Epic (2013) | වන අරණේ වීර කාව්‍ය….

ඔන්න The Croods සලරුවට පස්සේ ඒ හා සමගාමීවම ප්‍රදර්ශයන ආරම්භ වුන අනෙක් පරිගණක සජීවී කරණ සලරුවටත් උපසිරැස එක් කරන්නයි සූදානම්. මේක කරලා තියෙන්නේ බොහොම දන්න හඳුනන පිරිසක් Ice Age හා Rio වගේ අති සාර්ථක සජීවීකරණ චිත්‍රපට අප වෙත ගෙනා Blue Sky නිවසෙන් තමා මේකත් කළ එළි බහින්නේ. මෙතෙක් ඔවුන් නිර්මාණය කල චිත්‍රපට අතරින් ආදායම් ලේඛනයේ 8 වැන්න ලබන්න ඒ කියන්නේ ලොව පුරා $240,439,293 ක Box Office ආදායමක් ලබන්න මෙය සමත් වුනා. ලබාගත් IMDB අගය 6.7ක්. අයත් වෙන්නේ Animation, Adventure, Family කියන කාණ්ඩ වලට. මේ උදවිය මම හිතන විදිහට නම් පරිසරය හා සම්බන්ධ සජීවී කරන ගැන විශේෂී කරණය වෙලා තියෙන්නේ. මේක්ත් පරිසරය නම් පුදුම ලස්සනට කරලා තියනවා.

ඒ පසුබිම් කතා එක්ක දැන් එන්නේ හඬ මුසුව බලන්න. පැය 1කුත් මිනිත්තු 42 පුරා දිවෙන මේ සලරුවේ චරිත රාශියක් පෙළහර පානවා. ප්‍රධාන චරිත සඳහා තම හඬ දායකත්වය ලබා දෙන්නේ Amanda Seyfried, Josh Hutcherson, Colin Farrell, Christoph Waltz, Aziz Ansari, Chris O’Dowd, Pitbull, Jason Sudeikis, Steven Tyler, Beyoncé Knowles සුප්‍රසිද්ධ පිරිසක්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ සලරුව පාදක වෙලා තියෙන්නේ William Joyce විසින් රචිත The Leaf Men and the Brave Good Bugs (1996) ග්‍රන්ථයෙන්.

අතුරු කතා ඇති තිරයේ කතාව වෙන්නේ මේකයි, වයස අවුරුදු 17 වන මේරි කැතරින් ඇයගේ මවගේ මරණයෙන් පස්සේ එනවා තමන්ගේ විකාරරූපී විද්‍යාඥ පියා එක්ක ජීවත් වෙන්න. නිවස පිහිටා තියෙන්නේත් පාරෙන් ඇතුලට වෙන්න, කැළයකට මායිම් වෙන්න. ඔහු අමුතු පුද්ගලයෙක්. කිසිම පිළිවෙලක් නැහැ වැඩ. හැම වෙලාවේම ඔළුවේ තියෙන්නේ පුංචි මිනිස් සොල්දාදුවෝ පිරිසක් ගැන. මේ දෙන්නගේ සම්බන්ධයත් පුදුම සහගතයි. දුව හා තාත්තා කොටින්ම කියනවා නම් අමුත්තන් වගේ. ඒ තරමටම පියා ඔහුගේ පර්යේෂනයන් හා ඇලිලා ගැලිලා ඉන්නෙ. දැන් ඇයට ඕනෙ තමන්ගේ පියාව මේ සෙවීමෙන් මුදවා ගන්න. සාමාන්‍ය පියෙක් වගේ හැසිරෙනව දකින්න…..

මේ සියල්ල අතර සුන්දර සොබා දම් මාතාව සුරකින රැජිනක් ඉන්නවා. ඇය තමයි ඒ වන අරණේ ජීවය රැදි මූල බීජය. ඒ වගේම තව ඉන්නවා පිරිසක් ඔවුන් හැකි හැම දෙයම කරනවා මේ වන අරණ වනසන්න. මේ රැජින ශත වර්ෂයකට වතාවක් චාරිත්‍රයක් ඉටු කිරීමට තම ආරක්ෂකයන් පිරිවරාගෙන තම මාලිගයෙන් ඈතට යනවා. මේ අවස්ථාවේ සොබා දහමේ සතුරන් ඇයට පහර දෙනවා ඇය මිය යන්නේ මේරිගේ ඇස් ඉදිරිපිට. ඇයගේ අවසන් වදන් ඇය සතුයි. දැන් වන අරණේ ගැලවුම් කාරිය ඇයයි. රැජිණගේ අවසන් වදන් මොනවා ද? මේ චාරිත්‍රය කුමක් ද? එය මේරිට සම්පූර්ණ කල හැකි වේ ද? කුමන බාදා එල්ල වේද ඒ හට? ඇයට මේ සඳහා කවුරුන් සහය වේවිද? මේ ඔක්කොම ඔයාලම බලන්න.

මේ චිත්‍රපටය ඇත්තටම කියනවා නම් වර්තමාන ලෝකයේ දැවෙන ප්‍රශ්නයක් වන වානාන්තර විනාශය වෙනත් කෝණයකින් ගෙන හැර දක්වන්නක්. එයත් හිත තබාගෙන මෙම සලරුව නරබන්න. මේ චිත්‍රපටය පිළිබද මා දැනුවත් කළ විකියා හා හසන්ත යන සහෝදරයන්ටත් තුති පිරි නමමින් මම යනවා. නැවතත් උපසිරැසක් සමඟ හමුවනතුරු ඔබ සැමට ජය.!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| BRRip | 720p 
| x264 807 MB |

Direct Download

| BRRip | 720p | x264 807 MB |

                                              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Epic (2013) | වන අරණේ වීර කාව්‍ය….

  • December 31, 2018 at 12:09
    Permalink

    Aravidha sametha veera raghava 2018 movie eka daanawada

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!