Thimiru Pudichavan (2018) | පලිගැනීමකින් සමාජයට යහපතක්..!

“මේ ලෝකේ නරක වැඩ කරන අය බොහොම හොඳින් දියුණුව ජිවත් වෙනවා.

ඒත් මේ ලොකේ ඉන්න හොඳ අය ජීවත් වෙන්නේ බොහොම අසාර්ථක විදියට .

ඒ නිසා තමයි අද කාලේ තරුණයෝ ..!

නරක විදියට ජීවත් වෙන්න උත්සහ කරන්නේ.!

අපේ ඊලඟ පරම්පරාව..

බොහොම අනතුරුදායක මාර්ගයක ගමන් කරමින් ඉන්නේ.

මේක නවත්තන්න නම්.

කොහේ හරි ඉන්න හොඳ කෙනෙක්ව බලලා..

කරුණාකරලා එයාව දිනවන්න..

මේක අපේ රටට විතරක් නෙවෙයි..

ඔයාලගේ ගෙවල් වලටත් හොඳයි.!”

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට සුභම සුභ නත්තලක් වේවා..! ඉතින් හරියටම මාසකෙට පස්සේ තමයි මම අඩවියට ගොඩවෙන්නේ හැබැයි මාසයකට පස්සෙ ආවා උනාට ඒකත් ආවේ නෑ හිතුවෙවත් නැති විදියකට එන්න සිද්ද උනා. ඒ මේ චිත්‍ර‍පටයේ නොසිතු විරු ලෙසින් ගුණාත්මක පිටපතක් හදිසියේම ආපු හින්දා..! ඉත්න් හොඳ වීඩියෝ පිටපතක් නිකුත් වුවත් මේ සඳහා කිසිදු උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් නොවූ නිසා වීඩියෝවේම අඩංගු ඉංග්‍රීසි උපසිරස බලාගෙන අතින් ටයිම් ලයින් සකස් කර මේ සඳහා උපසිරැසි ගන්වන්න අපට සිද්ද උනා. අවසානයේ ලයින් 2800 කට ආසන්න දෙබස් ප්‍රමාණයකින් යුත් මේ චිත්‍ර‍පටය සඳහා මට උපසිරැසි ගන්වන්න අවස්ථාව ලබාදීම ගැන අපේ ඇඩ්මින් මණ්ඩලයට ස්තූති කරනින් ගමන් මේ වගේ වෙලාවකට උපසිරැසිය ඉක්මණින් අරන් එන්න සහයෝගය දුන්න තාරක නුවන් දිල්හාර මල්ලිටත් විශේෂයෙන් ස්තුතීවන්ත වෙන ගමන්ම චිත්‍ර‍පටයේ අනිකුත් විස්තරයන් ගෙන ඒමට සූදානම් වනවා.

දකුනු ඉන්දීය සිනමාවේ සංගීත නිර්මාතෘවරයෙක් වෙන විජය අන්තොනි කිව්වම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම් ඒ ඇයි කිව්වොත් ඔබ අපි කවුරුත් දන්නා ‘සුරාංගනිට මාළු ගෙනාවා’ සිංහල පදමාලාව සහිත දමිළ ගීතය ශ්‍රීලංකා වේ බදුල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබු දමිළ ගායකයකු වන දිනේෂ් කනගරත්නම් සමඟින් සංගීත නිර්මාණය කල නිර්මාතෘවරයා වීම නිසාවෙන්. විජය අන්තොනි රඟදක්වන මේ නව සිනමාපටය 2018 නොවැම්බර් මස 05 වනදා තිරගත කිරීමට සූදානම් කර තිබු මෙම සලරුව දකුණු ඉන්දීය රංගන ක්ෂේත්‍රයේ පතාකයකු වන විජේ ගේ සර්කාර් චිත්‍ර‍පටය පසුදා එනම් දීපාවලි දින තිරගත කිරීමට සූදානම් කර තිබීම නිසා තිරගත කිරීමේ දින කල් තැබුණා. කෙසේ හෝ 2018 නොවැම්බර් මස තිරගත කල මෙම චිත්‍ර‍පටය imdb හි අගය 10/6.1 ලබාගෙන බොක්ස් ඔෆීස් වාර්ථා ලෙස ඉන්දීය රුපියල් කෝටි 13.75 ක්ද ලබාගැනීමට සමත් වුනා.

අප මේ ජීවත්වන ලෝකයේ විවිධ වර්ගයේ අපරාද කරුවන් සිටිනවා ඒ අතර හැදෙන වයසේ සිටින පිරිමි දරුවන් අපරාද කිරීමට පොළඹවාගෙන මුදල් උපයනා අපරාධ කරුවෝ විශේෂයි..! මොකද එැනි කටයුතු කරන අපරාධ කරුවන්ගෙන් මුළු මහත් සමාජයට ජාතියට වගේම රටටත් රටේ අනාගතයටත් වෙන්නේ විශාල වශයෙන් අභාග්‍යක්,පාඩුවක් මිස යහපතක් නම් නෙවෙයි..!තවත් විදියකින් කිව්වොත් බාල වයස්කරුවන් යොදා ගනිමින් කුමන වර්ගයක හෝ සාපරාධී අපරාධයන් කරනා මෘගයින්ගෙන් ඉහත කී සියල්ලටම සිදුවන්නේ අවැඩක්මයි..! මේ චිත්‍ර‍පටයෙන් ඒ කරුණ පිළිබඳව මනා ලෙසින් පැහැදිලි කර තිබෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් ක්‍රියාදාම පිරි ත්‍රාසය උපදවන චිත්‍ර‍පටයක් බලලා ඒක එතනින් ඉවරයක් කරලා දාන එක සුදුසුයි යැයි කියන එක මගේ අදහස නෙවෙයි. බොහොමයක් චිත්‍ර‍පට වලින් අපට සමාජයට රටට ගන්න තියෙන පණිවිඩ ආදර්ශ බොහොමයයි.! ඉතින් ඔය ක්‍රියාදාම ත්‍ර‍ාසය කුතුහලය කියන හැමදෙයක් අතරින්ම ඒ පණිවිඩ ආදර්ශ තෝරා බේරා ගන්න එක වගේම පෙන්නලා දෙන එක රසික රසිකාවියන් වෙන ඔබගේ වගේම උපසිරැසිකරුවන් වන අපගේත් එක්තරා කාර්ය්‍යක් වගකීමක්..!

කතාව මෙහෙමයි මුරුගවේල් කියන්නේ පොලිසියේ රාජකාරි කරන අවංක පොලිස් කොස්තාපල්වරයෙක් මුරුගවේල්ගේ එකම මල්ලි රවී මොවුන් දෙදෙනාගේ දෙමව්පියන් මියන්ගොස්.. ! ඉතින් රවීගේ හැමදෙයක් ගැනම බලන්නේ මුරුගවේල් ඒ උනාට රවී මුරුගවේල්ට පොඩ්ඩක්වත් කැමති නෑ මොකද මුරුගවේල් නිතරම රවීගැන බලන ගමන් රවීව අනාගතේදි හොඳ කෙනෙක් කරන්න උත්සහ ගන්න නිසා.! කාලය ගතවෙන කොට රවී මුරුගවේල් එක්ක රණ්ඩුව් ඇතිකරගෙන නිවසින් හොර රහසින්ම පිටවෙලා යනවා. එතැනින් පටන්ගන්නා සිදුවීම් දාමය නිසා මුරුගවේල්ට තමන්ගේ එක කුස උපන් මල්ලිට පවා වෙඩි තියන්න සිද්ද වෙන තරමටම ඔවුන්ගේ ඉරණම,දෛවය කුරිරු වෙනවා. මුරුගවේල්ට එවැනි දෙයක් කිරීමට සිද්ද වුන ප්‍ර‍දාන මූලික හේතුව තමයි මීස පද්මා (රැවුල් පද්මා) කියනා අපරාධකරු, තමන්ට මේ සිදුකල දෙයට තම බලතල පාවිච්චි කර කෙලින්ම පළිගැනීමට යන මුරුගවේල් හදිසියේම එම තීරණය වෙනස් කර කිසිවකු නොසිතු ආකාරයේ වෙනස්ම දෙයකින් වැඩ කරන්න ගන්නවා. කතාවේ ඉතිරිය චිත්‍ර‍පටය නරඹලාම දැන ගන්නා ලෙස ඉල්ලා සිටිමින් Sarkar (2018)චිත්‍රපටයත් සමඟින් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමු ගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HC HDRip | x264 | 717 MB |

Direct Download

| HC HDRip | x264 | SD | 200MB |

| HC HDRip | x264 |435 MB |

| HC HDRip | x264 | 500MB |

| HC HDRip | x264 | 717 MB |

| HC HDRip | 720p | x264 | 1.4GB |

| HC HDRip | 1080p | x265 | 1.8GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Thimiru Pudichavan (2018) | පලිගැනීමකින් සමාජයට යහපතක්..!

  • December 29, 2018 at 12:39 am
    Permalink

    Thimiru pudichavan – 1.4GB download link is not working

    Reply
  • December 31, 2018 at 1:45 pm
    Permalink

    Sarkar dendoooooooo….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!