Young Detective Dee : Rise Of The Sea Dragon (2013) | මුහුදු රකුසාට එරෙහිව පරීක්ෂක ඩී!

ඔන්න මම තවත් ලස්සන චිත්‍රපටයක් ගෙනාවා. මේකේ පළවෙනි කොටසට (Detective Dee:Mystery Of The Phantom Flame) උපසිරැසි කළෙත් මමම යි. හැබැයි මේකටනම් සබ් කරන්න හිතුවේ නෑ. වෙන කෙනෙක් සබ් කරමින් හිටියේ. ඒත් එයා ටිකක් කාර්‍යබහුල වුණ හින්දා මේකට සබ් කරන්න අවස්ථාව මට හම්බවුණා. ඒ වගේම ගිය වර නිර්මාණයන්ට කමෙන්ට් කරපු හැමෝටම මම මගේ ස්තූතිය පුද කරනවා. මේක අධ්‍යක්ෂණ කරලා තියෙන්නෙත් ගිය පාර එකේ අධ්‍යක්ෂකමයි. එයා Tsui Hark. Mark Chao, Angela Baby, Kim Bum, Feng Shaofeng යන රංගන ශිල්පීන්ගේ දායකත්වය උපරිමයෙන්ම මේ සලරුවට ලැබිලා තියනවා.

Imdb අගය 6.7 ක් වෙනවා. කතාව මෙන්න මෙහෙමයි. මේකේ තියෙන්නේ පරීක්ෂක ඩී රෙන්ජී තරුණ කාලයේදී වෙච්ච සිද්ධියක්. පළවෙනි කොටසේ දුෂ්ටයා වුණු “ෂටෝ වූ” මේ කාලෙදි ඩී ගේ හොඳම යාලුවා. ටැන්ග් රාජ්‍ය යුද්ධයකට යන්න සූදානම් වෙද්දි ඔවුන්ට විශාල මුහුදු සත්ත්වයෙක්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට භාරවෙන්නේ “යූචි” කියන ප්‍රධානියාට. තරුණ ඩී ට සිදුවෙනවා ඒකට යූචි ට උදවු කරන්න. මේ සත්ත්වයාව යම්කිසි පිරිසක් විසින් පාලනය කරනවා. හැබැයි එයාලගේ ප්‍රධානම අරමුණ වෙනත් දෙයක්. අන්න ඒ යටි අරමුණ මොකක්ද කියලා හොයාගන්න තමයි යූචි සහ ඩී උත්සාහගන්නේ. ඔය අතරේ අර සත්ත්වයාව සතුටු කරන්න කියලා උපවාසෙකට දාපු කෙල්ලෙක්ව ආරක්ෂා කරන්නත් මෙයාලට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි කතාව ගලාගෙන යන්නේ.ඇත්තටම සුපිරිම චිත්‍රපටයක්.මේකේ පළවෙනි එක නොබැලුවා කියලා ප්‍රශ්නයක් නෑ. කතා දෙකේ කිසිම අම්බන්ධයක් නෑ.ඒත් චරිත නම් සමහර ඒවා සම්බන්ධයි.කැමති අයට මේක බලලා පළවෙනි එක බලන්නත් පුලුවන්. කොහොමවුණත් ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්. Action/Adventure ගණයට ගන්න පුලුවන්.
7
ඇත්තටම මේකේ මුල් ලයින් වලට සබ් දැම්ම ඒ අයියටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මට මේක ලබාදුන්න විකියා අයියටත්. අඩුපාඩු නම් ඇති. දැක්කොත් කියන්න ඕන හරිද! මේ නිර්මාණයත් ඔයාලා ආසාවෙන් වැළඳගනී කියලා හිතනවා. ඉතින් යාලුවනේ තවත් සලරුවක් සමඟ නැවත එනකල් ඔන්න ආයුබෝවන්!!..හැමෝටම ජය වේවා!!!

Detective Dee: Mystery of the Phantom Flame (2010)

Detective Dee: The Four Heavenly Kings (2018)

 


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | 720p | x264 | 1.6GB |

Direct Download

| BluRay | 480p | x264 | 558MB |

| BluRay | 720p | x264 | 1.20GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Young Detective Dee : Rise Of The Sea Dragon (2013) | මුහුදු රකුසාට එරෙහිව පරීක්ෂක ඩී!

  • January 5, 2019 at 14:15
    Permalink

    Sub download karaddi download wenne wena film ekaka subne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!