The Heretics (2017) | නපුරු සිහින දකින්නිය (18+)

හොල්මන් චිත්‍රපටි බලන්න කැමති බයිස්කෝප්වාසී යාළුවො වෙනුවෙන් අරගෙන ආපු වෙනස්ම ආරක කතාවක් තියෙන හොල්මන් ෆිල්ම් එකක් තමයි The Heretics කියන්නෙ. 2017 නොවැම්බර් මාසෙ පළවෙනිදා රිලීස් කරපු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chad Archibald කියන කැනේඩියානු අධ්‍යක්ෂවරයා විසින්. Nina KiriRy BarrettJorja CadenceWill KingNina Richmond යන නළු නිළියන් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. FantasyHorror යන කාණ්ඩවලට අයත් මෙම සිනමාපටය මිනිත්තු 87 ක කාලයක් පුරා දිග හැරෙනවා.

Google පරිශීලනය කරන්නන්ගේ 73% ක ප්‍රේක්ෂක මනාපයක් හා IMDB දර්ශකයේ 4.6 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඒ හැරුණු කොට සිනමා සම්මාන උළෙල තුනකදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහායක නිළිය ඇතුළු සිනමා සම්මාන පහකට වග කියන්නත් මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා.

කතාව පටන් ගන්නෙ තරුණියක් දකින එක්තරා සිහිනයකින්. ඒක ඇය මීට අවුරුද්දකට කලින් සැබෑවටම අත්විඳපු සිද්ධියක්. කිසියම් පිරිසක් ඇයව පැහැරගෙන යනවා. එහෙම පැහැරගෙන ගිය පිරිසෙන් දෙන්නෙක් ඇරෙන්න අනික් හැමෝම සියදිවි නසාගන්නවා. ඒක එක්තරා විදියක බලි යාගයක්. ඒ සිද්ධිය තමයි ඇය හැමදාම රෑට හීනෙන් දැකලා බය වෙන්නෙ. ඒ සිද්ධියෙන් හරියටම අවුරුද්දකට පස්සෙ ඇයව නැවත පැහැරගන්නවා. ඒ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර ෆිල්ම් එක බලලම තමයි හොයාගන්න වෙන්නෙ. තව දෙයක්… ඇයට පෙම්වතියක් ඉන්නවා. කාරණය ඒකම නොවුණත් පොඩිහිටියො නම් මේක නොබලන තරමටම තමයි හොඳ.

වැඩේ නම් මාස දෙකක් තිස්සෙ ඇදුණා. වැඩ රාජකාරි යෙදෙන්නෙත් අපි හිතන වෙලාවට නෙමෙයිනෙ. කොහොමින් කොහොම හරි බාර අරන් මාස දෙකක් සම්පූර්ණ වෙන්න දවස් දෙකක් තියලා තමයි සබ් එක බාර දෙන්නෙ. ඒ ගැන සමාව ඉල්ලන ගමන් හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා. වැරදි අඩුපාඩු පෙන්නලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආදරෙයි හැමෝටම!

“ඇය නපුරු සිහින දකින්නියක්… නපුර ඇය ළඟම ඇති බව නොදන්නා…”

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| Bluray | 720p 
| x264 | 750MB |

Direct Download

| Bluray | 720p | x264 | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!