Coming to America (1988) | සම්ප්‍රදාය කැඩීමත් වෙනමම සම්ප්‍රදායක් (18+)

සියලුදෙනාටම සුභ නත්තලක් වේවා යි මුලින්ම ප්‍රාර්ථනා කරනවා.අද අරගෙන ආපු ෆිල්ම් එක ටිකක් විතර පරණ එකක්.ඒ වගේම මේක තමයි මම මුලින්ම උපසිරැසිය කරන ෆිල්ම් එක.පලමු උපසිරැසියම හොද ෆිල්ම් එකකට කරන්න ලැබුනු එකනම් ගොඩක් ලොකු දෙයක්.ඇත්තටම ශාන් විමුක්ති(විමා) සහෝදරයාත් ගොඩක් උදව් කලා මේ වැඩේට.ඉතින් විමා සහෝටත් ස්තූතිය පුද කරමින් මම ෆිල්ම් එක පැත්තට හැරෙන්නම්.

මේ ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නෙ 1988දී.මේකත් අනිත් ෆිල්ම් ගොඩක් වගේ ඇමෙරිකාවේ නිෂ්පාදන කරන ලද්දක්.මේක අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක් කීවොත් නිවැරදියි.මේ චිත්‍රපටය සදහාIMDB දර්ශකයේ 7/10 ක් වගේ ලොකු අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නෙ එඩී මර්පි(Eddie Murphy).නම කීවාටනම් සමහර කට්ටිය දන්නෙ නැතිව ඇති.ඒත්Dr.Dolittle කීවොත්නම් නොදන්නා කෙනෙක් නෑනේ.ඉතින් එයා තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය කරන්නෙ.ඒවගේම ආර්සේනියො හෝල්(Aresenio Hall), ෂැරී හෙඩ්ලි(Shari Headly) වගේ විශාල නළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.මේ චිත්‍රපටයේ විශේෂ ලක්ෂණයක් තමයි එක් නළුවෙක් චරිත කීපයක්ම රග දැක්වීම.ඔයාලත් හොදට බලන්නකෝ ඒ චරිත අදුනගන්න පුලුවන්ද කියලා.

කතාව ගැන කෙටියෙන් කීවොත්, අකීම් කියලා කුමාරයෙක් ඉන්නවා.කුමාරයෙක් කීවම හිතාගන්න පුලුවන්නෙ.ඉතින් මෙයා තමා සමුන්ඩා කියන රාජ්‍යයේ අනාගත පාලකයා.මේ රාජ්‍යයේ සම්ප්‍රදායක් තියෙනවා.ඒ තමයි කුමාරවරු විවාහ වෙන්න ඕනෙ දෙමාපියන් නම් කරන කුමාරිය එක්ක විතරයි.ඉතින් අකීම්ටත් එයාගෙ දෙමාපියෝ කුමාරියක් යෝජනා කරනවා.ඒත් අකීම් මේකට කැමති නෑ.අකීම්ට ඕනැ කරන්නෙ වෙනස්ම විදිහෙ කාන්තාවක්.ඉතින් අකීම් එයාගෙ යාලුවත් එක්කන් ඇමෙරිකාවට යනවා ගෑණුලමයෙක් හොයාගෙන.මෙයාලා ගෑණුලමයි හොයන්න යන්නෙත් ක්වීන්ස් වලට.කොහොමහරි අකීම්ට සෑහෙන ගේමක් දීලා කෙල්ලෙක්ව දාගන්න ලැබෙනවා.කොහොම හරි ඒ වැඩෙත් හරියාගෙන යද්දී මෙයාලට හිතපු නැති කරදරවලට මුහුණ දෙන්න වෙනවා.ඉතින් අන්තිමට අකීම්ගෙ උත්සාහය සාර්ථක වෙයිද?ඒකනම් දැනගන්න වෙන්නෙ කතාව බලලාම තමයි.

ඉතින් මේ චිත්‍රපටය බලන්න කියලා සියලු දෙනාටම ආරධනා කරනවා.චිත්‍රපටය ගැනනම් ආයි කියන්න දෙයක් නෑ සුපිරිම චිත්‍රපටයක්.ඒක වගකීමෙන් කියන්න පුලුවන්.තව දෙයක් කියන්න තියෙනවා.මේ චිත්‍රපටයේ එක තැනක නිරුවත් දර්ශනයක් අඩංගු වෙනවා.ඉතින් චිත්‍රපටය තෝරා බේරාගෙන නැරඹීම ඔබට භාර කරනවා.ආයෙත් අලුත් උපසිරැසියක් සමග හමුවීමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BRRip | 720p | x264 | 806 MB |

Direct Download

| BRRip | 720p | x264 | 700 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!