Baywatch (2017) | රකිමු පණමෙන් වෙරළ!

මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ අය තමයි, සුපිරි ජනප්‍රිය නළු Dwayne Johnson (මිච් බුකෑනන්), සුපිරි කොමඩි නළුවෙක් වගේම මගේ ප්‍රියතම කොමඩි නළුවෙක් වන Zac Efron (මැට් බ්‍රෝඩි), බොලිවුඩයෙන් හොලිවුඩයට සම්ප්‍රාප්ත වූ අපේ Priyanka Chopra අක්කා (වික්ටෝරියා ලීඩ්ස්),Alexandra Daddario (සමර්) ඇතුළු අනෙක් නළු නිලියන්. මේ නමින්ම විකාශය වූ ටීවී කතාමාලාවක් ඇසුරෙන් තමයි ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් කතාව මෙහෙමයි.

මිච් කියන්නේ වෙරලේ සේවය කරන ජීවිතාරක්ෂක නිලධාරියෙක්. ඔය සිංහලෙන් ලයිෆ්ගාඩ් කියලා කියන්නේ. මෙයාට ඉන්නවා මේ වගේ ජීවිතාරක්ෂක කණ්ඩායමක්. මෙයා තමා කණ්ඩායමේ වැඩ බලන්නේ. ඉතින් කවුරුහරි ගිලෙන්න යද්දී නැත්තන් වෙන කරදරයක වැටුනම බේරගන්න එක තමා මෙයාලගේ රාජකාරිය. ඉතින් කතාව ආරම්භවෙන්නේ මෙයාලා වසරකට සැරයක් මෙයාලගේ කණ්ඩායමට අලුතින් සාමාජිකයන් එකතු කරගන්න වාර්ෂික පරීක්ෂණය පවත්වනවත් එක්ක. මේ වෙලාවේ තමා මැට් බ්‍රෝඩි කියන හාදයා වෙරළට එන්නේ. මෙයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී පිහිණුම් ක්‍රීඩකයෙක්. හැබැයි තනිකරම පිස්සෙක්. ඒ පිස්සු වැඩක් නිසාම පරිවාස කාලයකට තමා මෙයා වෙරළට ඇවිල්ලා තියෙන්නේ මිච්ගේ කණ්ඩායමට එකතුවෙන්න. හැබැයි මිච් නම් බ්‍රෝඩිව නිකන්ම කණ්ඩායමට බාරගන්නේ නෑ. බ්‍රෝඩිටත් පරීක්ෂණයට සහභාගිවෙන්න සිද්ධවෙනවා. මේ දේවල් අතරේදී වෙරල ආසන්නයේ සිද්ධවෙන නීතිවිරෝධී දෙයක් ගැනත් මිච්ට ඉව වැටෙනවා. මේ හැමදෙයක්ම එක්ක ලොකු කතාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ නිසා විස්තර කරන්න අමාරුයි. කොහොමත් මගේ පැහැදිලි කිරීමත් අවුල් වගේ.:-(. බොහොම පොඩි දෙයක් විතරයි කිව්වේ. මොකද වැඩියෙන් කිව්වොත් රහකුත් නැතිවෙයිනේ. මේ හැමදෙයක්ම කොමඩියෙන් තමා සිද්ධවෙන්නේ ඉතින්. එහෙනම් මේ ඇති කියලා හිතනවා. කොමඩි ඇක්ෂන් වලට කැමති අයට කියාපු ෆිලුම. එහෙනම් හැමෝම බාගෙන බලන්නකෝ. ගිහින් එන්නම්!

හැමෝටම ජයවේවා!!

සැ.යු. :- මේකෙ මුලින්ම ආවේ සාමාන්‍ය වෙබ් පිටපතක්. ඉතින් ඒකට තමා සබ් එක කරන්න පටන්ගත්තේ.ඉතින් ඒක ඇවිත් පැය ගණනකින් Extended වෙබ් පිටපතක් නිකුත්වුනා. ඒත් කලින් එකට බාගයක්ම වගේ කරලා තිබුන නිසා මං ඒ කොපියටම සබ් එක කලා. ඔය අතරෙදී ඔන්න බී ආර් පිටපතකුත් නිකුත් වුනා. ඉතින් Unrated බී ආර් පිටපතක් නිසා කලින් කරපු එක සම්පූර්ණයෙන්ම කොපි පේස්ට් කරලා අමතර ඒවා නැවත පරිවර්තනය කරන්න සිද්ධවුනා. ඉතින් 2000+ ලයින් ගාණක් ගහලා ඒක ආයෙත් කොපි පේස්ට් කරන එකනම් ඉතින් කියලා වැඩක් නෑ. ඒ නිසා කමෙන්ට් එකක් එහෙම හලාගෙන ගියා කියලා මගේ අහිතක් නෑ ඔන්න. ආ..කලින් ආව වෙබ් පිටපත ගත්ත අය ඉන්න පුළුවන් නිසා ඔන්න ඒකත් මෙතන තියෙනවා. බලන්ට තමා තියෙන්නේ.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | 720P | x264 | 1.2GB | Mkvcage

Direct Download

| Bluray | 480P | x264 | 450MB |

| Bluray | 720P | x265 | 750MB |

| Bluray | 720P | x264 | 1.2GB | Mkvcage

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Baywatch (2017) | රකිමු පණමෙන් වෙරළ!

  • January 30, 2019 at 06:18
    Permalink

    Thank you Very Much

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!