේගේ දෙවන චිත්‍රපටය වන අතර අනෙක වන්නේ Mersal 2017 චිත්‍රපටයයි.
  • සර්කාර් යනු විජේගේ දැවැන්ත වශයෙන් විදේශීය බෙදාහැරීමක් කල චිත්‍රපටය වන අතර එය විදේශීය රටවල් අසූවක රිදීතිර 1200 ක තිරගත කරනු ලැබුවා.
  • පෝලන්තය, මෙක්සිකෝව, පිලිපීනය, නවසීලන්තය, යුක්රේනය, රුසියාව සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක දමිළ චිත්‍ර‍පටයක් තිරගත කල ප්‍ර‍ථම අවස්ථාව මෙයයි..! එයද සර්කාර් චිත්‍ර‍පටය වීමද විෂේශත්වයකි.
  • චිත්‍රපට රචක, වරුන් රාජේන්ද්‍රන් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ A.R.Murugadoss එරෙහිව අයිතිය උපුටා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් ගොණුකර තිබෙනවා. ඒ මෙම සර්කාර් චිත්‍රපටයේ කතාවම සහිත පිටපත තමන් 2007 වසරේදී ලියාපදිංචි කර ඇති බව පවසමින්. අවසානයේ නිතිය ඉදිරියේ සර්කාර් චිත්‍රපටයේ පිටපත උපුටා ගැනීමක් බව ඔප්පු වූ හෙයින්, අධිකරණය වරුන් රාජේන්ද්‍රන් හට ඉන්දියානු රු. ලක්ෂ තිහක වන්දියක් ලබා දෙන ලෙසත්, රාජේන්ද්‍රන්ගේ නම චිත්‍රපටය ආරම්භයේ සඳහන් කර ඔහුගේ නමට තුති පුදන ලෙසත් A.R.Murugadoss ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට නියෝග කර තිබෙනවා.
  • එපමණක් නොවෙයි මෙය ශ්‍රි ලංකාව තුල තිරගත කල ප්‍ර‍ථම දිනයේදී ආදායම රු ලක්ෂ 232 ක. ආදායමක් උපයාගනිමින් ශ්‍රි ලංකාව තුලද වාර්ථාවක් තැබුවා.

ඉලයතලපති විජේයි, දකුණු ඉන්දීයාවේ සුපිරි නළුවකු වන විජේ කිව්වම ලංකාවේ උනත් නොදන්න කෙනෙක් නැති තරම් ඒකට හේතු සාධක නම් එකක් දෙකක් නෙවෙයි සෑහෙන්න තියෙනවා. ඉතින් විජේ ගේ 62 වැනි චිත්‍ර‍පටය වන SARKAR 2018 සිනමාපටය ඔහුගේ ක්‍රියාදාම සිනමා රංගන දිවියේ තවත් එක සංධිස්ථානයක් හැරවුම් ලක්ෂයක් වන බවත් මෙම චිත්‍ර‍පටයේම අධ්‍යක්ෂකවරයා වන A.R.Murugadoss විසින් පවසා තිබෙනවා. මේ සඳහා විශේෂයෙන්ම විජේ තෙලඟු චිත්‍ර‍පට ක්‍රියාදාම අධ්‍යක්ෂකවරු දෙදෙනෙකුගේද සහය ලබාගෙන ඇති බව සඳහන් වෙනවා.

කතාව මෙහෙමයි G,L සමාඟම කියන්නේ ලොකයේ අංක එකේ රට තියෙන අංක එකේ සමාඟමක අංක එකේ CEO සුන්දර් රාමසාමි කිව්වම ව්‍යපාරික සමාඟම් ලෝකෙ හැමෝම දන්නා කෙනෙක්..! ඔහු ඉන්නා රටේ සිට තවත් රටකට යන්නේ නම් බොහොමයක් රටවල විවිධ සමාඟම් වල ලොකු ලොකු පුටුවල සිටිනා අය ඒ නම ඇසු පමණින් භිතීයෙන් ඇලලිලා යනවා. රටවල් කීපයක්ම සුන්දර් රාමසාමිට ඒ ඒ රටවල් වලට පැමිණිමට නොහෙැකි වන ආකාරයේ තහනම් නියෝග පවාත් පනවලා තියෙනවා. සුන්දර් රාමසාමි කින්නේ වාර්ෂික ආදායම කෝටි 1800 ක හිමිකමක් තියෙන පුද්ගලයෙක්..! ඔහු ඉන්දීය දමිළ ජාතිකයෙක්.! තනිකඩ පුද්ගලයෙක් ..! එහෙනම් ඇයි මේ තනි පුද්ගලයෙක්ට මේ හැටි බය..? තත්වය මෙලෙසින් තිබියදි සුන්දර් රාමසාමි තමන්ගේ මව් රටට නොහොත් ඉන්දියාවට පැමිණෙනවා එම අවස්ථාවේදීත් මුලින් කියු භීතිය පැතිර යනවා.

නමුත් හදිසියේම සුන්දර් විසින් මාධ්‍යයට කල ප්‍ර‍කාශයක් නිසාවෙන් ඒ භීතිය පහව යනවා. ඉන්පසු වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් තවත් ලොකු සිදුවීමක් සිද්ද වෙනවා එයත් මාධ්‍යය හරහා ලොවපුරා ප්‍ර‍සිද්ද වූ පසු මුලින් භීතියෙන් ඇලලී සිටි සමාඟම් ඇස් අයාගෙන බලා සිටිනවා ලෝකයේම අංක එකේ CEO එම තත්වයට මුහුණ දීලා එම ගැටලුව මොන විදියකින්ද විසඳන්නේ කියලා. කතාව ගැන කිව්වා හොඳටම ඇති එසේ නම් ලෝකයේම අංක එකේ CEO ට ඇත්තටම මොකක්ද වෙන්නේ ..?

කලින්ම කැමරා කොපියට සබ් එක කරලා තියාගත්ත නිසා, හොඳ පිටපතක් ඇවිත් පොඩි වෙලාවක් යනකොටම ඔයාලට සබ් එක දෙන්න හැකියාව ලැබුණා. චිත්‍ර‍පටය නරඹලා රසවිඳින ගමන්ම දැන ගන්න යැයි කියන ගමන්ම අප බයිස්කෝප් සිංහලෙන් අඩවියේ තවත් උපසිරැසිකරුවකු වන තරාක නුවන් දිල්හාර මල්ලිට ස්තූතිය පුදකරන අතරම මා රාජකාරි කරන ස්ථානයේම රාජකාරි කරනා G.M ගයාන් මදුසංඛ මද්දුමගේ මල්ලීට විශේෂ ස්තූතිය පුදකරමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HC HDRip | x264 | ESubs 710MB |

Direct Download

| HDRip | x264 | ESubs 205MB |

| HC HDRip | x264 | ESubs | 410MB |

| HC HDRip | x264 | ESubs 714MB |

| HC HDRip | x264 | 720p | 1.4G|

| HC HDRip | x264 | 1080p | 2.35G|

| HC HDRip | x265 | 720p | 900M|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

11 thoughts on “Sarkar (2018) | රාජ්‍ය පාලනයේ විශම චක්‍ර‍ය බිඳීම

  • December 31, 2018 at 23:43
    Permalink

    සුපිරි බං උබලානම්. එල ආ
    මෙක එනකන් හිටියේ. තැන්ක්ස් සබ් එකට සහා මේ ෆිල්ම් එකට. සුභ අලුත් අව්රැද්දක් සෙට් එකට

    Reply
    • January 20, 2019 at 21:23
      Permalink

      kohomada download krnne

      Reply
  • January 1, 2019 at 00:16
    Permalink

    EEE BN UBALAAA MEEKAA WELAAWAtaa film ekaa dammaaa nee elaa bn …..good luck …happy new year bokkaaaa

    Reply
  • January 1, 2019 at 01:54
    Permalink

    Supiri.. meka enakal thamai hitiye. Thanks okkomalatama. HAPPY New Year..

    Reply
  • January 1, 2019 at 02:08
    Permalink

    gift ekata tnx bros ! happy new year !

    Reply
  • January 1, 2019 at 03:18
    Permalink

    ඒලෝ! ඒනකන් බලන් හිටියේ බන්.තැන්කුයි තැන්කුයි. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    Reply
  • January 1, 2019 at 08:04
    Permalink

    Yako ubanan dheiyek bn.
    Meka enakan bala bala hitiye.aapu gaman sub dunnata thanx bn.
    HAPPY NEW YEAR!!!
    😘😘😘😘😘😘😘😘😘

    Reply
  • January 1, 2019 at 09:35
    Permalink

    එනකම් බලන් ඉදියේ ස්තුති 🙏 සහෝ

    Reply
  • January 1, 2019 at 18:33
    Permalink

    thank you sub ekata.sandakozhi 2 vishalge film ekatath sub denna bro.

    Reply
  • January 20, 2019 at 21:22
    Permalink

    kohomada download krnne

    Reply
  • January 23, 2019 at 02:25
    Permalink

    Thank you saho me filuma enakan agili gana gana hitiye me site ekata hama film ekakma man download karanawa thankz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!