R.I.P.D. (2013) | හොල්මන් පොලිස්…

එහෙනම් ඔන්න මම අයෙත් නවතම ඉංග්‍රීසි චිත්‍රපට උපසිරසක් ගෙනෙන්නයි මේසූදානම. නමින් R.I.P.D. එහෙමත් නැත්තන් සාමයේ සැතපුන පොලිස් දෙපාර්තුමේන්තුව. මම කතාව ගැන කියන්න කලින් වටපිටව ගැන කියන්නම් එහෙනම්. පසුගිය ජුලි 19 දින සිට ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක තිරගත වීම් ආරම්භ කල මෙය Robert Schwentke ගේ අධ්‍යක්ෂණයක් ඒ වගේම මෙහි රංගනයෙන් Ryan Reynolds, Jeff Bridges,Kevin Bacon සහ Mary-Louise Parker යන නළු නිළියන් දායකත්වය ලබා දී තිබෙනවා. Kevin Bacon නම් අමතක වෙන්න විදිහක් නැහැ අපි ඔබ වෙත ලබා දුන් The Following ප්‍රධාන චරිතය වූ රයන් හාඩි චරිතය රඟපෑවේ ඔහු විසින්. ඒ වගේම අන්තර්ජාතික චිත්‍රපට දර්ශකය මෙය තක්සේරු කර තිබෙන්නේ ලකුණු 5.4 කට.

එහෙනම් මම කතාවට හැරෙන්නම්. පොලිස් නිලධාරියෙක් ඉන්නවා නික් වෝකර් කියලා. ඔහු තමන්ගේ බිරිඳ සමඟ අනාගතය පිළිබඳව සිහින දකිමින් යහපත් ජිවිතයක් වෙනුවෙන් මහත් අශාවෙන් බලා සිටින්නෙක්. ඒ සඳහා ඔහු යම් පියවරක් පියවරවල් බොහොමයක් පසු කරමින් ලබාගන්නවා. ඒ කියන්නේ දියුණු වෙන්න කෙටි මගක්. ඒ ඔහුගේ සගයා බොබී සමඟ එකතු වෙලා රත්තරන් වගයක් දෙන්නා හවුලේ බෙදා ගන්නවා. නික් තමන්ගේ කොටස එයාගේ මිදුලේ වළක් හාරලා එහි වලදානවා මතු ප්‍රයෝජනය උදෙසා. පසුව ඔහුට වැටහෙනවා මේ මාර්ගය හොඳ එකක් නෙමෙයි ඒ නිසා එයින් ගැලවෙන්න. මේ බව එයාගේ සගයට කිව්වම ඔහුගේ ප්‍රතිචාරය උනෙත් නික් හිතන දේ මයි.

එහෙත් එයාගේ යටි අරමුණ ඒක නෙමෙයි. ඒ නිසා නික්ට සිද්ධ වෙනවා මීළඟ මත්ද්‍රවය වැටලීමේදී තමන්ගේ සගයාගේ උණ්ඩයක් හමුවේ මිනිස් ජිවිතයට සමුදෙමින් සාමදානයේ සැතපෙන්න. ඔන්න දැන් තමා වැඩේ…. මැරුණ ගමන් මෙයාට තවත් පත්වීමක් ලැබෙනවා. ඒ තව මෙවැනි දෙපර්තුමෙන්තුවක් නමුත් ටිකක් විකාරයි වගේ. එත් කරන්න වෙන විකල්පයක් නැහැ. එහෙනම් නික් මේ මරණින් පස්සේ යන්නේ කොහෙද? එතකොට ඇයි බොබී මේ විදිහට මෙයාට වෙඩි තැබුවේ? නික් සහ එයාගේ බිරිඳ ජුලියා මවපු ලෝකයට මොකද්ද වෙන්නේ? මේ සේරටම පිළිතුරු ලබා ගන්න ඔයාල හැමෝටම නික් එක්ක සාමයේ සැතපෙන්න වෙනවා පැය 1.30 ක් පමණ. ඔන්න පස්සේ නැගිටින්නේ නැතුව එහෙම ඉන්නේ නැහැ ඔන්න. අපි ගියා හැමෝටම ජයෙන් ජය පතනවා තවත් දවසක මුණ ගැහෙනකන්.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BRRip | 720P | x264 | 757MB |

Direct Download

| BRRip | 720P | x264 | 757MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “R.I.P.D. (2013) | හොල්මන් පොලිස්…

  • December 22, 2018 at 11:42
    Permalink

    Password ekak illanawane mokakda password eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!