Empire State (2013) | සුපිරි මංකොල්ලය

මෙන්න අපේ රෙස්ලින් ගහන නළුවා ගේ අලුත්ම ෆිල්ම් එකක් තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ.. කව්රුත් දන්නා Dwayne Johnson නැත්නම් The Rock.. ඔයාලට මතකද අපි බයිස්කෝප් මංසලේකලින් දවසක කිව්වා රොක් ෆිල්ම් එකක් රගපද්දී ඇත්තටම හොරුන් දෙන්නෙක්ව අල්ලන්න ලැබුනා කියලා, මේ තමා ඒකට පාදක වෙච්ච චිත්‍රපටය. මෙම චිත්‍රපටයේදී රොක් රගපාන්නේ පොලිස්යේ කෙනෙකුගේ චරිතයක්. කොහොම හරි ගිය වතාවේ අපි දුන්න Pain & Gain (2013) එකේ උන්න හොරා මිනි මරුවා මේකේ පොලිස් වීරයා වෙලා, මේක තමා සිනමාවේ අරුමය.

මේක ඈවිත් නම් ටික දිනක් වෙනවා. ආව ගමන් අපේ කසුන් සහෝ උපසිරැස කරන්න පටන් අරගෙන තිබ්බා, නමුත් එයාගේ වැඩ රාජකාරි එක්ක පේලි 500 විතර කරලා නැවත ඒවා තිබ්බා මම බාර ගත්තා වුනත් මගෙත් වැඩ එක්ක කොහොම හරි අද තමා ඉවර කරන්න ලැබුනේ ප්‍රමාදයට මුලින්ම සමාව ඉල්ලනවා ඔන්න. මේක ඇක්ෂන් ගණයේ චිත්‍රපටියක් නමුත් ඇත්තටම වුන සිදුවීමක් අලලා තමයි මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ. වෙන්නේ මේකයි ක්‍රිස් කියන තරුණයා පොලිසියට අයදුම් කරනවා නමුත් ඉතින් කොල්ලා පරීක්ෂණයෙන් අසමත් වෙනවා. මිනිහා වැඩේ අතහරින්නේ නැහැ එකතු වෙනවා ඊළගට EMPIRE STATE කියන ආරක්‍ෂිත ව බඩු ප්‍රවාහනය කරන ට්‍රක් රථ සමාගමට. කොහොම හරි ක්‍රිස් මේ තමන්ගේ රැකියාව ගැන පොඩි කාලේ ඉදලා ඉන්න මිතුරාට කියනවා…. එතනින් තමා මංකොල්ලේ පටන් ගන්නේ… සල්ලි, යාලුවා ඔක්කොම තියෙන්නේ ක්‍රිස්ගේ පැත්තේ, නමුත් රහස් පරීක්ෂක රෑන්සම් ඉන්නවා මේ දෙන්නගේ හරහට මොනවා වේවි ද?

මේකේ අධ්‍යක්ෂණය Dito Montiel, පිටපත Adam Mazer. රංගනයේ නිරත වෙන්නේ Liam Hemsworth, Michael Angarano, Dwayne Johnson, Paul Ben-Victor වගේ පිරිසක් ප්‍රධාන වශයෙන් මේ සැප්තැම්බර් 3 වෙනදා තමයි DVD බෙදා හැරීමක් ලෙස ජනයා අතට මේ සලරුව පත් වුනේ ලබාගෙන තියන IMDB අගය 5.0.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BRRip | 720P | x264 | 752 MB |

Direct Download
| BRRip | 720P | x264 | 752 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!