Buckaasuura (2018) | බකාසුරා

“ස්වාමීනි, මැය ගණිකාවක්.”
“බොරු කියන්න එපා මහත්තයෝ.”
“ස්වාමීනි, මැය අවුරුදු 19ක ගණිකාවක්.”
“දෙයියනේ..මගේ දුව ගණිකාවක් නෙමෙයි.”
”ස්වාමීනි, මැය මේ වයසට පිරිමි රාශියක් එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනවා.”
”තොට හෙන වදිනවා මහත්තයෝ, ඔය කියපු කතාවට.”

එක් පසෙකින් නීතීඥයෙක්ගේ බරපතළ තර්ක කිරීමක්. තවත් පසෙකින් අම්මෙක් සහ දුවක්. නීතිය අන්ධයි. උසාවිය ඇතුළේ මනුස්සකමට තැනක් නැහැ. හැමදේම තීරණය වෙන්නේ ඔප්පු කිරීම මත. තරුණ නීතීඥයෙක් උගුර ලේ රහ වෙන්න කෑ ගහමින් අවුරුදු 19ක තරුණියක් ගණිකාවක් කරන්න හදනවා. විත්ති කූඩුවේ ඉන්න අම්මෙක් පපුව පිච්චි පිච්චි තමන්ගේ දරුවාව නිර්දෝෂී කරන්න හදනවා.

” උසාවිය කල් දමනු ලැබේ. අවසන් තීන්දුව අපේල් 04 වෙනිදාට.” ඒ නඩුකාරයාගේ කටහඬ.

කන්නඩ සිනමාව කියන්නේ ඉන්දියාව ඇතුළේ කැකෑරෙන එකම ශානරයේ චිත්‍රපටි තොගයක් මැද්දෙන් එක පාරටම විසිල් ගගහා උණු උණුවේ බෙදන අලුත්ම කන්සෙප්ට්වලට හොඳ තෝතැන්නක්.Buckaasuura හි උපත සිද්ධ වෙන්නෙත් කන්නඩ සිනමාව තුළයි. 2018 අප්‍රේල් 06 වෙනිදා තිරගත වීම ආරම්භ වන මේ සලරුවට මේ වනවිට 89% ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වෙලා තියෙනවා.Buckaasuura කියන්නේ 2018දී කන්නඩය ම හොලවපු Psychological Thriller ෆිලුම. කන්නඩ සිනමාව තුළ මතු බලාපොරොත්තු තියාගන්න පුලුවන් Naveenathගේ අධ්‍යක්ෂණයට Rajasimha Tadindaගේ කුතුහලය පිරුණු නවතම තිර පිටපතේ එකතුව.

Crazy StarV. Ravichandran පවා රංගනයෙන් දායක වුණු මේ සලරුව Action,Thrillerවර්ගීකරණයට අයිතියි. ප්‍රධාන චරිතය රඟපාන්නේ R.J.Rohit විසින්. විශේෂත්වය තමයි මේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්නෙත් ඔහුමයි. Kavya GowdaShashikumarVijay Chendoorවගේම Sitharaත් දායක වුණු නිර්මාණයක් තමයි Buckaasuura කියන්නේ. Central Board of Film Certification එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට CBFC මණ්ඩලයෙන් U/A කාණ්ඩයට නිර්දේශ වූ මෙම චිත්‍රපටය පැය දෙකක ධාවන කාලයකින් යුක්තයි.

මේ කතාව ගෙතෙන්නේ මුදලට ආශාවෙන් අයුක්තියට හිස නමන තරුණ නීතීඥයෙක් වටා. ඇත්ත බොරු කරන, එළිපිට අපරාධ කරන ලෝකයක නීතියත් අවනීතිය බවට හැරවිලා. අසරණ මනුස්සයන්ව වැරදිවලට පටැලැවිලා. මුදලට ආශාවෙන් මේ තරුණ නීතීඥයාත් අපරාධකාරයන්ට සහාය දක්වනවා. නමුත්, කල් යද්දී ඔහුට තේරෙනවා ඔහු කරන වැරැද්දේ බරපතලකම. අවනීතිය වෙනුවට, ඔහු තීරණය කරනවා නීතිය වෙනුවෙන් පෙනී සිටින්න. මේ වෙනස්වීමත් එක්ක ඔහුට අපරාධකාරයන්ගෙන් බාධා එල්ල වෙනවා. තමන් ඉස්සරහදීම තමන්ගේ ආදරවන්තිය මිය යනවා. ඔහුගේ සමීපතමයන් අහිමි වෙනවා. නමුත් අවසානයේදී….බැහැ! ඒක කියන්න බැහැ. මොකද ඒකයි Bවල ආතල් එක. එක් තත්පරයකදී මුලු චිත්‍රපටියම වෙනස් වෙලා ප්‍රෙක්ෂකයාගේ මොළය කුරුවල් වෙලා අවසානය, තවත් ආරම්භයක් කරවන එක තමයි Psychological Thriller ෆිල්ම්වල වෙනස.
එකම එක ඉඟියක් විතරක් දෙන්නම්.

අවසානය, තවත් ආරම්භයක් පමණි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| WEB | 720p 
| x264 | 1.8G|

Direct Download

| WEB | SD | x264 | 200M|

| WEB| 720p | x265 | 850M|

| WEBHD | 720p | x264 | 1.7G|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!