Tej… I Love You (2018)| තේජ්….මම ඔයාට ආදරෙයි!

තේජ්, හයක් හතරක් නොදන්න පොඩි ලමයෙක් කාලෙ දවසක් මෙයා ටියුෂන් ගිහින් ගෙදර එනකොට මඟදි කාන්තාවක් අහනව,

-ලමයො…මේ ලඟ පාත ස්ටේශමක් තියෙනවද?

ඉන් පස්සෙ ඒ දෙන්නගෙ සංවාදය මෙන්න මෙහෙමයි,
– ඔව්, ආන්ටි.
– ඔයාට මාව එතනට ගිහින් දාන්න පුලුවන්ද?
– හරි, එන්න යමු.

ඔන්න අර කාන්තාව තේජ්ගෙ බයිසිකලයට නගිනව, ටික දුරක් යනකොට මෙයාල දකිනව මිනිස්සු ටිකක් ඉන්නව. එයාල මේ දෙන්නව දැකල මෙහෙම කියනව,
– හේයි, මචං! නියම කෑල්ලක් ඉන්නව.

එතකොට ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මොකද වෙන්න ඇත්තෙ කියල. අර මිනිස්සු කාන්තාවට කරදර කරන්න හදනව. පොඩි දරුවෙක් වුනත් තේජ්ට මේක බලාගෙන ඉන්න බැහැ, එයා මොකද කරන්නෙ ලොකු ගලක් අරගෙන එක මිනිහෙකුට ගහනව. මනුස්සයය එතනදිම මැරෙනව. ඒක දැකල අනිත් අය පන බේරගෙන දුවනව. කාන්තාව දුවල ගිහින් කෝච්චියට නගිනව. හයක් හතරක් නොදන්න තේජ් අවුරුදු 7කට හිරේ යනව. මොකද සාක්ෂි ඉදිරිපත් කරන්න අර කාන්තාව එන්නෙ නැති නිසා.

ඔය සිදුවීම එදත් ඉස්සරහටත් තේජ්ගෙ ජීවිතේ උඩු යටිකුරු කරයි කියල තේජ් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

ඔන්න ඔහොමයි මේ සිනමා පටයෙ ආරම්භය සනිටුහන් වෙන්නෙ. Tej I Love You,2018 ජූලි 6වෙනිද තිරගත කිරීම ආරම්භ කරපු මේ වනවිට IMDb අගය 5.8ක් වගේ ගන්න සමත් වුන තෙලිඟු සිනමා පටයක්. අපි කවුරුත් දන්න, InttelligentJawaan, වැනි සුපිරි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රන්ගනයෙන් දායක වුන Sai Dharam Tejසමගින් Premam මලයාලම් චිත්‍රපටයෙන් කරලියට බැහැපු Anupama Parameswaran මෙම චිත්‍රපටයෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙනව. ඒ වගේම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ A. Karunakaran කියන අධ්‍යක්ෂකවරය විසින්. පවුලේ සැමට ඉදගෙන එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් Romance කාණ්ඩයට අයත් වන චිත්‍රපටයක්. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරධනා කරනව.

ප.ලි: මේක දවස් දෙකක් වගේ ඇතුලත ඉවර කරල ඔයාලට තිළිණ කරන්න මම වගේම කවිෂල් රසින්ත මලයත් ලොකු මහන්සියක් වුනා. ඉතින් කිව්ව ගමන් බෑ කියන්නෙ නැතුව මට උදව් කරපු එයාටත් ස්තූතියි කියන ගමන් තවත් උපසිරැසියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සැමට ජය!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | SD | 700MB |

Direct Download

|  HDRip | x264 | SD | 200MB |

|  HDRip | x264 | SD | 360MB |

|  HDRip | x264 | SD | 700MB |

|  HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x264 | 1080p | 1.7GB |

|  HDRip | x265 | 720p | 900MB | HEVC

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Tej… I Love You (2018)| තේජ්….මම ඔයාට ආදරෙයි!

  • December 19, 2018 at 5:59 pm
    Permalink

    thankyou bro sub ekata saha me film eka dunnata. elama jaya wewa.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!