3% [Season 1] Complete

මුලින්ම කිවුවනේ මේක NETFLIX ලගෙ එකක් කියලා, ඒවගේම මේකට ImDb අගය 7.9 ක් තියෙනවා. මේක තනිකරම බ්‍රසීලියානු කතාමාලාවක්. රඟපාන්නේ, අධ්‍යක්ශනය, තිර රචනය ආදී හැම සබ්බ සකලමනාවම කරලා තියෙන්නේ බ්‍රසීල කාරයෝ. හැබැයි අවුලක් ගන්න එපා, මේක ඉංග්‍රීසි වලට ඩබ් කරල තියෙන්නේ. මේක තමයි NETFIX ලගෙ පලවෙනි බ්‍රසීලියානු කතාමාලාව. ඔරිජිනල් එපි වල භාශාව තියෙන්නේ පෘතුගීසි වලින්, හැබැයි ඒක ගත්තත් අවුලක් නෑ, මොකද ඉංග්‍රීසි එකේ මුල් තැන දීලා තියෙන්නේ දෙබස් වලට විතරනේ. මේක වර්ගීකරණය කරල තියෙන්නේ Action||Drama||Sci-Fi||Thriller කියන කාණ්ඩ වලට. එක් කොටසක් සාමාන්‍යයෙන් විනාඩි 45 ක් පමණ ධාවනය වෙනවා. මේ කොටසට ලැබිල තියෙන අගයනම් 7.9 යි, හැබැයි අනිත් හැම කොටසටම 8.5 න් එහාට ලැබිලා තියෙනවා. දැන් අපි හැරෙමුකෝ කතාව පැත්තට.

මේකෙ සිද්ධිය මෙහෙමයි. ලෝකෙ පැති දෙකකට වෙන්වෙලා ඉන්නේ. ඉන්නෙත් වර්ග දෙකක මිනිස්සු. එකක සම්පූර්ණ ප්‍රථිලාභ ලබන සුවපහසු ජීවිත ගතකරන මිනිස්සු, අනික් පැත්තෙ මුඩුක්කු ජීවිත ගතකරන කාලකණ්ණි මිනිස්සු. සුවපහසු පැත්ත හඳුන්වන්නේ Offsore කියල, අනික් පැත්ත Inland කියල (මම ඔය දෙකට ගත්තේ අක්වෙරල සහ පිටිසර කියන තේරුම් දෙක). මේ ලෝකයේ තියෙනවා PROCESS ( ක්‍රියාවලිය) කියල වැඩසටහනක්. හැම මනුස්සයෙක්ටම අවුරුදු 20 ක් වෙද්දී මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුලුවන්. හැබැයි ජීවිතේටම එකම එක අවස්ථාවයි දෙන්නේ, එක පාරක් බැරි උනොත්, ඉතිරි ජීවිත කාලයම පිටිසරට වෙලා ඉන්න ඕනෙ. මේ පිටිසර කිසිම සැපපහසුවක් නැති තනිකරම මුඩුක්කු විමානයක්. ඉතින් හැම තරුණ තරුණියෙක්ගේම එකම ඉලක්කය මේ අක්වෙරලට යන එක. හැම අවුරුද්දකම එක් දවසක් එනව මේ බඳවාගැනීම සිදුකරන, එතකොට ඒ අවුරුද්දේ වයස අවුරුදු 20 පිරිච්ච අය බඳවාගන්නා ගොඩනැගිල්ල ඇතුලට යනවා. ඒකට ගියාම හැම කෙනාටම සම්මුඛ පරීක්ශනයක් තියනවා. ඒකෙදි හැම ප්‍රධාන කරුණක්ම අහනවා, ( ඇයි ඔයාට අක්වෙරලට යන්න අවශ්‍ය? // එහෙදි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ) ඔය ආදී ප්‍රධාන ප්‍රශ්න හැමකෙනෙකුගෙන්ම අහනවා. සමහර අය මේ පලවෙනි පරීක්ශනෙන්ම අසමත් වෙනව. හැබැයි එක් අවුරුද්දකට ඉදිරිපත් වෙන අපේක්ශකයින්ගෙ මේ වැඩේට තෝරගන්නේ 3% ක පිරිසක් පමණයි, මොන ජාති දාලා හරි මේ ගොඩට යන්න තමයි හැමකෙනාම බලන්නේ. දැන් තේරෙන්න ඇතිනේ කතාවේ නම වැටුන විදිහ. සම්මුඛ පරීක්ශනේ ඉවර උනාම ඒක පාස් උන අයව මීලඟ පරීක්ශන සඳහා ගෙනියනව. හැබැයි ඒ පරීක්ශන එසේමෙසේ එව්වා නෙවෙයි. පට්ට අමාරු, හොඳට හිතන්න ඕන බැරෑරුම් ඒවා. ( ඇත්තටම මේ අක්වෙරලට යවන අය හොඳ බුද්ධිමත්, ක්‍රියාශීලී අය වෙන්නයි මේක පාලනය කරන අයට ඕනකරන්නේ) හෙන අමාරු ගමනක් තමයි යන්න තියෙන්නේ, ඒකෙ තියෙන පරීක්ශන වලින් එකක් හරි බැරිවුනොත් කොච්චර දක්ශ උනත්, කොයිතරම් දුරක් ආවත් ඒ අපේක්ශකයාට කිසිම සමාවක් නොදෙන තරම්ම මේක තරඟකාරීයි. එහෙනම් කතාව ගැන හිතාගන්න මේ සාරාංශය ඇති කියලා හිතනවා.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 720p | 1.80GB | (Complete S01)

Direct Download

| WEBRip | x265 | 720p | 1.80GB | (Complete S01)

  

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
 
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “3% [Season 1] Complete

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!