Kshanam (2016) | අදහාගත නොහැකි පැහැරගැනීම…

හම්මේ ඉතිං….කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා මට නම් හිතාගන්නවත් බෑ. මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. මේ පහෙන් මං කරපු අමාරුම එක තමයි මේක. මොකද මේකට කිසිම උපසිරැසි ගොනුවක් තිබුණේ නෑ. ඒ නිසා ජීවිතේ පලවෙනි වතාවට,  කාල රේඛා හදාගෙන තමයි සබ් එක කලේ. ඒ වගේම මේක, ඒ පහෙන් මං කරපු සුපිරිම චිත්‍රපටිය කියලත් කියන්නම ඕනේ. මේක තෙලිඟු චිත්‍රපටියක්. මගේ දෙවෙනි තෙලිඟු චිත්‍රපටිය. පලවෙනි එක Dohchay (2015) කට්ටිය බලන්න ඇතිනෙ. ඒක සයිට් එකේ පලවෙන්නත් කලින් තමයි මේ ලිපිය ලියන්නේ. ඒ නිසා ලැබුණු ප්‍රතිචාර ගැන කිසිම අදහසක් නෑ. චිත්‍රපටිය ගැන කියනවනම්, මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 26 වෙනිදා සිට තිරගතවූ, ප්‍රේක්ෂක ජනතා මනාපයෙන් Imdb දර්ශකයේ ඉහලටම ගමන් කිරීමට සමත්කම් පෑ චිත්‍රපටයක් තමයි මේක. එමෙන්ම Rotten Tomatoes හි 75% ක් වැනි ඉහල අගයකුත් මෙම සිත්තම සඳහා වෙන්වී තිබෙනවා.කලාතුරකින් චිත්‍රපටියකට උරුමවන Imdb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයකින් සන්නද්ධ මෙම චිත්‍රපටය, Thriller,Action යන කාණ්ඩ වලට  අයත් වනවා.ප්‍රධාන නළු නිලි දෙපල වශයෙන්, Dongaata (2015), Baahubali: The Beginning (2015), Ladies & Gentlemen (2015), Run Raja Run (2014) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි Adivi Sesh ප්‍රධාන නළු භුමිකාවටද, Garam (2016), Heart Attack (2014), Son of Satyamurthy (2015), Rana Vikrama (2015), Hasee Toh Phasee (2014), 1920 (2008) වැනි චිත්‍රපට තුලින් රසික හද මන්මත් කල Adah Sharma ප්‍රධාන නිළි භුමිකාවටත් පණ පොවනු ලබනවා.

කතාව ගැන කියනවනම් ඉතිං, මං මුලින්ම කිව්වා වගේ කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා හිතාගන්නවත් බෑ.ඒත් ඉතින් මුකුත් නොකියා හොඳ නෑනේ.ඒ නිසා පොඩ්ඩක් කියන්නම්.රිශී කියන්නේ ඇමරිකාවේ පදිංචිව සිටින සාර්ථක ව්‍යාපාරිකයෙක්.දවසක් මෙයාට හදිසියේම කෝල් එකක් එනවා ඉන්දියාවෙන්.ඒ වෙන කාගෙන්වත් නෙමෙයි, වසර 4කට පෙර තමන්ගේ ප්‍රාණ සම වැනි වූ, දැන් වෙනත් කෙනෙකුට අයිති වූ, පෙම්වතියගෙන්.ඇය රිශීගෙන් ඉල්ලනවා හැකි ඉක්මනින් ඉන්දියාව බලා පැමිණෙන ලෙසට.ඉන්දියාවට පැමිණෙන රිශීගෙන් මෙම තරුණිය එකම එක උදවුවක් ඉල්ලනවා.ඒ තමයි එයාගේ දුවව හොයාලා දෙන්න කියලා…. මීට වඩානම් මුකුත්ම කියන්නේ නෑ. එහෙම වුනොත් කතාවේ කිසිම රසයක් නැති වෙනවා. කතාවේ පලවෙනි මිනිත්තුවේ ඉඳලා අවසාන මිනිත්තුව දක්වාම කුතුහලය සමගින් අභිරහස් ස්වරූපය උපරිමයි. පුරා හෝරා දෙකක් පුරාවටම ක්ෂණයක් ක්ෂණයක් පාසා ප්‍රේක්ෂකයාට යමක් ඒත්තු ගන්වා, අනෙක් ක්ෂණයේදී ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රේක්ෂක සිත් සතන්හි ජනිත කරලීමට මෙම චිත්‍රපටය බෙහෙවින්ම සමත්කම් දක්වනවා. එම නිසා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම තෙලිඟු, දමිළ නිර්මාණ නරබන්නේ නැති අයගෙන්..පුලුවන්නම් අරගෙන බලන්න. සමහරවිට ඔබ තෙලිඟු, දමිළ නිර්මාණ නැරබීමට යොමුකරනා හැරවුම් ලක්ෂය මෙය වීමට පුළුවන්. තවමත් ඔබ සතුව පොඩි හෝ සැකයක් තිබෙනවානම්, ට්‍රේලර් එක බලලා ඉන්නකො. ඔබගේ සියලු සැක සංකා දුරුවේවි… එහෙනම් මේ විදියට ලිපිය අවසන් කරන්නම්…..

කතාව ආරම්භක මිනිත්තුවේදීම ඔබගේ හදවත කුතුහලයෙන් ගැහෙන්න පටන් ගනීවි.එය ක්‍රම ක්‍රමයෙන් වැඩි වනවා මිසක, කිසිවිටෙකත් අඩු නොවේවි.කතාවේ පළමු අර්ධය අවසන් වනවාත් සමගම ඔබගේ කුතුහලය උච්චතම ස්ථානයට පත්වේවි.නමුත් කෙසේ හෝ දරාගෙන සිටින්න.කතාවේ තව අර්ධයක් ඉතිරිව තිබෙනවා.කතාවේ දෙවෙනි අර්ධය ආරම්භ කරමින් පළමු මිනිත්තුවේදීම ඔබගේ දෑස් කඳුලින් තෙත්වේවි.නමුත් දරා සිටින්න.කතාවේ හරි අර්ධයක් තවමත් ඉතිරිව ඇත.එතැන් පටන් අවසාන මිනිත්තුව දක්වාම ඔබට හුස්ම ගැනීමට අමතක වේවි.ඔබට හිතේවි ඔබ හුස්ම ගැනීමට සිත යෙදවීමෙන් කතාවේ සුළු කොටසක් හෝ මග හැරේය කියා.අවසන් තත්පරයේදී ඔබට සුසුමක් පිටවේවි.අයියෝ අපරාදේ ඉවරද !! කියා ඔබේ මුවින් පිටවේවි.ඒ බවට මං සහතික වෙන්නම්.

සියලු දෙනාටම ජයවේවා…!!!

 


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-HD  | 720p | x264 | 1GB |

Direct Download

| WEB-HD | 720p | x264 | 990MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Kshanam (2016) | අදහාගත නොහැකි පැහැරගැනීම…

    • January 6, 2019 at 18:38
      Permalink

      meka bhagi 2 eke copyakne

      Reply
      • January 6, 2019 at 20:11
        Permalink

        ah Bhagi 2 gahuwe oka copy karala..bhaagi 2 i copiya..

        Reply
  • December 28, 2018 at 08:15
    Permalink

    Subtitles file eka nh neh

    Reply
  • December 29, 2018 at 11:53
    Permalink

    කො සබ් ෆයිල් එක නෑනෙ

    Reply
  • January 1, 2019 at 16:32
    Permalink

    කෝ සබ් ෆයිල් එක… මොකුත්ම නෑ… 🙃🙃🙃🙃🙃🙃

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!