Fantastic 4: Rise of the Silver Surfer (2007) | අරුම පුදුම හතරදෙනා නැවතත් කරලියට.

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න. මේක මගේ පළවෙනි සබ් එක නිසා මට මේක ඉවර කරන්න ටික කාලයක් ගියා. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා. මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. චිත්‍රපටය හොඳින් තේරුම් කරන අදහසිනුයි එහෙම කළේ. ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒවට සමාවෙන්න. මේකෙ හොද නරක ගැන පුංචි comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනව නම් මේක 2007 වසරේ නිකුත් වුණු Action/Fantasy/Sci.fic ගණයට වැටෙන චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 5.6 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Tim Story විසින් සිදුකර තිබෙනවා. ඔහු Fantastic four(2005), Think Like A Man (2012), Ride Along (2014) වැනි සුපිරි චිත්‍රපට වල අධ්‍යක්ෂකයා ලෙස ද කටයුතු කළා.

මෙහි නළුනිළියන් වන්නේ,

Ioad Gruffndd (රීඩ් රිචඩ්)
Jessica Alba (සූසන්)
Chris Evans (ජොනී)
Michael Chiklis (බෙන්)
Doug Jones (සිල්වර් සර්ෆර්)
Julian Mcmahon (වික්ටර් වොන් ඩූම්)

මම හිතනවා මේකෙ පළවෙනි ෆිල්ම් එක හැමෝම බලලා ඇති කියලා. ඒනිසා මම කතාවටම බහින්නම් ග්‍රහලෝක ආහාරයට ගන්න ගැලැක්ටස් කියන කෙනා පෘතුවියත් විනාශකරන්න එයාගෙ සේවකයෙක් වන සිල්වර් සර්ෆර්ව පෘතුවියට එවනවා.එතනින් තමයි කතාව පටන්ගන්නෙ.එයාගෙ බලපෑම නිසා පෘතුවිය පුරා විවිධ විපර්යාස සිද්ධ වෙනවා. මේ අතරේ වොන් ඩූම් නිදහස් වෙනවා.ඩූම්ට ඕනි වෙනවා සර්ෆර්ගෙ බලමූලය ලබාගෙන බලවත් වෙන්න.සුපිරි හතර දෙනා මෙයාලව නවත්වන්න කරන සටන තමයි ෆිල්ම් එක පුරා දිවයන්නෙ.ඒ වගේම රීඩ් හා සූසන් විවාහ වෙන්න “දරන උත්සාහය”ත් අපිට මේ ෆිල්ම් එක පුරාම දැකගන්න පුළුවන්.(මම “දරන උත්සාහය” කියන වචනෙ පාවිච්චි කළේ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බලනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි).මොනව වුණත් සිල්වර් සර්ෆර් එයාගෙ නායකයගෙ අණ පිළිපදින්නෙ එච්චර කැමැත්තකින් නම් නෙමෙයි.ඒක එහෙම වෙන්නෙ ඇයි කියලත් ඔයාලට මේක බලද්දි තේරුම් යයි.

සිල්වර් සර්ෆර් එයාගෙ රාජකාරිය හරියට ඉටු කරයිද? මේ අභියෝගය ජයගන්න සුපිරි හතර දෙනාට හැකිවෙයිද? ඩූම් මොනව කරයිද? රීඩ් සහ සූසන්ගෙ කසාද බඳින්න “දරන උත්සාහය”සාර්ථක වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකකින් හමුවෙනකම් හැමෝටම ජයවේවා!

ඒ වගේම ලිපිය සැකසීමේදි උදව් කරපු සොහාන් සොහොයුරාටත්, මට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| Bluray | 720p 
| x264 | 550MB |

Direct Download

| Bluray | 480p | x264 | 370MB |

| Bluray | 720p | x264 | 550MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!