Children of the Corn: Runaway (2018) | බඩඉරිඟු යායේ ශාපය…

සුබ දවසක් වේවා හැමෝටම. අද මම ඔයාලට අරගන ආවෙ horror ඛාණ්ඩයට අයත් වෙන චිත්‍රපටියක්. මේක මට අහම්බෙන් හම්බවුණු එකක්. ඉතිං ඒකට සබ් එක කලා. මේක ගැන කියන්න ඕනෙ දෙයක් තියෙනවා. Children of the Corn කියන චිත්‍රපටි මාලාවෙ 10වෙනි එක තමයි මේක. කලින් ඒවා මම බලලත් නෑ. ඒත් අවුලක් කරගන්න එපා. මේක බලද්දි කලින් ඒවා ගැන පොඩි අවබෝධයක් එනවා. ඔයාලට මුල් ඒවත් උවමනානම් කියන්න, පුළුවන් විදියට ඒවත් කරලා දෙන්න බලන්නම්. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්,

මේක පටන්ගන්නෙ කලින් චිත්‍රපටිය ඉවර උන තැනින්. රූත් කියන ගැබිණි තරුණිය බඩඉරිඟු යායක් ගිනි තියලා වාහනයකින් පළා යනවා. ඒකට හේතුව තමයි නෙබ්‍රස්කාහි ඉරිඟු යාය ආවට ළමයින්ට යම් කටහඬක් ඇහෙන්න අරන් තියනවා. ඔවුන් මුලින්ම හිතලා තියෙන්නෙ ඒ දෙවියන්ගෙ හඬ කියල. නමුත් පසුව ඔවුන්ට දැනගන්න ලැබෙනවා ඒ අන්ධකාර බලවේගයක් කියල. ඔවුන් එම බලවේගය &යාය පිටුපසින් ඇවිදින කෙනා& කියලා හඳුන්වන්න පටන්ගන්නවා. එය මඟින් එම දරුවන්ව බිහිසුණු දේවල් කිරීමට යොමු කරවනවා.

ඉතිං රූත්වත් ඔහු කැඳවනවා. ඇය අතින් ඇයගේ දෙමව්පියන් ඝාතනය වෙනවා. එමෙන්ම ඇය ආදරය කල තරුණයාත් මියයනවා. මේ චිත්‍රපටය පටන්ගන්නෙ ගැලවීමක් නැති තැන ඇය ඉරිඟු යාය ගිනිතබා පළායාමත් සමඟින්. එතැන් පටන් ඇය හා ආරොන් නම් ඇගේ පුතා තැනින් තැනට පළායමින් ජීවත් වෙන්න පටන්ගන්නවා. නමුත් සෑමවිටම කෙනෙක් ඇය පසුපස ලුහුබඳින බවක් ඇයට දැනෙනවා. ඔය අතරෙදි තමයි ඔවුන්ගෙ නවාතැන වූ ඔවුන්ගේ ට්‍රක් රථය අදාළ ලියවිලි නොමැති කමින් අත්අඩංගුවට පත් වෙන්නෙ. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට ලූතර් කියන ඒ නගරයේ නතර වෙන්න සිදුවෙනවා. එම නතරවීමත් සමඟම අද්භූත සිදුවීම් දාමයක් ආරම්භ වෙන්න පටන්ගන්නවා. ඇයගේ එකම අරමුණ වන්නේ ඇයගේ පණ හා සමාන තම පුත්‍රයාව ආරක්ෂා කරගැනීමයි. ඉතිං ඊටපස්සෙ මොකද වෙන්නෙ. ඔවුන්ට එම නගරයෙන් ගැලවී යාමට හැකිවේවිද, ඔවුන් ආරක්ෂා වේවිද යන්න දැනගන්න ඕනෙනම් කතාව බලන්නම්ම වෙනවා.

එහෙනම් නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Gulager විසින්, කතාව ලියලා තියෙන්නෙ Joel Soisson. මිනිත්තු 82ක් පුරා දිවෙන මෙය IMDb දර්ශකයෙ 3.9ක අගයක් අරන් තියෙනවා. ඒක සාධාරණද කියල ඔයාලම තීරණය කරන්න. Marci MillerJake Ryan ScottSara MooreMary Kathryn Bryant යන අය මේකෙ ප්‍රධාන චරිත වලට පණපොවනවා. 2018 මාර්තු 13 දින ඇ.එ.ජ. තුල ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මේක අමුතුම විදියක horror කතාවක් කියල කියන්න පුළුවන්. ඉතිං මේවා තමයි මූලිකවම කියන්න තියෙන්නෙ. පුළුවන්නම් මේකත් බලන්න කියල ආරාධනා කරන ගමන් අපිත් එක්ක රැඳිලා ඉන්න රසික ඔබ හැමෝටමත් අපිට මේ කතා ඉල්ලීම පරිදි වෙන් කරලා දෙන හසන්ත අයියා ඇතුළු බයිස්කෝප් සොයුරු කැලටත් ස්තූති කරනවා.

එහෙනම් ඉතිං තවත් සබකින් ඉක්මනින්ම හමුවෙමු. ගිහින් එන්නම්.

ඔබට ජය…


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray720p | x264 | 680MB |

Direct Download

| Bluray | 480p | x264 | 370MB |

| Bluray | 720p | x264 | 680MB | YTS

| Bluray | 720p | x265 | 390MB |

| Bluray | 1080p | x265 | 980MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!