The Martian (2015) | නොපසුබට උත්සහය කියන්නෙ කවදාවත් පරාද කරන්න බැරි දෙයක්.

කාල යන්ත්‍රය, අතීතයේ ඉඳන්ම මිනිසාගේ හිතේ තිබ්බ සිතුවිල්ලක් තමා කාල යන්ත්‍රය, හැමෝම හිතන්නේ තවම කාල යන්ත්‍රයක් හොයාගෙන නැහැ කියල, මිනිසා කාල යන්ත්‍රයක් හොයාගෙන බොහෝකල්. හැබැයි ඒ යන්ත්‍රය භාවිතා කරලා කාලය හරහා ගිහින් වෙනස් කරන්න පුළුවන් අනාගතේ විතරයි,  ඒ කාල යන්ත්‍රය හඳුන්වන්නෙ “විද්‍යා ප්‍රබන්ධ” යන නමින්. වර්තමානයේදී කරන්න බැරි ගොඩක් දේවල් ගැන මේ විද්‍යා ප්‍රබන්ධ වලින් කියවෙනව-කෙරෙනව, ඒ කාල යන්ත්‍රය විවිධ ස්වරූප වලින් වත්මනේදී අප ඉදිරියට පැමිණෙනව, අන්න ඒ විදියට අනාගතෙන් ආපු දෙයක් තමා මේ සිනමාපටයත්. මේක එන්නෙ 2030 වසරෙන්. නාසා ආයතනය 2030 වසරෙදි අඟහරු මතට මිනිසුන් යවන්න සැලසුම් සකස් කරමින් ඉන්නකොට, Prometheus (2012) වැනි මෙවැනිම ආකාරයේ සිනමා සිත්තමක් අප හමුවට ගෙන ආ Ridley Scott අධ්‍යක්ෂකතුමා විසින් 2015දීම Mark Watney (Matt Damon) සමගින් අපව අඟහරු මත තනි කරනව, ඔහු විතරක් නෙමේ, මේකට දායක වෙන තවත් ප්‍රසිද්ද නළු නිලියන් පෙළක්ම ඉන්නව. Jessica Chastai, Kristen Wiig, Jeff Daniels, Michael Peña, Sean Bean, Kate Mara, Sebastian Stan. වැනි පිරිසක් තමයි මෙ සඳහා එකතුවෙලා තියෙන්නෙ. තව විස්තර ටිකක් කියනවනම් මේ සුපිරි සිනමා පටයට මේ වෙනකොට IMDB 8.2ක් වැනි ඉහළතම අගයක් ලැබිල තියනව, ඒ වගේම මේක IMDB top 250 අතුරින් 157වෙනි තැන දිනාගන්නත් සමත් වෙලා තියනව මේ වෙනකොට.

කතාව දිව යන්නේ අඟහරු ගවේෂණය සඳහා මිනිසුන්ව පිටත්කර හරින මෙහෙයුමක් සමගයි. ඉතිං අවසනදී ඔවුන් අඟහරු මතට ගොඩබස්වා ඇති අවස්තාවක ඇතිවන කුනාටු තත්වයක් නිසා තම අජටාකාශගාමින් කණ්ඩායම ආපසු කැඳවීමට නාසා ආයතය තීරණය කරනව, එවෙලේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් අජටාකාශගාමී මාක් වොට්නිව මගහැරෙනවා, අනිත් අය කුණාටුවෙන් බේරිලා පෘථිවිය බලා එනකොට ඔහු හුදකලා නිරුදක ග්‍රහ ලෝකයක තනිවෙලා. ආහාර ජලය සීමිත ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙන්නෙ, ඊටත් වඩා නාසා ආයතනය සම්බන්ධ කරගෙන සන්නිවේදනය කරන්නවත් ක්‍රමයක් නෑ දැන්. ඊටපස්සේ මොකද වෙන්නෙ…?  ඒ ටික දැනගන්න ඔයාලට බාරයි. අහ් ඒ වගේම මෙ සිනමාපටය මුදාහැරෙන දිනයට කලින් දවස වෙච්ච 2015 සැප්තැම්බර් 28 වෙනිදා නාසා ආයතනය නිල වශයෙන් නිවේදනය කරා අඟහරු මත තවමත් ලවණ ජලය ගලාගෙන යන බවට සාධක හමුවුණා කියලත්. එහෙමනම් ඉතිං හැම කෙනෙක්ම වගේ මේක බලන්න කලින් දැනගන්න ඕනවෙයි කියල හිතිල ලියල දාපු පොඩි ලිපි කෑල්ලක් එහෙම තියනව, ඒකත් කියවගෙනම මේක බලන්න ගත්තනම් හරිම අගෙයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | 720p 1.0 GB |

Direct Download

| BRRip | 720p 1.0 GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!