Johnny English Reborn (2011) | මිස්ටර් බීන් යළි උපදියි

මේ ලෝකේ මම වඩාත් ආසම දේ තමයි වැස්සට තෙමෙන එක..වැස්සට තෙමිලා අඬන එක තරම් ලෝකේ සුන්දරතම දෙයක් තවත් නැහැ. ඇයි ඔබ එහෙම කරන්නේ…? කියලා කවුරැහරි ඇහුවොත්..එදාට මම කියන්නේ..වැහි බින්දුයි කදුලුයි..වෙන් කරලා අදුනගන්න..මෙලෝකේ කිසිම කෙනෙක්ට බැරි වෙන නිසා.

අපි ප්‍රශ්න ගොන්නකට මැදි වෙලා ඉන්න මිනිස්සු.එක් ප්‍රශ්නයක් අවසන් වුනාම තවත් අලුත් ප්‍රශ්නයක් පෝලිමක තියෙනවා.මේක ඔබටත් මටත් පොදු දෙයක්..ඉතින් අපි ඒ ප්‍රශ්න විසදනවා වෙනුවට කරන්නේ චිත්‍රපටියක් බලලා ජීවිතයට වින්දනයක් ලබා ගන්න එක.නමුත් මෑතකදී බිහිවෙන සමහරක් චිත්‍රපටි අපිව ප්‍රශ්න වලින් මුදවා ගන්නවා වෙනුවට අපේ මොලේ වෙහෙසලා..තවත් ලෝකෙක අතරමන් කරලා දාලා යන එක..
(ස්වකීය පුද්ගලික මතයකි.)

අන්න ඒ නිසා..ඔයාගේ මොලේ බ්‍රෂප් කරගන්න පුලුවන් නියම ෆිල්ම් එකක්..මම සතියක් පුරාවටම හොයාගන්න වෙහෙසුනා.මම නිතරම කියනවා වගේ ..අපිට ෆිල්ම් ඔන තරමක් හොයාගන්න පුලුවන්..සප්ත මහා සාගරය වගේ චිත්‍රපටි ටොරොන්ට් වල තිබ්බත් ..හදවතට දැනෙන..ජීවිතයට වැදගත් වෙන චිත්‍රපටි තියෙන්නේ හරිම අතලොස්සයි.අන්න ඒ ක්‍රීම් එක..අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට දෙන්නයි මගේ මේ උත්සහය.

ලොව සිත් ගත් විකට නලුවා,ලොවක් මවිත කල ඒ අසාහය නලුවා.ලොවෙ රියැලිටි ජෝකර්.මොනයම් හෝ අයෙක් තර්ක විතර්ක ගෙනාවත් .එදත් අදත් ඒ ඔහුමය.ඔහු නමින්., රෝවන් සෙබස්තියන් ආට්කින්සන් 1955 ජනවාරි 06 උපත ලද අපේ රේවන්ට දැන් වයස අවුරැදු 55 ක්.හැමෝම දන්න විදියට කිව්වොත් ඔහු වෙනින් කවුරැත් නොව මිස්ටර් බීන්ය.

මට නම් හිතෙන්නේ..මේ ලෝකේ නලුවෙක් ට කරන්න තියෙන හුගක් ම අමාරැම රාජකාරිය තමයි..තවකෙක්ව හිනස්සන එක.දෙපැත්ත කැපෙන වචන කියලා මිනිස්සු හිනස්සන,ෆාස්ට් ෆෝවඩ් යවලා මිනිස්සු හිනස්සන්න යන ජෝකර්ලා ඉන්න යුගයක.රෝවන් ඇත්තටම සුපිරිතම නලුවෙක් වෙන්නේ ඇයි? කියලා අපට හි හරිම සරලයි.හේතුව තමයි.ඔහු කිසිම වචනයක් නොකියා, අංග චලන වලින් පමණක් මිනිස්සු හිනස්සපු හින්දා..හොදම උදාහරණය තමයි මිස්ටර් බීන් ටෙලිවිෂන් සීරියස් එක.

ටොෂීබා බුද්ධි අංශයේ සේවය කරන ජොනී ඉනග්ලිෂ් ගේ සූදානම තවත් එක් මෙහෙයුමකටයි.එතැනින් නොනැවතී,ඔහුගේ මීලඟ ඉල්ලකය රටත් ජාතියත් බේරාගැනීමටය…ඔහුට ඔහුගේ ඉලක්කය සපුරා ගන්න ඇත්තේ බොහොමත් සීමිත කාලයක්.ඔහුට එය පුලුවන් වේවිද ?

ඔහු රට ජාතිය බේරාගන්න විදිය.,ඉල ඇදෙන රියැලිටි කොමිටල් ටිකකින් සිනාහවක් ගන්න පුලුවන් ෆැන්ටෑස්ටික් මූවී එකක්.ඔන්න ඔයාලට දැන් රසවිදින්න පුලවන්.අහ් තවත් දෙයක්.. ඔයා මේ ෆිල්ම් එක කලින් බලලත් ඇති.හැබැයි සිංහල උපසිරසි එක්ක බලනවා නම් ඊට වඩා ෆන් එකක් දැනේවි..මම එහෙම කියන්නේ.,ඇයි කියලා,ඔයාලා මේක බලලම තේරැම් ගන්න.

මේ චිත්‍රපටියේ හැම ෆ්‍රේම් එකකම තියෙන්නේ,කට දෙපැත්තට යන හිනාව තමයි..හීහී.,ඒවගේම වීර ක්‍රියාවන් එහෙම.ෆිල්ම් එක නරඹලා අවසන් වුනාම පොඩි අතුරැපසකුත් ගන්න ලින්ක් එකක් දෙන්නම්.මේ තියෙන්නේ මේ ෆිල්ම් එක හදපු විදිය.පෙන්වන වීඩියෝ එක.මේ ලින්ක් එක ෆිල්ම් එක බලලා ඉවර වුනාම විතරක් මේ වීඩියෝව නරඹන්න..ෆිල්ම් එකට කලින් ඔයා මේක බැලුවොත් ෆිල්ම් එකේ මුලු රසයම ඔයාගෙන් ගිලිහෙන්න තියෙන ඉඩකඩ වැඩියි.අන්න ඒකත් ඔළුවේ තියාගන්න

මතක තියාගන්න පවුලේ සැමටම පුලුවන් ඔන්න මේ මෙහෙයුමට මිස්ටර් බීන් එක්ක යන්න සූදානම් වෙන්න..අහ් මතක තියාගන්න,පල්ලෙහින් කමෙන්ට් එකක් නොදැම්මොත් මේ ෆිල්ම් එක අතරමගදී ස්ටක් වෙනවා..ඒකයි (බ්ලා..බ්ලා..බ්ලා…විහිලුව්ක් ඈ කලේ).චාවෝ….!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 650MB |

Direct Download

| Bluray | x264 | 720p | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Johnny English Reborn (2011) | මිස්ටර් බීන් යළි උපදියි

  • April 28, 2019 at 17:36
    Permalink

    Brother jonny inglish 1 ek dannnako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!