Fantastic Four (2015) | අරුම පුදුම සතර දෙනා නැවතත්

 Fantastic Four (2005) සහ  Fantastic 4: Rise of the Silver Surfer (2007) ලෙස මින් පෙර චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබෙන බව ඔබ දන්නවා.  ඒ චිත්‍රපට දෙක ලොව පුරා ජනප්‍රියත්වයට පත් වීම නිසා Fantastic Four ලෙසින්ම හැඳින්වෙන මෙම චිත්‍රපටය reboot එකක් ලෙසයි නිර්මාණය වෙන්නේ. 2009 වසරේදී තමයි 20th Century Fox සමාගම මෙලෙස චිත්‍රපටයක් නිර්මාණය කරන බව නිල වශයෙන් දැනුම් දෙන්නේ. තිරරචනය සහ නළු නිළියන් තෝරාගැනීම ආදී නොයෙක් කටයුතුවලදී ගැටළු කීපයක් මතුවීම නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ප්‍රමාද වී තිබෙනවා. චිත්‍රපටය තිරගත වන දිනය කිහිප වතාවක්ම වසරකින් පමණ කල් දැමීමට සිදුවී තිබෙනවා. කෙසේ වෙතත් අවසානයේ පසුගිය අගෝස්තු 07 වෙනිදා තමයි තිරගත වීම ආරම්භ කෙරුණේ. පැරණි චිත්‍රපට දෙකෙහි රංගන ශිල්පින් නෙවෙයි අලුත් තරුණ රංගන ශිල්පින් තමයි මේ චිත්‍රපටයට දායක වෙන්නේ.

Reed Richards          ලෙස  Miles Teller
Johnny Storm            ලෙස  Michael B. Jordan
Susan “Sue” Storm   ලෙස  Kate Mara

Ben Grimm                ලෙස  Jamie Bell
Victor von Doom        ලෙස  Toby Kebbell

යනාදී වශයෙන් රංගන ශිල්පින් රංගනයෙන් දායක වෙනවා. 20th Century Fox , Marvel Entertainment සහ තවත් සමාගම් කීපයක් යටතේ තමයි නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. අධ්‍යක්ෂණය Josh Trank විසින්. IMDb අගය සඳහන් වෙන්නේ 4.0 ක් ලෙස.

විශේෂයෙන්ම කියන්න ඕන, මේ චිත්‍රපටය බොහොම හැලහැප්පීම්වලට ලක්වුණ ආන්දෝලනාත්මක සහ අර්බුදකාරී චිත්‍රපටයක් වුණ බව. එහෙත් චිත්‍රපටය නිෂ්පාදනය කරන බව නිවේදනය කළ කාලයේ සිටම සුපරි වීර චිත්‍රපට සිනමාවේ නව බලාපොරොත්තුවක් ලෙසයි ප්‍රේක්ෂකයන් සහ විචාරකයින් මෙය හැඳින්වූයේ. මෙම චිත්‍රපටය සඳහා නිකුත් වූ teaser trailer එක 20th Century Fox ඉතිහාසයේ වැඩිපුරම නැරඹු පුර්ව ප්‍රචාරක පටය ලෙස වාර්තා තැබුවේ ඊට පෙර එම වාර්තාවට හිමිකම් කී  X-Men: Days of Future Past චිත්‍රපටයේ පූර්ව ප්‍රචරක පටය අතික්‍රමණය කරමින්. මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් කළ දෙවෙනි නිල පූර්ව ප්‍රචාරක පටයටද එලෙසම විචාරකයන්ගෙන් සහ ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුවා. එහෙත් චිත්‍රපටයට තිරගත වීමෙන් පසු ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ඇගයීම් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අඩු වූවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර තරමක් සතුටුදායක ලෙස ලැබුණත් චිත්‍රපට විචාරකයන්ගේ දැඩි විවේචනයට මෙම චිත්‍රපටය ලක් වුණා. හොලිවුඩයේ ඇතැම් ආරංචි මාර්ග මඟින් චිත්‍රපටයේ අධ්‍යක්ෂක Josh Trank සහ නිෂ්පාදක Fox සමාගම අතර මතභේද ඇතිවී තිබුණ බවයි දැනගන්නට ලැබුණේ. චිත්‍රපටය අඩක් පමණ නිර්මාණය කර අවසන්ව තිබියදී  Fox සමාගම චිත්‍රපටය මුළුමනින්ම අත්පත් කරගත් බවයි ආරංචි වෙන්නේ. අධ්‍යක්ෂක Josh Trank විසින් එක් අවස්ථාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා චිත්‍රපටය තමාගෙන් සම්පුර්ණයෙන්ම උදුරාගත් බව සහ තමා නිර්මාණය කරන්නට සුදානම් වූ අයුරින් එය නිර්මාණය කළේ නම් මීට වඩා හොඳ විචාරක ප්‍රතිචාර ලබා ගත හැකිවන බවත්. පසුව ඔහු එම ප්‍රකාශය ඉවත් කරගෙන තිබුණා. ආදායම් ඉපයීමෙන්ද එතරම් සාර්ථකත්වයක් පෙන්වා නැහැ. නිෂ්පාදන වියදම නම් ඉක්මවලා තියනවා. මගේ පෞද්ගලික මතය තමයි යම් යම් සුළු අඩුපාඩු තිබුණත් චිත්‍රපටයක් විදියට හොඳ ගුණාත්මක තත්වයකින් යුතුව රස විඳිය හැකි චිත්‍රපටයක් බව. කවුරුන් කෙසේ කීවත් කොතරම් පාඩු ලැබුවත් මෙම චිත්‍රපටයේ දිගුවක් 2017 වසරේදී නිකුත් කිරීමට දැනටමත් කටයුතු සිදුවී හමාරයි. තීරණය ප්‍රේක්ෂක ඔබට භාරයි.

කතාව ගැන කිවුවොත්, රීඩ් රිචඩ්ස් පාසල් වියේ සිටම උත්සාහ කරන්නේ දූරවිස්ථාපනය (ටෙලිපෝට්) කළ හැකි යන්ත්‍රයක් නිෂ්පාදනය කරන්න. එහෙත් පාසලෙන් හෝ වෙනත් කිසිම තැනකින් ඔහුට කිසිදු උපකාරයක්, දිරිගැන්වීමක් ලැබෙන්නේ නෑ. එක්තරා විද්‍යා ප්‍රදර්ශනයකදී අහඹු ලෙස බැක්ස්ටර් නම් සමාගමේ ෆ්‍රෑන්ක්ලින් ස්ටෝම් සහ ඔහුගේ දියණිය වන සූසන් ස්ටෝම්ව  රීඩ්ට  මුණ ගැසෙනවා. රීඩ්ගේ හැකියාව හඳුනා ගන්නා ෆ්‍රෑන්ක්ලින්, ඔහුට බැක්ස්ටර් සමාගමේ ශිෂ්‍යත්වයක් ලබා දී රීඩ්ගේ පර්යේෂණයට සහයෝගය ලබා දෙනවා. ඒ වන විටත් රීඩ්ගේ පර්යේෂණයෙන් අඩක් පමණ බැක්ස්ටර් පදනම මගින් සොයාගෙන අවසන්. ඔවුන් රීඩ්ගේ සහය ලබා ගන්නේ පර්යේෂණය සම්පූර්ණ කර ගැනීමටයි. ඔවුන්ගේ ව්‍යාපෘතිය මගින් අත්හදා බලන්නේ වෙනත් මානයකට, වෙනත් සමාන්තර ලෝකයකට මිනිසුන් යැවීමයි. අවසානයේ පර්යේෂණය සාර්ථක කරගන්නා රීඩ්ගේ කණ්ඩායමේ බලාපොරොත්තුව වන්නේ ප්‍රථමයෙන්ම නව මානයට පා තබන මිනිසුන් ලෙස ඉතිහාසයට එක්වීමයි. එහෙත් එම ව්‍යාපෘතියට ආයෝජනය කරන සමාගමේ අදහස් ඊට ගැලපෙන්නේ නැහැ. ඒ හේතුවෙන් රීඩ්, සූසන්ගේ සොහොයුරා වන ජොනී ස්ටෝම්, රීඩ්ගේ මිතුරෙකු වන බෙන් ග්‍රීම් සහ වික්ටර් වොන් ඩූම් රහසේම නව ලෝකයට පා තබනවා. එහිදී සිදුවන අනතුරකින් වික්ටර්ව එහි තනිකර නැවත පෘථිවියට ඒමට අනෙක් සගයන්ට සිදු වෙනවා. එහිදී නව ලෝකයේ පාරිසරික තත්ත්ව මත රීඩ්, බෙන් සහ ජොනී නැවත පැමිණෙන්නේ අසාමාන්‍ය ශාරීරික තත්ත්වයන් යටතේයි. ඔවුන් නැවත පැමිණීමේදී ඇතිවන පිපුරුමෙන් ඇතිවන බලපෑමෙන් සූසන්ටද අනෙක් අයට මෙන් අසාමාන්‍ය ශාරීරික තත්වයන් ඇතිවෙනවා. වික්ටර්ට මොනවා වුණාද කියලා කවුරුවත් දන්නේ නෑ. ඔය ඇතිනේ.ඉතුරු ටික ඔයාලාට.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| Bluray | 720p 
| x264 | 590MB |

Direct Download

| Bluray | 480p | x264 | 380MB |

| Bluray | 720p | x264 | 590MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!