Goosebumps 2: Haunted Halloween (2018) | ස්ලැපී එක්ක හැලෝවීන් සමරමුද?

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති..ඒවට සමාව ඉල්ලනවා.මේක රිලීස් වෙලානම් ටික කාලයක් උනා. ඉතින් පරක්කු උනාටත් සමාව ඉල්ලනවා.හරි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකෝ. ට්‍රේලර් එක බැලුවනම් එකෙන්ම කැමති වෙනවා.

සෝනි සමාගම විසින් තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේකෙ පළවෙනි ෆිල්ම් එක බලක නැත්තම් ඒකත් බලලම ඉන්නකෝ.ඒක බැලුවෙ නැතත් අවුලක් නෑ.මේකට ඒක එච්චරම සම්බන්ධ වෙන්නෑ. IMDB අගය 5.7ක් අරන් තියෙනවා. rotten tomatoes නොහොත් කුණු තක්කලි අගය 47% ක් වගේතමයි තියෙන්නෙ. Box office වාර්තා වලින් $2.5 million හොයල තියෙනවා.Budget එක නම් 35 USD වගේ තමයි.. ෆිල්ම් එක AdventureFantasy ගණයට අයත් වෙනවා පැය 1යි මිනිත්තු 40ක් වගේ කාලයක් ෆිල්ම් එක දිවයනවා. Madison Iseman සාරා විදිහටත්Wendi McLendon Covey කැතී විදිහටත් Jack Black R.L ස්ටයින් විදිහටත්, Jeremy Ray Taylor සනී විදිහටත්, Caleel Harris සෑම් විදිහටත්, Ken Jeong Mr. චූ විදිටත් ප්‍රධාන හතුරා ස්ලැපී ට හඬ කවන්නේ Mick Wingert.

කතාව පැත්තට හැරුනොත් සෑම් සහ සනී කියන්නේ හොඳමා යාලුවො දෙන්නෙක්.සනීට අක්ක කෙනෙක් ඉන්නවා එයාගෙ නම සාරා. සනීගෙ අම්මගෙ නම කැතී. (සෑම්ගෙ දෙමවුපියො ගැන ෆිල්ම් එකේ විස්තරයක් නෑ) සාරා රචකයෙක් වෙන්න හීන මවන කෙල්ලෙක්.එයාට තමයි ගෙදර මල්ලිව බලාගන්න වෙන්නෙ අම්ම වැඩට ගියාම.

ඉතින් ඒ මදිවට සෑම්ගෙ දෙමවුපියො සෑම්ව සනීගෙ ගෙදර නවත්තනවා සෑම්ගෙ අම්මයි තාත්තයි එනකල්.සාරට දැන් දෙන්නවම බලාගන්න වෙලා තියෙන්නෙ. සාරගෙ පෙම්වතාගෙ නම ටයිලර්. දවසක් කෝල් එකක් මාර්ගයෙන් සෑමුයි සනියි යනවා පාලු ගෙදරකට නිධානයක් හොයන්න කියලා. ගියාට පස්සෙ ඒකෙ ඇති නිධානයක් නෑ. එයාලට රහස් කාමරයක් හම්බෙනවා.ඉතින් සෑමුයි සනියි. ඒ රහස් කාමරේ තිබිල පෙට්ටියක් හොයාගන්නව. සෑම් නම් ලොකුවටම බලාපොරොත්තු වෙන්නෙ ඒකෙ දියමන්ති බිට්කොයින් වගේ දේවල් ඇති කියල. ඒ උනාට ඒ පෙට්ටියෙ සෑම් බලාපොරොත්තු උන දේවල් වලින් එකක්වත් නෑ. ඒ පෙට්ටිය ඇරියම තමයි සේරම කරදර පටන් ගන්නේ. එහෙනම් මොනවද ඒ පෙට්ටියෙ තියෙන්නෙ? මේ පටන් ගත්ත කරදර ඉවරයක් වෙයිද? සෑමුයි සනියි කරදර පටන් ගත්තා වගේම මේ කරදර එයාලම ඉවර කරයිද? මෙතනින් එහාට ඉතින් කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.එහෙනම් සුභ අලුට්ජ් අවුරුද්දක් වේවා!!

තවත් ෆිල්ම් එකකින් හමුවෙනතුරු බායි.

Goosebumps (2015)


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | 720p | x264 | 760MB | YTS

Direct Download

| WEB | 480p | x264 | 350MB |

| WEB | 720p | x264 | 700MB 

| WEB | 720p | x264 | 750MB | MkvCage

| WEB | 720p | x264 | 760MB | YTS

| WEB | 720p | x264 | 1.4GB | YTS |

| WEB | 720p | x265 | 550MB 

| WEB | 1080p | x265 | 920MB | 6ch

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Goosebumps 2: Haunted Halloween (2018) | ස්ලැපී එක්ක හැලෝවීන් සමරමුද?

  • December 31, 2018 at 17:21
    Permalink

    THANKS

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!