After Earth (2013) | නටඹුන් වූ පෘතුවිය

වසර දහසකට ගත වූ පසු මහත් ව්‍යවසන සහිත අවධියක් පසු කල මනුෂ්‍ය වර්ගයාට පෘතුවිය තවදුරටත් නිවහනක් නොවේ. මිනිසුන් තම වාසස්ථානය කරගෙන ඇත්තේ වෙනත් මන්දාකිණියක වෙනත් ග්‍රහලොවක එය නමින් “නෝවා ප්‍රයිම්”.

මේ ඉදිරිපත් කලේ කෙටි හැඳින්වීමක් Manoj Nelliyattu Shyamalan නමැති ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද After Earth චිත්‍රපටය ගැන. The Sixth Sense (1999),Unbreakable(2000) සහ Signs (2002) ඔහුගේ අධ්‍යක්ෂණය වූ ඉමහත් ජනප්‍රිය වූ චිත්‍රපට. පසුගිය මැයි 31 දිනසිට ඇමෙරිකාව ඇතුළු රටවල් බොහොමයක තිරගතවීම් අරඹපු මේ චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය අපි කවුරුත් දන්නා Bad Boys ද්විත්වය, Men in Black ත්‍රිත්වය, I Am Legend, Hancock සහ Seven Pounds සුපිරි නළු Will Smith. ඒ වගේම ඔහු සමඟ The Pursuit of Happyness චිත්‍රපටයට පසු දෙවන වතාවටත් පිය පුතු රංගනයේ යෙදෙන්නේ ඔහුගේම පුත් Jaden Smith. මේ පුංචි කොලුවාගේ වැඩ දැකගන්න ඇතිනේ The Karate Kid චිත්‍රපටයෙන් ඉතින් මීට වඩා මම මේ චිත්‍රපටය ගැන පසුබිම් වාර්තා නොදී කෙලින්ම කතාව දෙසට හැරෙන්නම්.

කතාව මෙහෙමයි අලුත් නිවහනම් මනුෂ්‍ය වාසස්ථානය කරගෙන සිටින මිනිස් ප්‍රජාව දැන් සිටින්නේ වෙනත් ග්‍රහලොවක නමින් එය “නෝවා ප්‍රයිම්”. පෘතුවිය හැරදමා ගොස් දැනට වසර 1000ක් වන තැන නව මිනිස් වාසස්ථානය නිතරම සතුරු උපද්‍රව වලට එරෙහිව සූදානම්ව සිටින පිරිසකින් යුක්තයි. එහි ප්‍රධාන අණදෙන නිලධාරිවරයා වන්නේ ජෙනරාල් සයිපර් රේජ්. යුධ පුහුණුවීම් සහ අතීත මතකයන් තුල ජිවත් වන ඔහුට ඔහුගේ පවුල් ජීවිතය මඟ හැරි ගොස්. ඔහුගේ 13 හැවිරිදි පුත්‍රයා නිවාස තුල ජිවත් වන්නේත් අණදෙන නිලධාරියෙක් යටතේ. හමුදා පාලනය රජ කරන මේ නිවාස තුල ඔහු සොයන්නේ ආදරණිය පියෙක්.

ඔහු පියාව දකින්නෙත් කලාතුරකින්. තම පියාට ලංවන්න ඔහුත් නොගන්නා උත්සාහයක් නැති තරම්. එහෙත් ඔහුට සිදු වන්නේ අසමත් වෙන්න ඒ හැම එකකින්ම. මෙසේ හිතින් වැටිලා ඉන්න රේජ් පවුලේ දෙවෙනියා වන කිටායි රේජ් හට අවස්තාවක් ලැබෙනවා තම පියා සමඟ අභ්‍යවකාශ ගමනකට එක් වන්න තවත් පුහුණු කඳවුරක් සහිත ග්‍රහලොවක් වන ඉපිටෝස් වලට. එම ගමන අතරමඟ සිදු වන ග්‍රාහක කුණාටුවක් නිසා අනතුරකට ලක් වෙනවා. එහිදී ඔවුන්ට සිද්ධ වෙනවා මේ අනතුරට පත් උන යානය වෙනත් ග්‍රහලෝවකට ගොඩ බාන්න. එහිදී දිවි ගලවා ගන්න සමත් වෙන්නේ පිය පුතු දෙදෙනා පමණයි. එහෙත් ජෙනරාල් රේජ් හට දරුණු ලෙස තුවාල ලබන්න සිදු වෙනවා මේ අනතුරින්. මේ ග්‍රහලොව මිනිස් වාසයට නුසුදුසු මාරාන්තික ග්‍රහලොවක් එහි සිටින ජීවින් හැඩගැහිලා ඉන්නේ මිනිසුන්ව මරන්න. එහි දී මේ පිය පුතු යුගලය තමන්ගේ ජිවිත වලට එන මරණිය තර්ජන වලින් දිවි ගලවා ගනීද කියන දේ බලන්න


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BRRip | 720P | x264 | 754 MB |

Direct Download

| BRRip | 720P | x264 | 754 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!