Sei (2018) | දූෂණය මැදින් යුක්තියට පණ පොවමි

ෆුල් ආතල් එකට බර තරුණ කොල්ලෙක්…
ඒකටම හරියන පිස්සු යාලුවෝ දෙන්නෙක්…
අතේ පිච්චිය නැතිවුණාට කෝටි ගණන් හීන මල්ලක්…
කිසිම බරක් නැතිව ජොලියේ ගෙවෙන ජීවිත තුනක්…
හැමදාම දකින එකම ස්ක්‍රිප්ට් එක නේද? මෙලෝ රහක් නැති ගොන් ෆිලුමක් වගේ නේද?
හෝව්! හෝව්!!

U turn එකක් ගහලා වෙන පැත්තකට හැරෙමු.

දැකකත් වමනේ යන සයිස් එකේ එකම ස්ටෝරිලයින්වලින් පිට පනිමුද?
ඔව්. මේ ගෙනාවේ ඒකට ප්‍රත්‍යක්ෂ විසඳුමක්.

Sei (2018)

උණු උණුවෙම බාපු අලුත්ම දෙමළ සලරුවක්…
බොරු වර්ණනාවක් වගේ නේද?
මේ යකා අමු බොරු කියනවා කියලා හිතනවා ඇති නේද?
ජරාවක් කියලා හිතෙනවද?
එහෙනම් ඉතුරු ටික කියවන්න ට්‍රේලරේ බලලාම ගොඩවෙන්න…
කැමති අය ආසන පටි දාගෙන සූදානම් වෙන්න…

Sei කියන්නේ ගිය මාසයේ තිරගත වීම ඇරඹුණු අලුත්ම චිත්‍රපටියක්. 85% විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තු දෙමළ සිනමා නිර්මාණයක්. කොටින්ම කියනවා නම්, ප්‍රේක්ෂකයන්ව හොල්ලපු පිච්චර් එකක්. Nakul Jaidev සහ සුරූපී Anchal Manjul ප්‍රධාන රංගනයෙන් දායක වුණු Raj Babu ගේ අධ්‍යක්ෂණයක්. Trippy Turtle Productions සමාගමේ නිෂ්පාදනයක්.

හිට්ලර් මිනිස්සු බුරුතු පිටින් මරලා දැම්මා…

ඒ මරපු හැම මිනී තොගයක් පිටිපස්සේම හිට්ලර්ගේ කුරිරු අරමුණක් තිබුණා…

“මම මේ ලෝකයෙන් යුදෙව්වෝ අතුගාලා දානවා”

ඒ වගේ දාම ඝාතකයෙක් ඉන්දියාවේ පිච්චර් එකකිනුත් බිහි වුණොත්?

ඔව්… ඒ තමයි Sei!

“ උන් ලෙඩ්ඩු, රැයක් දවාලක් අඳුරන්නේ නැහැ.හොඳ නරක වෙනස තේරෙන්නේ නැහැ.

මම කළේ ලෝකෙටම බරක් වුණු ඒ වගේ එවුන්ව නැති කරලා දැම්මට කමක් නැහැ.

මම කළේ මේ නගරය පිරිසිදු කරපු එක විතරයි. “

2017 වසරේ රූගත කිරීම් ඇරඹි Sei චිත්‍රපටය මුලින්ම තිරගත වන බවට දැනුම් දුන්නේ මාර්තු මාසයේදීයි. නමුත්, ප්‍රමාද දෝෂ සහ සිනමා තදබදය නිසා මේ දවස නොවැම්බර් 23 දක්වා දීර්ඝ වුණා. ඕන් ඉතින්, ගිය මාසේ තමයි හා හා පුරා කියලා Sei ඉන්දියාව පුරා තිරගත වුණේ!! වාර්තා වෙලා තියෙන විදිහට අප්‍රේල් මාසයේNakul Jaidev තමන්ගේ උපන් දිනය සමරලා තියන්නෙත් චිත්‍රපටියේ රූගත කිරීම් අතරතුරලු.

කියන්න අමතක වුණා: Nakul සහ Anchal ගේ රංගනයට අමතරව හැමෝම හඳුනනPrakash Raj හා Nassar වැනි ප්‍රවීණයන්ගේ දායකත්වයත් මෙයට ලැබිලා තියෙනවා.Sei (2018) අයත් වෙන්නේ Action/Thriller වර්ගීකරණයටයි. Central Board of Film Certification එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට CBFC මණ්ඩලයෙන් U/Aකාණ්ඩයට නිර්දේශ වූ මෙම චිත්‍රපටය පැය දෙකක ධාවන කාලයකින් යුක්තයි.

කතා කළෑ මදෑ. බාගෙන බලමු. යන ගමන් මතක ඇතිව කමෙන්ටුවකින් තමන්ගේ අදහස දක්වන්න කියලත් බයිස්කෝප් රසික රසිකාවියන්ට මතක් කරනවා. ජය වේවා!

අලුත්ම උපසිරැසියකින් මුණ ගැහෙමු!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDRip | x264 | 720p | 1.3GB |

Direct Download

|  HDRip | x264 | SD | 200MB |

|  HDRip | x264 | 480p | 406MB |

|  HDRip | x264 | Proper | 700MB |

|  HDRip | x264 | 720p | 1.2GB |

|  HDRip | x265 | 1080p | 1.6GB | HEVC

| HDRip | x264 | 720p | 1.8GB | HD AVC

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Sei (2018) | දූෂණය මැදින් යුක්තියට පණ පොවමි

  • December 18, 2018 at 06:47
    Permalink

    can’t download the film from this site. when i try to download there displayed a advertisement and no longer the download?

    Reply
  • December 27, 2018 at 00:33
    Permalink

    200mb ek.weda ne bn

    Reply
  • December 28, 2018 at 13:52
    Permalink

    Mokkd bn me ekkwth weda neneh.data kudu bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!