Better Watch Out (2016) | සුරූපිනියක් සහ යක්ස පැටියෙක්

ඔන්න සුපිරිම චිත්‍රපිටියක් තමයි මම මේ අරන් ආවේ, මේක ගැන කියනවනම් මේක අයිති වෙන්නේ,Horror,Comedy,Thriller, ගනයට 2016.10.06 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය වීම ආරම්භ වෙන්නේ, ඉතින් කව්රුවත් හිතුවේ නැති විදිහට එදාම හොද වීඩියෝ පිටපතකුත් අන්තර්ජාලයට නිකුත් වුනා,ඉතින් මේ චිත්‍රපටියට දැනට 6.9ක IMDb අයගක් හිමිවෙලා තියනවා, ඒ වගේම මේ චිත්‍රපටිය මේවන විට සම්මාන 8ක් ලබාගෙන තියනවා, තව එක් සම්මානයක් සදහා නිර්දේෂ වී තිබෙනවා, ඉතින් ජනප්‍රිය අධ්‍යක්ෂ වරයෙක් වන Chris Peckover තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, හොලිවුඩයේ ජනප්‍රිය නළු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායක වෙලා තියනවා… ඉතින් මේක කරන්න ගොඩාක් අමාරු වුනා, කොමඩි ෆිල්ම් වලට සබ් හදන එක කොහොමත් ලේසි නැහැනේ, ඉතින් හිරවුන තැන් වලදි උදව් කරපු අපේ බයිස්කෝප් එකේ “කොමඩි කින්ග්” ඉසුරු දිල්ශාන් සහෝදරයටත්,සොහාන් ජයසූරිය මලයටත් මේ වෙලාවේ ස්තූති වන්ත වෙනවා. එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු..

කතාව ගැන කියන්නම්, මේකේ ප්‍රධාන චරිතේ තමයි ලුක්, ඉතින් එයාගේ දෙමව්පියොන්ට නත්තල් දවසේ රෑ කෑමකට යන්න වෙනවා, ඉතින් මෙයාලා ලුක්ව තනියම දාලා වන්න බැරි නිසා ලුක්ව බලාගන්න ඈෂ්ලි කියන ගැහැනු ළමයට එන්න කියනවා, ඉතින් ඈස්ලි ගැන කියනවනම් හුගාක් ලස්සන හුරැබුහුටි කෙල්ලෙක්( වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් පට්ට කෑල්ලක්), ඉතින් ලුක් හොර රහසෙම මේ ඇෂ්ලිට ආදරේ කරනවා, එත් ඈෂ්ලි එයාට වඩා අව්රුදු පහක් විතර වැඩිමල්, ඇෂ්ලි වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නේ, එයාගේ නම රික්,

ඉතින් මේ ලුක් පොඩි කෙනෙක් වුනාට එයා කරන වැඩනම් පොඩි නැහැ, එයා ඉන්ටනෙට් එක කාපු පොරක්, වචනෙන්ම කියනවනම් සුපිරිම මොල කාරයෙක්, ඉතින් මෙයා ගැරට් එක්ක එකතුවෙලා ඈස්ලිව සෙට් කරගන්න කව්රුත් නොහිතන විදිහේ ප්ලෑන් එකක් ගහනවා, ඈස්ලි ඒකට අහුවෙනවා, එත් ලුක්ගේ අරමුණනම් ඉටුකරගන්න බැරිවෙනවා, ඉතින් මේකේ අන්තිම වෙනකන් බැලන කෙනෙක්ට තේරෙයි, මේ කොල්ලානම් පිස්සු පොරක්, මාරම ගේම් තමයි දෙන්නේ, එහෙනම් මම වැඩිය කියන්න යන්නේ නැහැ, ඔයාලම බලන්න, හිතාගන්නවත් බැරි දේවල් තමයි සිද්ද වෙන්නේ, අන්තිම ටිකනම් පිස්සු හැදෙනවා, මම යනවා. බුදු සරණයි !

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| Bluray | 720p 
| x264 | 650MB |

Direct Download

| Bluray | 720p | x264 | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!