Anonymous AKA Hacker (2016) | පවුලක් වෙනුවෙන්, ලොවක් කැළඹවූ බාලවයස්කාර හැකර්කරුවා…

ඔන්න එහෙනම් ARQ (2016) චිත්‍රපටයේදී පොරොන්දු වුන විදියටම තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන තමයි මේ වතාවේ එන්නෙ. චිත්‍රපටයේ වර්ෂය 2015 ලෙස සටහන් වෙලා තිබුනත්, චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2016 වර්ෂයේදී. එමෙන්ම චිත්‍රපටයේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ අවසාන දින කිහිපයෙදී. ගොඩක් වැඩ රාජකාරි බහුල වීම නිසාවෙන් සහ, ඒ අතරතුර කාලයේදී ARQ චිත්‍රපටයත් උපසිරැසි ගැන්වීම යන හේතු නිසාවෙන් මෙම චිත්‍රපටය ටිකක් ප්‍රමාද වුණා. ඇරත්, චිත්‍රපටයේ නම දැක්කම ගොඩක් දෙනෙක්ට තේරේවි, මේක හදිසියට උපසිරසි ගන්වන්න පුළුවන් විදියේ චිත්‍රපටයකුත් නෙමෙයි. චිත්‍රපටය නරඹන අතර වාරයේදී, ඒ බව ඔබට මනාව පසක් වේවි.

Hacking (හැකින්), මේ වචනය ගැන යන්තම් හෝ අසා නොමැති කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. මොකද කියනවා නම්, නූතන තාක්ෂණයේ දියුණුවත් සමගින්, අන්තර්ජාලය හරහා සමස්ත ලෝකයම විශ්ව ගම්මානනයක් බවට පත්වීමත් සමගින්, අප නොදන්නාවූ කරුණු සමුදායක් අප හට දැනගැනීමට වරම් ලැබෙනවා. මේ සියල්ලක්ම අතුරින්, අපගේ සිත ගත නිරායාසයෙන්ම ඇදී යන්නා වූ වචනයක් ලෙසට, මේ Hacking යන වචනයට සුවිශේෂී ස්ථානයක් නිතැතින්ම හිමිවෙනවා. මොකක්ද මේ හැක් කරනවා කියන්නේ… වචනය දන්නවා වුණාට, බොහෝ දෙනෙක් මේ පිළිබඳව හරියාකාරව දැනුමකින් සමන්විත වෙන්නෙ නැහැ. නමුත්, ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට, මෙය නොවෙයි උචිතම පරිච්ජේදය. එම නිසාවෙන්ම, චිත්‍රපටයේ සවිස්තරාත්මක අන්තර්ගතයෙන් පසුව, සියළු දෙනාගේම දැනගැනීම පිණිස, Hacking පිළිබඳව කුඩා සටහනක් තබන්න හිතුවා. කැමති පිරිසට, මෙම ලිපිය අවසානයේ, එම ලිපියද කියවා, ඔබගේ දැනුම පිපාසය සංසිඳවා ගත හැකියි.

ඇලෙක්ස්…උපතින්ම සරණාගත පවුලකින් පැවත එන්නෙක්… අනෙක්විදී දුක් කම්කටොලු මැද අවසානයේ මෙම අසරණ පවුලේ නවාතැන්පල වන්නෙ, ලන්ඩන් නගරයයි. ලොව සිටින්නාවූ සියලුම මිනිසුන්ගේ ප්‍රථම බලාපොරොත්තුව වන්නාවූ සේම, මොවුන්ගේද එකම බලාපොරොත්තුව වන්නේ තමන්ගේම කියා නිවහනක්. මොවුන්ගේ එම සිහිනය මල්පල ගන්වමින්, නිවසක් හිමිවූවත්, බැංකුකරුවන්ගේ ක්‍රියාමාර්ගයන් හේතුවෙන් මොවුන්ගේ සියළු සේසතම අහිමිවී යන තත්වට පත්වනවා… ඇලෙක්ස්, කුඩා කල සිටම පරිඝනකය ඇසුරේ හැදී වැඩුණු තරුණයෙක්. සිය උත්සාහය නිසාවෙන්ම, අන්තර්ජාලය හරහා ඔහු අසීමිතවූ දැනුමක් ලබාගන්නවා. සිය පවුලේ අඟ-හිඟකම් නිසාවෙන්ම, පාසල් යෑම සඳහා ඔහු අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ආරම්භ කරනවා. නමුත්, දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ ඔහුට කෙටි කාලීනව, විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට අවශ්‍ය වනවා. මේ නිසාවෙන්ම ඔහු ක්‍රමයෙන් අන්තර්ජාලයේ අඳුරු අඩවියට පය තබනවා. අන්තර්ජාලය තුල සයිබර් ප්‍රහාර සඳහා කුප්‍රකට නමක් සහිත DarkWeb නමින් හඳුන්වන හැකර් කණ්ඩායමක් සමගින් එකතුවන ඇලෙක්ස්, පියවරින් පියවර තම මාර්ගය එලි පෙහෙළි කරගනිමින්, අන්තර්ජාලයේ අදුරු පැතිකඩ තව තවත් තදින් ග්‍රහණය කොට ගන්නවා. කෙසේ හෝ, තමන්ගේම කියා කණ්ඩායමක් සාදා ගන්නා ඇලෙක්ස්ගේ මූලික අරමුණ වන්නෙ කුමක්ද… කිසිවෙකුගේත් ඇස නොගැටෙමින්, සයිබර් ප්‍රහාර එල්ල කරන්නාවූ මෙම DarkWeb කල්ලියේ සැබෑ ස්වරුපය කුමක්ද… අවසානයේ, මේ සියළු දෙනාගේම ඉරණම කුමන ආකාරයකට විසඳේවිද… දහසකට අධික ප්‍රේක්ෂක ජනතාවකගේ මනාපයෙන්, IMDB දර්ශකයේ 6.3 ක අගයකින් සමන්විතව, සත්‍ය කතාවක් ඇසුරින් නිර්මිත වූ මෙම අනගි චිත්‍රපටයේ අවසානය නම්, ඔබ සිහිනෙන් හෝ නොසිතන ආකාරයේ කණපිට ගැසූ අවසානයකින් සමන්විත වන බැව් නොබියව පැවසිය හැකියි.

එසේනම්, තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකින්ම මුණගැහෙමු. කැමති අය පහල ලිපියත් කියවගෙනම යන්න.

Hacking පිළිබඳව උනන්දුවක් දක්වන, ඒ පිළිබඳව මූලික දැනුමක් ඇති-නැති සැමගේ දැනුමට බිඳක්…

මොකක්ද මේ හැක් කරනවා (Hacking) කියන්නෙ
ඇත්තටම හැක් කරනවා කියන එකට විවිධ අන්දමේ විග්‍රහයන් දෙන්න පුළුවන්. ඒත්, හැමෝටම තේරෙන, සරලම ආකාරයට කියනවා නම්, වෙනත් කෙනෙකුගේ අවසරයකින් හෝ දැනුවත් බාවයකින් තොරව, ඔවුන් සතු පරිඝනකයකට හෝ, ජංගම දුරකතනයකට හෝ, ටැබ්ලට් උපකරණයකට හෝ, කුමන ආකාරයේ උපකරණයකට ඇතුළු වී, ඔවුන් සතු දත්ත සොරා ගැනීම හෝ වෙනස් කිරීම හෝ නිරීක්ෂණය කිරීම, Hacking යනුවෙන් සරලවම හැඳින්විය හැකියි.

මේ සඳහා (Hacking) අවශ්‍ය මොනවාද
මෙය, ඒ ඒ අවස්තාව අනුව වෙනස් වෙන්න පුළුවන්.නමුත් මුලිකවම අවශ්‍ය වන්නේ, අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ, අන්තර්ජාලයට සම්බන්ධ කල හැකි විද්‍යුත් උපකරණයක් පමණයි.

ඔවුන්ගේ ගති ලක්ෂණයක් අනුව, හැකර්වරුන්ව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන්කරනු ලබනවා

  • Black Hat
  • White Hat
  • Gray Hat

Black Hat
මොවුන්ව, Unethical Hackers යන නමින් හඳුන්වනු ලබනවා. අන්තර්ජාලයේ අඳුරු පැතිකඩෙහි රජයමින් සිටින්නෙ මොවුන්ය. මෙම චිත්‍රපටය තුලින්, සාකච්ජාවට බඳුන් වන්නේ, මොවුන් පිළිබඳවයි. ලොව පැවැත්මට විශාල වශයෙන් හානියක් ගෙන දෙනවා. විශේෂයෙන්ම, මොවුන් නිරන්තරයෙන්ම නිතීවිරෝධි ක්‍රියාවන්හි යෙදෙනවා. ක්‍රෙඩිට් කාඩ් වංචා, ආරක්‍ෂිත ජාලයන් බිඳ දැමීම, ත්‍රස්තවාදය සඳහා උපකාර කිරීම වැනි ක්‍රියා සඳහා තම දැනුම යොදාගනිති.

White Hat
මොවුන්ව, Ethical Hackers යන නමින් හඳුන්වනු ලබනවා.  Black Hat Hackers වරුන්ගෙන් එල්ල වන ප්‍රහාරයන් මැඩ පවත්වමින්, ලෝක සාමය පවත්වාගෙන යන්නේ මොවුන් විසිනි.  බොහෝ රටවල්වල රාජ්‍ය ආරක්ෂාව උදෙසා වෙනමම මෙවැනි White Hat කණ්ඩායම් පිහිටුවා ඇත. Black Hat හැකර්වරුන්ගේ මනස පිළිබඳව තමා විසින්ම නිගමනයකට පැමිණ, ඔවුන්ගේ ප්‍රහාරයන් හට සාර්ථකව මුහුණ දෙමින්, ප්‍රති ප්‍රහාර එල්ල කිරීමයි මොවුන්ගේ වගකීම වන්නෙ. ඇමරිකාව සහ රුසියාව වැනි රටවල්, ත්‍රස්ත ඉලක්කයන් සොයාගනිමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට මොවුන්ගේ සේවය ඉහලින්ම ලබාගන්නවා.

Gray Hat
මෙම පිරිස, Black Hat සහ White Hat යන දෙවර්ගයේම සම්මිශ්‍රණයකින් සැදුම්ලත් පිරිසකි. විටෙක, නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරතවන අතර, තවත් විටෙක නිතිය සුරැකීම උදෙසා ඉදිරිපත් වේ.

Facebook Hacking
මේක නම් ඉතිං ගොඩක් දෙනෙක් කතාකරන්න කැමතිම මාතෘකාවක්. අපේ කට්ටිය හරි කැමතියිනේ යාලුවෙක්ගෙ ෆේස්බූක් ගිණුමක් හැක් කරලා, එකෙන් අහිංසක සතුටක් ලබන්න 😀 . ඒ නිසාවෙන්ම මේ ගැනත් ලියන්නම හිතුනා. ඇත්තටම කියනවා නම්, ෆේස්බුක් ජාලය සමන්විත වෙන්නෙ, හැක් කිරීමට අපහසු අතිශය ඉහල මට්ටමේ ආරක්‍ෂිත පද්ධතියකින් සමන්විතව. නමුත්, ඒකෙන් කියවෙන්නෙ නැහැ, ෆේස්බුක් කියන්නේ හැක් කරන්න බැරි දෙයක් කියලා. පුළුවන්. නමුත් ඉතාමත් අතලොස්සක් වූ දෙනාට පමණයි එම හැකියාව තියෙන්නෙ. Haking ක්ෂේත්‍රයේ අතිශය ඉහල අත්දැකීම සමගින් පළපුරුද්ද ලත් හැකර්වරයෙකුට පමණයි මෙම හැකියාව තිබෙන්නෙ. එම නිසාවෙන්ම, ෆේස්බුක් හැක් කිරීම සඳහා, ඊට වඩා ලෙහෙසි පහසු ක්‍රමයක් අප භාවිතා කරනවා[ලේසියි කිව්වට ලේසිමත් නැහැ]. ඒ තමයි, පිෂින් [Phishing] කියන ක්‍රමය.

මොකක්ද මේ  Phishing කියන්නෙ
අහලා තියෙනවා නේද ෆිශින්ග් [Fishing], ඒ කියන්නෙ බිලී බෑම. ඔන්න ඔය Fishing කියන වචනය අනුසාරයෙන් තමයි Phishing කියන වචනයේ සම්ප්‍රාප්තිය සටහන් වෙන්නෙ. දන්නවා නේද කොහොමද මාළු බාන්නේ කියලා. බිලී පිත්තක් අරගෙන, ඒකට ඇමක් දාලා, ඒක වතුරට දාලා බලාගෙන ඉන්නවා මාළුවා ඇම කනකම්. මාළුවා ඇම කාපු ගමන්ම, පිත්ත උස්සලා මාලුවව බාගන්නවා. ඔන්න ඔය සිද්ධාන්තය තමයි Phishing වලදීත් කෙරෙන්නෙ. උදාහරණයකට ගමුකො… හිතන්න ඔයාට, ඔයාගේ යාළුවෙක්ගෙ ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න ඕනේ. ඔයා මුලින්ම කරන්නේ, ෆේස්බුක් අතුරු මුහුණත හා සමාන, ව්‍යාජ අතුරු මුහුණතක් හදාගන්නවා[login interface එක පමණයි]. මෙම ව්‍යාජ පිටුවට, අපගේ සුළු code කිහිපයක් අන්තර්ගත කරනවා. ඊට පස්සේ, මෙම ව්‍යාජ පිටුව, නොමිලයේ වෙබ් හොස්ටින් ලබාදෙන ජාලයක් ඔස්සේ, අප්ලෝඩ් කරගන්නවා. එතැනදී අපට, අපගේ ව්‍යාජ පිටුවට අදාළ ලින්ක් එකක් ලැබෙනවා. මෙන්න මේ ලින්ක් එක තමයි මාළුවට දාන, එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවට දෙන ඇම වෙන්නෙ. මේ ලින්ක් එක කුමන හෝ ආකාරයකින් ඔහුට හෝ ඇයට යවා, කෙසේ හෝ මෙය click කරවන්න. එවිට, පැමිණෙන්නේ, අප විසින් නිර්මාණය කරන ලද, ව්‍යාජ login අතුරු මුහුණත සහිත ෆේස්බුක් පිටුවයි. මෙම පිටුවෙන්, ඔහු හෝ ඇය, සිය ෆේස්බුක් ගිණුමට ප්‍රවිෂ්ට වූ සැණින්, සියලුම පිවිසුම් දත්ත, අප ඉහත නොමිලයේ ලබාගත් වෙබ් හොස්ටින් ගිණුමට ලැබෙනවා. එපමණයි. හරි ලේසියි… 😀 මේ තමයි සරලවම Phishing කියන දේ. මෙය කරන ආකාරය අන්තර්ජාලයේ ඉතාමත් පැහැදිලි ලෙස වීඩියෝ පට මගින් දක්වා තිබෙනවා.

Hacking සම්බන්ධ මෑතකාලීන රසවත් සිදුවීමක්
ෆේස්බුක් නිර්මාතෘ, මාක් සකර්බර්ග් කියන්නෙ අපි දන්නා කියන චරිතයක්. ෆේස්බුක් අඩවියේ යම් යම් ආරක්‍ෂිත හේතුන් නිසාවෙන්, මෑත කාලීනව, අතිශය දැවැන්ත මුදලක් විය පැහැදම් කරමින්, මාක් සකර්බර්ග් විසින් ෆේස්බුක් හි ආරක්ෂාව දෙගුණ තෙගුණ කරනු ලැබුවා. මේකෙන් පස්සේ මෙයා ඉතිං කට වහගෙන හිටියෙත් නැහැ. මාධ්‍ය කැඳවලා මේ ගැන ලොකුවට පුරාජේරුවක් ගැහුවා. නමුත්, අවාසනාව කියන්නේ, ඒ මොහෙතේ ඉඳලා පැයක කාලයක් ගත වෙන්නත් මත්තෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේම නිළ ෆේස්බුක් පිටුව හැක් කරලා, එහි profile photo එක වෙනස් කර, එහි සටහනක්[Comment] තබන්නට, එක්තරා නාදුනන හැකර් කණ්ඩායමක් හෝ, තනි පුද්ගලයෙක් සමත් වූවා.

එදා මෙදා තුර කාලයේදී බිහිවූ හොඳම හැකර්වරු කිහිපදෙනෙක්

3) Drian Lamo
Yahoo!, Microsoft, Google, සහ The New York Times යන ඒවා හැක් කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය. ලෝකයේ ඕනෑම ප්‍රමුඛතම ගිණුමක් හැක් කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. විකිලික්ස් නිර්මාතෘ අත්අඩංගුවට පත්වීමත් සමගම මොහුද අතුරුදහන්වී ඇත.

3) Drian Lamo

2) LulzSec
Black Hat හැකින් කණ්ඩායමකි. Lulz Security නමින්ද හඳුන්වනු ලබයි. Sony, News International, CIA, FBI, Scotland Yard යනාදිය හැක් කරන ලදී.

2) Lulz Security

1) Gary McKinnon
වෛරසයයක් ස්ථාපනය කරමින් සහ ෆයිල් කිහිපයක් මකා දමමින්, නාසා ආයතනයේ සහ ඇමරිකානු හමුදාවේ පරිඝනක 97ක් පාලනය කරන ලදී. ඇමරිකානු හමුදාවේ වොෂින්ටන් ජාලයට අයත්, පරිඝනක 2000ක් පැය 24ක් සඳහා වසා දමන ලදී. මෙය, එදා මෙදා තුර ඉතිහසයේ, හැකර්වරයෙකු පෑ ඉහලම දස්කම ලෙස මෙය සලකනු ලබයි.

1) Gary McKinnon

එහෙනම්, ගොඩක් දෙනෙක්ට ලිපිය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. විශේෂයෙන්ම, හැකින් පිළිබඳව දන්නා කෙනෙක් හෝ වේවා, නොදන්නා කෙනෙක් හෝ වේවා, මෙම ලිපිය තුලින් සුළු හෝ අදහසක් ලැබුවා නම්, එයයි මා සතු අරමුණ. හැකින් පිළිබඳව කැමැත්තක් සහිත අයට කියන්න තියෙන්නෙ, හැකින් ගැන ඉගෙන ගන්න. පුළුවන් නම් පරතෙරටම යන්න. නමුත් කවදාවත්, තමා සතු දක්ෂතාවය නිතී විරෝධී දේ සඳහා නම් යොදාගන්න එපා. මං මේ කියන දේ ඇත්ත නැත්ත, චිත්‍රපටය බැලුවොත් හරි අපූරුවට තේරුම් ගන්න පුළුවන් වේවි. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ගොඩක් ස්තුතියි.ජයවේවා!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray  | 720p | x264 | 790MB |

Direct Download

| Bluray | 720p | x264 | 790MB |

| Bluray | 1080p | x264 | 1.6GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!