Amar Akbar Anthony (2018) | විස්වාසය, ආදරය, ද්‍රෝහිකම…

විශ්වාසය..
මේ ලෝකේ හොඳට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් නියම ආයුධයක්..
සමහරු, අපිට පොලවේ පය ගහල ජිවත් වෙන්න තමන්ට හැකි උපරිම හයිය දෙන අතරේ..
තවත් සමහරු අපිට කකුල් මාට්ටු දානවා..
තවත් අයෙක්, අපේ සාර්ථකත්වයට සුභ පතනගමන් බදාගෙන පිහියෙන් අනිනවා.

අඹ යාළුවො දෙන්නෙක් හිටියා.
ඒ යාළුවො දෙන්නා හැදුනේ, වැඩුනේ, ඉගනගත්තේ හැමදේම කරේ එකට.
එයාලගේ බැඳීම තේරුම් ගන්න පුළුවන් සහකාරියන්ද ඔවුන්ට හම්බුනා..
යාළුකම කියන “විස්වාසය” පදනම් කරගෙන..
අඹ යාළුවො දෙන්නෙක් අඩියෙන් අඩිය ගොඩනගපු අධිරාජ්‍යයක් තිබ්බා.
සතුට කියන දේ..
ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක් වුනා.

නමුත් ඔවුනට..
ආගන්තුක “ද්‍රෝහිකම” අත වැනුවා..
දහසක් කැපකිරීම් මතින් තැනු අධිරාජ්‍යය..
බිඳ වැටුනා..

මේක විස්වාසය ගැන කතාවක්…
කාලයට ඕනම ලොකු තුවාලයක් සුව කරන්න පුළුවන් කියල කියනවා…
ඒත් සමහර තුවාල තියෙනවා…
හදවත නතර වෙනකන් සුව කරන්න බෑ ඒවා…

මේ වසරේ නිකුත් වූ තවත් සුපිරියක් අරගෙනයි අද බයිස්කෝප් නිවහනට මේ ගොඩවදින්න සැරසෙන්නේ. මාස් මහරාජ් රවී තේජාගේ මේ වසරේ නිකුත් වෙච්ච අවසන් චිත්‍රපටය විදිහටනොවැම්බර් 16 වෙනිදා ලොවපුරා තිරගතවීම ආරම්භ කරනා ලද අමර් අක්බාර් ඇන්තනි චිත්‍රපටය සාර්ථක තෙලුගු නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කල Srinu Vaitla ගේ අධ්‍යක්ෂණයක්. තෙලුගු සිනමාවෙන් බොලිවුඩය ජයගත් ඉලියානා ඩි’කෘස් නැවතත් තෙලුගු සිනමාවට වසර හයකට පසු පා තැබීම සිදුවන්නේද මේ අමර් අක්බාර් ඇන්තනි චිත්‍රපටයෙන් වීමද විශේෂත්වයක්. S. Thaman ගේ සප්තස්වර සංගීතයෙන් නොඅඩුව පෝෂණය වන්නා වූ මෙම සලරුව 5.9/10 ක IMDb අගයක් ගැනීමට සමත් වී තියෙනවා. රවී තේජා සහ ඉලියානාට අමතරව Vikramjeet Virk, Tarun Arora, Sunil, Abhimanyu Singh, සහ Sayaji Shinde එහෙමත් මේ සඳහා තම රංගන දායකත්වය එක්කොට තිබෙනවා.

කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. විශ්වාසය, ආදරය, ද්‍රෝහිකම සහ දඬුවම වටා ගෙතුණු කතාවක් තමයි තියෙන්නේ. සමාජයේ වෙන්න පුළුවන් සහ අද කාලයේ උවද සිද්ද වෙන දෙයක් තමයි පදනම් කරගෙන තියෙන්නේ. විස්වාසය කියන දේ ඕනම විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ හෝ නරක ඕනම විදිහට. මං දන්නවා ගොඩක් අය රවී තේජාව දැක්ක ගමන් කියන්නේ “හපෝ මූද ඉන්නේ” කියලා. හැබැයි ඒ අතරේ රූපේ දැක්ක ගමන් මේක නම් හිනාකාලා මැරෙන්න පුළුවන් එකක් කියල හිතන අයත් ඉන්නවා. ඉතින් ඔය එක එක විදිහට හිතන එක එක අය හැමෝටම කියන්න තියෙන්නේ මේක වෙනස්ම චිත්‍රපටියක්. වෙලාවකට අපිව හිනාවෙන් නාවනවා. එහෙම යන ගමන් වෙලාවකට අපිව සංවේදී කරන්නත් මේ චිත්‍රපටිය සමත් වෙනවා. මේ හැමදේම එක්කල මේකේ පිටින් පෙනෙන සුකුරුත්තම නොසලකා හැරලා කතාව අභ්‍යන්තරයෙන් අපිට දෙන පණිවුඩය ගැන හිතල බැලුවම අන්න එතැනදී මේක අපේ හදවතට තට්ටු කරනවා. දිනෙන් දින කුරිරු වෙන මේ සමාජය තුල විස්වාසය කියන සාධකයට තියෙන වටිනාකම මොනවගේද කියල මේක බැලුවම ඔබට තේරෙයි. ඉතින් ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය අරගෙනම බලන්න කියල කියනවා. ඉන්නේ කවුද භාෂාව මොකද්ද, කියල හිතන් නැතුව. කතාව ගැන හිතල අරගන්න. වගකීමෙන් කියන්නම් ඔබ බලාපොරෝත්තු වනවාට වඩා වෙනසක් මේ කතාවේ තියේවි.

ඉතින් හැමදාමත් වගේම අවසාන මතක් කරනවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝමවත් ඇඩ්මින් මඩුල්ලත්. ඒ වගේම එදිනෙදා පිවිසෙන පාඨක ඔබ සැමවත්. මේ එන්නේ නත්තල් මාසය. ඉතින් ඉස්සරහට ගොඩක් චිත්‍රපටි නිකුත් වෙනවා. ටෙලි කතා නිකුත් වෙනවා. නිවාඩු කාලේ නිසා ගොඩක් අය කැමතියි නිවාඩුව සතුටින් ගත කරන්න, පාඩුවේ විඳින්න. ඉතින් සිනමාවට වගේම ටෙලිකතා අවකාශයට නිකුත් වෙන හැම නිර්මාණයක්ම ඔබේ රසවින්දනය වෙනුවෙන් හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න බයිස්කෝප් කණ්ඩායම සැදී පැහැදී සිටිනවා. දිගටම රැඳී සිටින්න කියල ආරාධනා කරනවා. ඒ වගේම ඔබේ රසවින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය කැපකරන උපසිරැසිකරුවන් හැමෝවමත් දිරිමත් කරන්න කියල ඉල්ලනවා. මොකද ඔබේ එක වචනයක් පවා ඔවුන්ගේ විඩාව නිවනට මහඟු ඔසුවක් වනවා නිසැකයි. ඉතින් නත්තල් මාසයේ දිගටම රැඳී ඉන්න. බයිස්කෝප් නිර්මාණ රසවිඳින්න. මේ හැමදෙයකටම අවශ්‍ය ශක්තිය ධෛර්යය බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝටමත් ලැබෙන්න කියලත් පතමින්. මං විසිවෙනවා. ඔබ සැමට ජයෙන් ජය..!!!

විශේෂ ස්තුතිය MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොයුරා හට.

” පොරවට අමතක උනත් තමන් ගසක් කැපු බැව්…
ගසට මතක තියේවි තමන් කැපුවේ මොන පොරවෙන්ද බැව්… “

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| HDRIP | ESub 
| x264 | 700M|

Direct Download

| HDRIP | SD | x264 | 200M|

| HDRIP | Esub | x264 | 400M|

| HDRIP | Esub | x264 | 700M|

| HDRIP | 720p | x265 | 950M|

| HDRIP | 720p | x264 | 1.4G|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!